
(සුජිත් හේවාජුලිගේ)
සැර කොරෝනා වයිරස ප්‍රභේද හඳුනාගැනීම සඳහා ඔක්ස්ෆර්ඩ් නැනෝ තාක්ෂණය මෙරටේ ප්‍රථම වරට යොදා ගැනීමට කටයුතු සූදානම් කර ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ලංකාදීපයට පැවැසීය.
නව ක්‍රමවේදය යටතේ පරීක්ෂණ ලබන සතියේ සිට ආරම්භ කෙරෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
සැර කොරෝනා වයිරස ප්‍රභේද හඳුනා ගැනීම සඳහා මෙරටේ මේ දක්වා භාවිතා කරනු ලැබූවේ "ඉලුමිනා" නැමැති තාක්ෂණය බවත් එම තාක්ෂණයට වඩා මෙම ඔක්ස්ෆර්ඩ් නැනෝ තාක්ෂණය කාර්යක්ෂමතාව පැත්තෙන් ඉහළ බවත් ආචාර්යවරයා කීය.
එසේම නව තාක්ෂණය භාවිතා කිරීම ඉතා ලාභදායී බව පෙන්වා දුන් ජීවන්දර මහතා එමගින් ජාන විශ්ලේෂණයක් දින දෙකකින් කළ හැකි වන බවද අනාවරණය කළේය.
මෙයට පෙර යොදාගත් ඉලුමිනා තාක්ෂණය මගින් පරීක්ෂණයක් කිරීමට වැයවු කාලය වූයේ දින පහකි.
නැනෝ තාක්ෂණය යටතේ ජාන විශ්ලේෂණ සිදු කිරීම පිළිබඳ පුහුණුවීම් කටයුතුද ඊයේ (16) සිට ආරම්භ කෙරිණ.
ඔක්ස්ෆර්ඩ් නැනෝ ටෙක්නොලොජීස් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද විශේෂිත යන්ත්‍රයක් යොදාගෙන නව ක්‍රමවේදය යටතේ ජාන විශ්ලේෂණ පරීක්ෂණ ඉදිරියේදී දිගටම සිදුකරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයිරස් දහස් ගානක අපි අතර තියනවා මේවා හොයනවා කියන්නේ මුදල් නාස්තියක් විතරයි