IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සිසුවාට පොලිසිය පහරදුන්නාදැයි සොයයි

(රේඛා තරංගනී ෆොන්සේකා)

සිසුවකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොරටු පොලිසියෙන් අත්අඩංගුවට ගත් සැකකාර පාසැල් සිසුවාට මොරටු පොලිසියේදී පහරදීමක් සිදුවී ඇතිදැයි සොයා බැලීමට අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(11) නියෝග කළේය.      

එකම පාසැලේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙක් අතර කඨින පිංකමකදී සිදු වු බව කියන ගැටුමකදී සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් සිසුවා අද අධිකරණයට ඉදිපත් කළ අවස්ථාවේ විත්තිකාර සිසුවා වෙනුවෙන් පෙනී සිටි නිතිඥ ආර්. මනෝජ් ගමගේ මහතා අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස ඉල්ලීමක් කළේය.

10 වසරේ ඉගෙනුම ලබන බව කියන සැකකාර සිසුවා 11 වසරේ ඉගෙනුම ලබන සිසුවකුට පහර දී ඇති බවත් තුවාල ලැබු සිසුවා පානදුර මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

පසුගිය බදදා (10) සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ සිසුවා අත්අඩංගුවට ගත් දිනයේම අධිකරණයට ඉදිරිපත් කිරීමට කාලය තිබුනද  එසේ නොකර 11 වැනිදා තෙක් සිසුවා පොලිසියේ රඳවා ගැනීමෙන් මානසිකව ළමා හිංසනයටද ලක්ව ඇති බවද නිතිඥවරයා අධිකරණයට දැන්වීය.

අධිකරණයට ඉදිරිපත් වූ සියලු කරැණු සැලකිල්ලට ගනිමින් මොරටුව ප්‍රධාන මහේස්ත්‍රා ඉවෝන් ප්‍රනාන්දු මෙනෙවිය මොරටු පොලිසියට තරයේ අවවාද කර සැකකාර සිසුවා ඇප මත මුදා හළ අතර සිසුවාට පහරදීමක් සිදු වුවේද යන්න සොයා බැලිමට අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස ද  නියෝග කළාය.

කාලය තිබියදීත් සැකකාර සිසුවා පෙරදින අධිකරණයට ඉදිරිපත් නොකළේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරිය  විමසු අවස්ථාවේ පැහැදිළි පිළිතුරක් ලබා දීමට පොලිසිය අසමත් විය.

සැකකාර සිසුවාගේ පහර කෑමට ලක් වූ බව කියන සිසුවාගේ හිස සහ මුහුන ප්‍රදේශය තුවාල වී ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වීය. 



අදහස් (3)

සිසුවාට පොලිසිය පහරදුන්නාදැයි සොයයි

පිටබැද්දර ජයකොඩි Wednesday, 11 October 2017 11:16 AM

අහෝ! බල්ලා ලකුණට ගිය ලංකාවේ පොලිසිය.

:       0       97

Jayampathi Wednesday, 11 October 2017 12:43 PM

අපි පොඩි කාලේ පොලිසියට සහ නීතියට බයක් තිබුණා. දැන් දැන් පොලිසියට වෙලා තියෙන්නේ සියලු දෙනාට බයවෙලා ඉන්න. පොලිසියට අපරාධ කාරයෙකුට පහරක් දෙකක් ගහන්නත් බලයක් තිබිය යුතුයි.

:       132       13

sumanapalaWednesday, 11 October 2017 10:44 PM

ඒ පහරක් දෙකක් වදින පුද්ගලයා ඔය වෙන්න කියල මම පතනවා.

:       0       101

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 718 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site