(විනීතා එම් ගමගේ)
ආනයනික සහල් මිලදී ගෙන දේශීය සහල් ලෙස හැඟවෙන පරිදි මලුවල යොදා විකිණීමේ ජාවාරමක් ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළේය.
අඩු මිලට ජනතාවට ලබාදීම සඳහා ආනයනය කරන සහල් වැඩිපුරම මිල දී ගන්නේ සහල් මෝල් හිමියන් විසින් බව ආනයනකරුවන් පවසන්නේ යැයි ද හෙතෙම කීවේය.
ඉන්දියාවෙන් ගෙනෙන සහල් ඉතා හොඳ තත්ත්වයේ ඇති නමුත් දේශිය සහල් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ගේ ඇති උනන්දුව නිසා මේ තත්ත්වය ඇති වී ඇත්තේ යැයි ද අමාත්‍යවරයා කීය.
පරිප්පු හා පොල්වලට උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය තීරණය කර ඇතැයි කී අමාත්‍යවරයා මේ පිළිබඳ ඊළඟ කැබිනට් රැස්වීමේ දී සාකච්ඡා කරන බව ද පැවැසීය.
පරිප්පු තොග මිල මේ වනවිට රුපියල් 110 පමණ වන නමුත් තවමත් සිල්ලර මිල රුපියල් 150 ක් පමණ වන්නේ යැයි ද පොල් රුපියල් 100 ක් පමණ වන්නේ යැයි ද පැවැසු අමාත්‍යවරයා පොල් මිල පිළිබඳ පළවන මාධ්‍ය වාර්තා අනුව වෙළෙන්දන් මිල වැඩි කරන බව ද කීය. පොල් මිල වැඩි වන්නට මාධ්‍ය වාර්තා හේතු වන බව ජීවන වියදම් කමිටුව පෙන්වා දුන් බව ද හෙතෙම සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද(23) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
2025 දෙසැම්බර් මස 18
127
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සහල් ජාවාරමක් ගැන අමරවීර කියයි
Bamunuaeachchi Thursday, 23 November 2017 01:56 PM
ඕවා හොයන්න ගිහිල්ලා ජොබ් එක නැති කරන්න එපා.