(ප්‍රින්ස් රත්නායක)
විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවක ගැටළු විසඳීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳුදා (02) නිල සාකච්ඡාවක් කැඳවා ඇතැයි විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටු සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පවසයි.
මීට පෙර අවස්ථාවකදී අමාත්‍යවරයා විදේශගත වීමට පෙර දින රාත්‍රීයේ නිල නොවන සාකච්ඡාවක් පැවති අතර මෙතෙක් දින 34 ක් ගතවී ඇතත් තම ඉල්ලීම් වලට රජයේ පාර්ශවයෙන් කිසිදු සාධනීය විසඳුමක් හෝ තම ඉල්ලීම් වලට කිසිදු ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නොමැති බව මල්වත්තගේ මහතා පැවසීය.
වගකිවයුතු පාර්ශවයන් රටේ අධ්‍යාපනය කඩා වැටීමට ඉඩදි නිහඞ පිළිවෙතක් අනුගමනය කරන බැවින් සමස්ථ විශ්ව විද්‍යාල පද්ධතියම අකර්මන්‍ය වී ඇතැයිද කී ඒ මහතා මෙහි ප්‍රතිවිපාක ක්ෂණිකව නොපැමිණෙන බවත් ඒ සඳහා කාලයක් ගත වන බවත් සඳහන් කළේය.
විශ්වවිද්‍යාල දරුවන්ට සහ රටේ ආර්ථිකයට දායක වන වෘත්තිකයින් ගේ සේවය මේ හේතුවෙන් මන්දගාමීව මුදාහැරීමට සිදුවන බවත් කීය. සමස්තයක් ලෙස ගත් කළ අධ්‍යාපනයේ පරිහානියක් මින් සිදුවන බවත් වගකිවයුතු පිරිස් නිහඞව සිටීම පිළිබඳව තමා කණගාටුවට පත්වන බවත් කීය.
හෙට (02) සාකච්ඡාවෙන් පසු නිසි විඳුමක් නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදුකිරීමට සිදු වන බවත් කීවේය.
COMMENTS
ආරංචි විදියට පියුම් මහත්තයෙක් මාසෙකට රුපියල් 40,000/- හම්බ කරනවා.
නූගත් පිරිසක්... මහාචාර්ය වැටුප සඳහා බොරු වර්ජනවල යෙදෙනවා.
සරසවි වල වැඩකරන අය හිතාගෙන ඉන්නේ ඔක්කොම මහාචාර්ය වරු කියලා.. රෝහල් වල ඔක්කොම දොස්තරලා කියලා මෙහෙම රටක් ගෙනියන්න පුළුවන්ද? මේ සේවාවන් තාවකාලික සේවකයන්ගෙන් හෝ ගෙනියන්නේ නැතුව රට අරාජික වෙනවා.
හේවගේ, ඔබගේ නූගත්කම ප්‍රදර්ශනය කරන්න එපා. අනධ්‍යයන සේවකයින් වර්ජනය කරන්නේ ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් වෙනුවෙන්.. ආචාර්යවරුන්ට දීමනා ගණනාවක්ම තියෙනවා. සමහර ආචාර්යවරු මාසෙකට දවසක් වගේ විශ්වවිද්‍යාලයට එන්නේ.. එ්ත් ලක්ෂ ගණනින් පඩි ගන්නවා.. සේවයක් නොකරන තරම්.. තමුන්ගේ පෞද්ගලික කටයුතු වලින් ලක්ෂ ගණනින් මුදල් හම්බ කරනවා.. ඔවුන් පැමිණීම, පිටවීම සටහන් කරන්නේ නැහැ.. එ්ත් අනධ්‍යයන සේවකයින්ට ඇඟිලි සටහන් යන්ත්‍ර මගින් පැමිණීම, පිටවීම සටහන් කරන්න සිද්ධ වෙනවා. නිවාඩුවක් ගන්න බොස්ට වඳින්න ඕනෑ. රාජකාරියට අමතරව ආචාර්යවරුන්ට දෙකට නැමිලා ඔළුව පහත් කරගෙන ඉන්නත් ඕනෑ.. අනධ්‍යයන සේවකයින් කියන්නේ නූගත් මෝඩ රැලක් නෙමෙයි.. උපාධි කරපු බොහෝ අයත් ඒ අතර ඉන්නවා.