IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සිව්දෙනකු මැරුවැයි තරුණයකුට මරණ දඬුවම් හතරක්

(උපාලි ආනන්ද)

ඵප්පාවල සදරැස්ගම එකම පවුලේ සිව්දෙනකු අත් පොරවකින් කපා කොටා ඝාතනය කරනු ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පවුලේ ඥාති පුත‍්‍රයකුට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල  තිලකරත්න මහතා අද (21) මරණ දඬුවම නියම කළේය.
 
මෙසේ මරණ  දඩුවම නියම වූයේ එකම පවුලේ පියාට, මවට ,දියණියට සහ පුතාට අත් පොරවකින් කොටා ඝාතනය කළැයි අධිචෝදනා ලබා සිටි එප්පාවල ඇදගල මිහිදුපුර පදිංචි විතානගමගේ දිනූක ලක්මාල් නැමැති 28 හැවිරිදි තරුණයකුටය

විත්තිකරුට මරණ දඩුවම නියම කරමින් මහාධිකරණ විනිසුරු තිලකරත්න මහතා පැවසුවේ විත්තිකරු මනුෂ්‍ය ඝාතන හතරක් සිදු කර ඇති බවට  ඔප්පු කළ හැකි ඇසින් දුටු සාක්සි කිසිවක් නොමැති  බවයි.එහෙත් විත්තිකරු මෙම  අපරාධය සිදු කළ බවට පරිවේෂණීය සාක්ෂි මගින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී  ඇති බව විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව මනුෂ්‍ය ඝාතන හතරක් සිදු කළ බවට  විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නගා ඇති අධි චෝදනා සියල්ලට විත්තිකරු වරදකරු බවට තමා නිගමනය  කරන බවද විනිසුරුවරයා පැවසීය.

අධි චෝදනා හතරට වෙන් වෙන්ව විත්තිකරුට මරණ දඩුවම් හතරක් නියම කෙරිණ.2010 වසරේ ජූලි මස 11 වන දින හෝ ඊට ආසන්න දිනයක මෙම අපරාධය සිදුව තිබුණි.

 



අදහස් (3)

සිව්දෙනකු මැරුවැයි තරුණයකුට මරණ දඬුවම් හතරක්

SARA Thursday, 21 September 2017 08:21 AM

හතරෙන් එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ... එ්කනේ මේ තරම් අපරාද සිද්ද වෙන්නේ ලංකාවේ...

:       0       28

Hafeel Thursday, 21 September 2017 10:58 AM

මෙයාටත් බණ්ධනාගාර රෝහලට ඇතුලත් වෙන්න සුදුසුකම් තියනවද?

:       0       4

raheem Thursday, 21 September 2017 04:14 PM

එක මිනිහෙකුට හතර වතාවක් මැරෙන්න පුළුවන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site