(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කොළඹ මහාධිකරණයෙන් වසර තුනක සිර දඩුවම් නියමව සිටින හිටපු හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන අය විසින් ගොනු කළ අභියාචනාවලට අදාල ලිඛිත දේශන සැප්තැම්බර් මස 05 වැනිදා ඉදිරිපත් කරන අභියාචනාධිකරණය අද (11) පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශව වලට නියෝග කළේය.
ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට විසින් ඉදිරිපත් කළ එම පෙත්සම් අද(11) දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයට රුපියල් මිලියන 650 ක පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට වැරදිකරු කෙරුණු හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් හා දඩ නියම කළේය.
එම දඬ මුදල් හා සිර දඩුවම් නියම කර ඇති ආකාරය නීති විරෝධී යැයි පෙන්වා දෙන අභියාචනා ඉදිරිපත් කරන පෙත්සම්කරුවන් එම දඬුවම අහෝසි කර තමන් ව සියලූ චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ එතකොට අර වහන්නේ නැතුව නඩු අහනවා කියල කිව උසාවී? ඒකටත් "ඇලෝසියස් භීතිකාව " වැහිලද?
ඔය නඩුව 2020 වෙනකම්ම ඇදගෙන යන්න, අනිත් මහා නඩුව
සිදුහත් කුමාරයා අවුරුදු ගණනාවක් පෙරුම් පුරලා, දුෂ්කරක්‍රියා කරලා තමයි බුද්ධත්වයට පත්වුනේ. බුදුසිවුර, සිල් රෙද්ද එක්ක සෙල්ලම් කළොත් සොබාදහම ඔවුන්ට පිටු පානවා.
සිල්රෙද්ද පවා චන්ද අල්ලස් සඳහා භාවිතා කල නායකයා දැන් එලියට ඇවිල්ලා රට අරාජික වෙලා යයි පවසන එක පට්ට විහිළුවක් ..