ඩබ්ලිව් ඒ පියතිලක සහ සමන් විජය බංඩාර
හිඟුරක්ගොඩ ප‍්‍රාදේශිය සභා ඡන්ද කොට්ඨාශයේ ඡන්ද මධ්‍යස්ථාන කිපයක් ඉදිරිපිට මාර්ගයේ දෙපස පක්ෂ ලංඡනය ඉදිරියෙන් කතිරය සඳහන් කරන ලද පක්ෂ කිපයක කුඩා අත් පති‍්‍රකා දමා තිබී හිගුරක්ගොඩ විශේෂ මැතිවරණ පොලිස් එකකය ඉවත් කළ බව එම ඒකකය පවසයි.
මෙවැනි සුඑ සිද්ධීන් හැර මේ දක්වා කිසිදු ප‍්‍රචන්ඩකාරී සිදුවිම් කිසිවක් සිදු නොවු බවත් ඡන්ද දායකයින් සාමකාමී ලෙස කිසිදු බාධාවකින් තොරව නිදහසේ ඡන්ද මධ්‍යස්ථාන කරා පැමිණ ඡන්දය පාවිච්චි කරන බව හිගුරක්ගොඩ විශේෂ මැතිවරණ පොලිස් ඒකකය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මීට අමතරව අත්පත‍්‍රිකා සහ පොස්ටර් රැසක් මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේදී ද දැක ගත හැකි විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලල්ගොඩ වීරමාවතේ හරස් පාරෙත් දාලා තිබුණේ... අපි ඉතින් පාගාගෙන ගියා.. වෙන මොන්වා කරන්නද?