නයනජිව බන්ඩාර
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අංක 08/2017 දරන කැබිනට් පති‍්‍රකාව මගින් මහවැලි අධිකාරියට හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජයේ වනාන්තර ඉඩම් වලින් සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පස්, කළුගල්, බොරලූ හා වැලි ලබා ගැනීමට 2017 මාර්තු 21 වැනි දා කැබිනට් අනුමැතිය ලබා දී ඇතැයි පරිසර සංරක්ෂණ භාරයේ සජිව චාමිකර මහතා පෙන්වා දෙයි.
සංවර්ධන කටයුතු සදහා මෙන්ම යටිතල පහසුකම් ගොඩනැංවීමේ දී භාවිතා වන මෙම අමුද්‍රව්‍ය වලට අධික ඉල්ලූමක් පවතින බැවින් රක්ෂිත ලෙස ප‍්‍රකාශයට පත් නොකළ රජයේ වනාන්තර ඉඩම් වලින් මේ ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව ඒ මහතා පවසයි.
වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියට අනුව යෝජිත රක්ෂිත හා රජයට අයත් වනාන්තර බිම් අවශේෂ කැලෑ ලෙස පාලනය වේ. එම වගන්තියට අනුව රජයේ අවශේෂ වනාන්තරයක පස්, වැලි, බොරලූ හා කළු ගල් කැනීම නීති විරෝධී ක‍්‍රියාවකි.
COMMENTS
තිරසාර සංවර්දනය වැනි සංකල්ප අපේ රටට කවද ක්‍රියාත්මක වේද? පස් හෝ ගල් බොරළු ටිකකට අවුරු සිය දහස් ගණනක් හැදී වැදුන වනාන්තර විනාස කිරීම අනුවණ පාලකයන් සහ නිවට ජනතාවකගේ ලකුණකි.
මේ කැලෑවල ගස් එහෙමත් තියෙනවා නේද? අනේ මටත් ආසාවෙ බෑ සංවර්ධන වැඩක් පටන් ගන්න.
පස් කපන්න ඊට උඩින් තියෙන ගස් කපන්න එපැයි. අනේ හැබෑට අපේ පාලකයන්ගේ මොලේ.
තිරසාර සංවර්දනය වැනි සංකල්ප අපේ රටට කවද ක්‍රියාත්මක වේද? පස් හෝ ගල් බොරළු ටිකකට අවුරු සිය දහස් ගණනක් හැදී වැදුන වනාන්තර විනාස කිරීම අනුවණ ක්‍රියාවක් දැන් රක්ෂිත වල තිබෙන ගස් වල සියල්ලම විනාස කරයි මේකට පරිසරය සුරැකීම ජනපති මේ දේවල් වටහගන්නේ කවදාද ?
මීට වැඩිය හොඳයි කැළෑ ටික කපල දැම්මනම් එකපාරම
අනේ ලංකාවේ සංවර්ධනය නොවූ වැව් කොච්චර තියෙනවාද ඇයි එව්වා සංවර්ධනය කරලා හාරලා පස් වැලි ගන්න බැරි...
මෙහෙම නායකයෝ මොනවටද ? රටේ ඉතිරි කැලේ ටිකත් කපාගෙන අපේ රට කාන්තාරයක් කරන්න හදන්නේ . ඡන්දෙට කලින් අඩ අඩා කතාකලේ රට සංවර්දන කරන්න, දේශීය සම්පත් රකින්න . මෙඅයට අපේ ඡන්දදායකයෝ රැවටුන
ලංකාවේ ඉන්න ඇමතියෝ ලෝකේ වටේ රවුම් ගහනවා,චීනෙත් යනවා මේ මිනිස්සුන්ට පෙනෙන්නේ නැතිද දන්නේ නැහැ වෙලා තියෙන පරිසර දුෂණය නිසා මිනිස්සු ජීවත් වෙන විදිය ,ආණ්ඩුවෙන් එලාර්ම් එක ගැහුවොත් සියල්ල වහල දාල යන මට්ටමකට වායු දුෂණයක් වෙලා තියෙන බෙයිජින්ග් එහෙම ගිහින් ඇවිත් එවැනි තත්වයක් අපේ රටේ ඇති නොවෙන්න වගබලාගන්නවා වෙනුවට මේ රටේ තියෙන පරිසරය විනාශ කරනවා. පස්කාරයින්ට ආණ්ඩුවේ කැළෑ දුන්නහම නරියට කුකුල්ලු බාර දුන්න වගේ තියෙයි.
අනේ මගේ කට !!! මෙච්චර කල් බෝර දමල කළුගල් කඩලා, ලස්සන ගංගාවල පතුල හූරගෙන වැලි ටොන් ගණන් මහා පරිමාණයෙන් අති විශාල ට්‍රක් මගින් රට පුරාම ප්‍රවාහනය කර, පස් එකතු කිරීම සඳහා අපේ ලස්සන කඳුවැටි පොළොවට සමතලා කරේ රජයේ කාගෙන් අවසර අරගෙනද ? මෙහෙම ගියොත් පස්, වැලි, කළුගල් එහෙමත් ආනයනය කරන්න වෙන්නෙත් චීනෙන්ම තමා !!!
මෙහෙමට ගියොත් ලංකාව සහරා කාන්තාරය නෙමේ ලංකා කාන්තාරය කියල භූගෝල විද්‍යාවට ඇතුල් වෙනවා
මෙවන් තීරණ ගන්න නරින්ට හෙන ගහනවා
මේ වගේ කාලකන්නි මෝඩ පාලකයෝ සිටින රටකට අනාගත පරපුර සදහා දිය හැකි කිසිවක් නොමැත ,,,,,,මේ පරිසරයට කරන විනාශයට ,,,, මේ කාලකන්නි දේශපාලුවෝ රැල ලබන ආත්මයේ අවීචි මහා නරකාදියේම උපදීවා කියලා ප්‍රර්ථනා කරනවා ඇරෙන්න අපට වෙන කල හැකි කිසිවක් නැත ,,,,,,,