(සිරංගිකා ලොකුකරවිට)

දැඩි සුළං තත්ත්වය හේතුවෙන් පසුගිය බදාදා (29) ආපදාවට ලක්වූ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 23ක් සඳහා රුපියල් 10,000 බැගින් වන්දි අත්තිකාරම් මුදලක් ප්‍රදානය කිරීම අද(1) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදුකෙරිණි.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා තත්ත්වය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවක් අතරතුර මෙම මුදල් ප්‍රදානය සිදුවිය.

මෙයට අමතරව ආපදා හේතුවෙන් මියගිය ගාල්ලේ ධීවරයින් තිදෙනා සඳහා ද රුපියල් 100,000 බැගින් වන්දි මුදල් ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ඔවුන්ගේ නිවෙස්වලට ගොස් භාරදීමට කටයුතු කර තිබිණි. මියගිය ධීවරයකු වෙනුවෙන් නියමිත රක්ෂණ මුදල් ලබාදීමට පෙර මෙම මුදල අවමංගල්‍ය කටයුතු සඳහා අත්තිකාරමක් ලෙස ලබාදෙන බව ද ස්වදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේය.