IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සහන කටයුතුවල යෙදී සිටි හිමිනමකට මරණ තර්ජන

(සිරි නන්දසිරි)
 

මුණිහින්කන්ද නාය යාමෙන් හා කුකුලේ ගඟ ගැලීමෙන් විපතට පත් ජනතාවට සහන සලසමින් සිටි කොස්ගුලන ගංගාරාමාධිපති වලකඩ මහින්දතිස්ස හිමියන්ට ප්‍රාදේශීය දේශපාලනඥයකු මරණ තර්ජන කළ බව කියමින් ඒ හිමියෝ බදුරලිය පොලිසියේ පැමිණිල්ලක් කර ඇත.

කොස්ගුලන සහ කොළඹැව අවතැන් ජනතාවට ආධාර කරන්නට ඉදිරිපත් නොවන්නේ ඇයි දැයි අදාළ දේශපාලනඥයාගෙන් ඒ හිමියෝ විමසා ඇති අතර ඊට කෝපවූ ඔහු මහින්දතිස්ස හිමියන්ගේ අතින් ඇද පහරදීමට ද උත්සාහ කර ඇතැයි පැමිණිල්ලේ සඳහන්වේ.

බදුරලිය පොලිසියෙන් මේ පිළිබඳ කළ විමසීමේදී පොලිසිය පැවසූයේ මහින්දතිස්ස හිමියන් පැමිණිල්ලක් කර ඇති බවත් දෙපාර්ශවය කැඳවා සිද්ධීය සමථයකට පත් නොවන්නේ නම් තර්ජනය කළ දේශපාලනඥයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.



අදහස් (4)

සහන කටයුතුවල යෙදී සිටි හිමිනමකට මරණ තර්ජන

nimallalitha Tuesday, 30 May 2017 06:39 AM

ප්‍රදාන ප්‍රශ්නය මේ නොවේ. මේ අමනයාට නාම යෝජනා බාර දීමට ඉඩ දෙන දෙසපාලු නායකයන් සිටීම සහ ඔහුට චන්දය දෙන අමන දේසපාලන ගැත්තන් සිටීමය.

:       0       21

Sriyani Mangalika Tuesday, 30 May 2017 03:40 PM

දේවදත්තයෝ එදා මෙන්ම නොයෙකුත් වෙස්ගෙන අදත් සිටිති.

:       1       17

jayantha Wednesday, 31 May 2017 08:32 AM

nimallalitha, ඔබේ අදහසට මම සම්පුර්ණයෙන් එකඟයි

:       0       10

sathyayaa Wednesday, 31 May 2017 11:26 PM

ඔය කියන දෙස්පාලකයාට නිසි පියවරක් ගන්න කවුරුවත් ඔතන හිටියේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site