ක.ග කරුණාරත්න
සැලසුම් සහ ඇස්තමේන්තු සකස් කිරීමේදී රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන රටට ඔරොත්තු දෙන ආකාරයට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(26) පොළොන්නරුවේදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
රට වශයෙන් ආර්ථිකය කළමනාකරණය කරගන්නේ කෙසේද යන්න අප කල්පනා කළ යුතුව ඇතැයිද ජනාධිපතිවරයා කීවේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ අද(26) පෙරවරුවේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේ මුලසුන හොබවමිනි.
COMMENTS
සුරංගනා කතා අහල ඇති වෙලා තියෙන්නෙ
අනේ අම්මපා ඔය කියන දේවල් අවුරුදු 3 ක් තිස්සෙම ළදරු පාසල් ගිය අය වෙන්න ඇති හදල තියෙන්නේ. ඒ නිසානේ දැන් මතක් වෙලා තියෙන්නේ හීනෙන් බයවෙලා වගේ
ශ්‍රී ලාංකිකයෙකුගේ ණය ලක්ෂ 4 ඉක්මවයි... කියන ලංකාදීප ප්‍රවෘත්තිය මෙතුමා දැකලා පත්තරෙන් එහෙනම්...
මෙතුමා ගැන අපට හරිම කණගාටුයි. මෙතුමාගේ ප්‍රකාශ අද ජනතාවට වටිනාකමක් නැත.
ඇත්ත කතාව. මෙතුමලා කියන විදියට කලින් තිබුණු ආණ්ඩුවට වඩා මෙයාල රට සංවර්ධනය කරලා තියෙන්නේ. ඒක නිසා මෙතෙක් කලාට වඩා විශාල සංවර්ධන වැඩ පටන්ගත යුතුයි.
මේක දැන්ද කියන්නෙ? කෝච්චිය ගියාට පස්සෙ කොච්චර විසිල් ගැහුවත් වැඩක් නෑ.
මෙච්චර කල් සැලසුම් හදද්දී මොනවා ගැනද දන්නේ නෑ හිතුවේ.
වැඩිය කතා මොකටද මේ මැති ඇමතිලට ගෙන්වන කෝටි ගණන් වටිනා වාහන ගෙන්වීම නතර කරගන්න බැරිද
මම නම් බලාගෙන ඉන්නේ ඔබතුමා...මම ඉතින් යන්න යනවා...මට යන්න අවසරයි...මට අරන් යන්න ඇත්තේ... ඔබෙ නොසතුට පමණයි...සින්දුව ළඟදීම කියනකන්.
මේක ඉතින් අමුතුවෙන් උපදෙස් දෙන්න ඕන දෙයක්ද? ඕනෑම රටක විය යුත්තේ ඔය ටිකම නොවේද? එතකොට මෙච්චර කාලයක් ඔය නිලධාරීන් මේ ගැන දැනගෙන ඉඳලා නැද්ද? ජනපතිතුමත් මේක කොහෙන් හරි පත්තරයකින් වත් කියෙව්වා වත්ද?
සංවර්ධනය කෙසේ වෙතත් අවුරුදු තුනකින් පසු හෝ රජයේ වියදම ජනතාවට ඔරොත්තු නොදෙන බව තේරුම් ගතයුතුයි. එසේම නව ක්‍රමය යටතේ ප්‍රාදේශීය සභාවල මන්ත්‍රී ගණන වැඩි කළේ තවත් ජනතාවට ණය බර පටවන්නද?
බොරු අහලා අහලා අපිට ඇතිවෙලා
පාලන කාලෙන් 60% ක් ඉවරවෙලා, තවම සැලසුම් හදන හැටි ගැන උපදෙස් දෙනවා
කියන්නත් දෙයක්යැ... එ්ක තමයි දැනටමත් කරන්නේ! ඔය ලොක්කෝ කවුරුත් සැලසුම් ගහන්නේ ආර්ථිකේ - තම තමන්ගේ ආර්ථිකේ - ගැන හිතලා විතරයි!
කෝප් වාර්තාව යට ගහන්න 2015 පාර්ලිමේන්තුව විසිරුවලා රටේ අාර්ථිකය විනාශ කළ බැඳුම්කර හොරු රැලේ නායකයා අාරක්ෂා කළා. අපූරුයි දන්න අාර්ථිකේ...
මෙච්චර දවසක් එහෙනම් කරලා තියෙන්නේ වෙන මොනවහරි හිතලා වෙන්නැති.
ආයේ මොන ආර්ථිකයක් ගැනද නිලධාරීන්ට හිතන්න කියන්නේ?
ඔබ වැනි දුෂ්ට පාලකයෙක් ලෝකයේ නැත හොර තක්කඩියන් ඉදිරියේ නිවටයෙකු ලෙස හැසිරෙමින් .මාධ්‍ය ඉදිරියේ බොරු සංදර්ශන කරමින් ඔය කරන විගඩම නතර කරන්නේ කවදාද?ආර්ථිකයක් ගැන හිතන්න කියන්න ඔබට කිසිම සදාචාරයක් නැත.ඒ මොකද යත් ආර්ථිකය කාබාසිනියා කරන්නට ඔබ මුල්වී ඇත.ඔබට විදේශයන්ගෙන් ලැබෙන ඩොලර් මළුවලට වහල් වී ඔබ මේ රට විනාශ කරනවා.ඒ නිසා තමයි ඔබ රනිල්ට ඒ වැඩ පවරා තියෙන්නේ.ඔබ ආර්ථිකය ගැන දන්නා කෙන් ගෙඩියක් නැත.තමා සම්මතයෙහි පිහිටා ඔවා දෙනු පරහට.කුමන්ත්‍රණ කොට ලබාගත් ඔය තනතුර කරන්ට පුළුවන් කෙනෙකුට ඉඩ දී යනු.
සැලසුම් හදන්න බැරි වෙයි එහෙනම්. මොක්ද හිත්න්න තරම් ආර්ථිකයක් නෑනෙ?
මෙය දන්නා ආර්ථිකේ. චතුරිකා නම් හොඳට ආර්ථිකේ බලල සැලසුම් හදනවා.