සුමතිපාල දීයගහගේ
හබරාදුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම අද (10) පැවති හබරාදුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට කඩා වැදී පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කොට ඇති චක්‍ර ලේඛනයට විරෝධය පලකිරිම නිසා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව දින
නියමයක් නැතිව කල් තබනු ලැබීය.
මෙතෙක් කල් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ප්‍රාදේශීය සභාවේ සියලුම මන්ත්‍රීවරුන්ට සහභාගීවීමට අවස්ථාව ලැබුණ නමුත් මින් ඉදිරියට එක් පක්ෂයකින් එක් මන්ත්‍රිවරයකු පමනක් සහභාගී කරවන ලෙසට ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිකුත්කර ඇති චක්‍ර ලේඛයකට විරෝධය පල කිරිම අද සිදු විය.
හබරාදුව ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති හබරාදුව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක නීතිඥ තාරක නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද (10) පස්වරු 1.45 ට පමන මෙම රැස්වීම ආරම්භ විය.



2025 දෙසැම්බර් මස 30
151
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
770
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
376
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ස්වදේශ කටයුතු අමාත්‍යංශ චක්‍රලේඛයට පොහොට්ටු මන්ත්‍රීන්ගේ විරෝධය