IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


සිරිධම්ම හිමි ඝාතනය කළේ කටේ පාන්කඩ ඔබලා

(***මීරිගම - පුෂ්පකුමාර මල්ලවාරච්චි, ***ඉන්දිකා රාමනායක සහ ***බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පැහැරගෙන ගොස් ඝාතනය කෙරුණු හංවැල්ල තුන්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති උඩුවිල සිරිධම්ම (65) හිමියන්ගේ මරණය සිදුවී ඇත්තේ කටට රෙදි පාන්කඩ වැනි යමක් ඇතුළු කිරීම හේතුවෙන් සිදු වූ හුස්ම හිරවීමකින් නිසා බව මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ඊයේ (5) සිදුකළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත.

උන්වහන්සේට යම් පහරදීමක් ද සිදුවී ඇති නමුත් එම පහරදීම මරණයට හේතු වී නැතැයි මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වූ බව ද කොටදෙණියාව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත මෙම මළසිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරීක්‍ෂණය මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරි ඩී.කේ. විජේවර්ධන මහතා විසින් සිදුකරන ලදී.

උන්වහන්සේ පැහැරගෙන ගොස් කිසියම් ස්ථානයකදී ඝාතනය කිරීමෙන් අනතුරුව දේහය ඇඳ ඇතිරිල්ලක හෝ දෙකක ඔතා මීරිගම-කොටදෙණියාව මාර්ගයේ නාවාන සොහොන් බිමට ගෙනැවිත් පෙට්‍රල් දමා පුළුස්සා තිබෙන බව ද මෙතෙක් කළ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි එම පොලිස් නිලධාරියා සඳහන් කළේය.

මෙම ඝාතනය කර ඇත්තේ එම විහාරයේ වැඩ සිටින 12 හැවිරිදි සාමණේර හිමිනමකට සිදුකළ බව කියන අපචාර සිද්ධියක් මුල් කරගෙන බව ද පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.

මේ සම්බන්ධයෙන් ආරණ්‍ය සේනාසනාධිපති හිමියන්ට තර්ජනය කර මුදල් හා වටිනා දේපොළ ලබා ගැනීමේ අරමුණින් මෙම පැහැරගැනීම සිදුවී ඇතැයි පරීක්ෂණවලදී හෙළි වූ බව ද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරිය ලෙස සාමණේර හිමියන්ගේ මවත්, ඇයගේ සැමියා සහ මිල්ලනිය පොලිසියේ නිලධාරිනියකගේ සැමියාත් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටින අතර එම පුද්ගලයා ප්‍රධාන සැකකාරියගේ අනියම් සැමියා බව ද පොලිස් ආරංචි මාර්ග කියයි.

සැකකරුවන් පිරිස ඉකුත් 2 වැනිදා රාත්‍රියේ විහාරස්ථානයට ගොස් අපචාර සිද්ධිය තමන් බාරගන්නා බවටත්, ඒ සඳහා මුදල් ලබාදීමට කැමැත්ත පළ කරන බවටත් සඳහන් කරමින් විහාරාධිපති හිමියන්ගෙන් බලෙන් ලිපියක් ලබාගැනීමට උත්සාහ ගෙන ඇති අතර, උන්වහන්සේ එම ලිපිය ලබාදීමට අකැමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් සැකකරුවන් විහාරාධිපති හිමියන්ට පහර දී පැහැරගෙන ගොස් ඇති බවටත් හෙළිවිණි යැයි පරීක්ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

නමුත් සිරිධම්ම හිමියන් ලිපිය ලිවීම ප්‍රතික්ෂේප කිරීම නිසා සැකකරුවන් හංවැල්ල පොලිසියට යන බව පවසා ඇති අතර ‘එහෙනම් මේක පොලිසියට ගිහින් බේරාගනිමු’ යැයි පවසා උන්වහන්සේ ද සැකකරුවන් සමග වෑන් රථයට ගොඩ වී ඇති බවත් පොලිසිය කියයි.
සැකකරුවන් පොලිසියට නොයා උන්වහන්සේ පැහැරගෙන ගොස් ඇති බව ද පොලිසිය පවසයි.

සැකකරුවන් වෑන් රථයෙන් විහාරාධිපති හිමියන් පැහැරගෙන යන අතරේ සැකකාරිය ඇයට අයත් යතුරුපැදියෙන් වෑන් රථය පසුපසින් ගොස් ඇති බව ද පොලිසිය කියයි.

සිද්ධියේ ප්‍රධාන සැකකාරිය බ්‍රෝකර්වරියක ලෙස කටයුතු කරන බවත්, ඇය සමග ව්‍යාපාර කටයුතු කරන පිරිසක් මේ සඳහා යොදාගෙන ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

 තමන්ට විහාරාධිපති හිමියන්ගෙන් ලිංගික හිරිහැර සිදුවන බවට සාමණේර හිමියන් තම මවට (සැකකාරියට) දැනුම්දීමෙන් පසුව ඇය මේ සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන්ගෙන් කිහිප අවස්ථාවක දී දුරකතනයෙන් විමසා ඇතත් උන්වහන්සේ එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව ද පොලිසිය පවසයි.

සැකකාරිය විහාරාධිපති හිමියන් හමුවීමට පෙර විහාරස්ථානයට පැමිණ ඇති අතර එහිදී උන්වහන්සේට මුදල් යහමින් ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

පසුව සැකකාරිය දුරකතනයෙන් විහාරාධිපති හිමියන්ට නිතර නිතර කතා කර මුදල් ද ඉල්ලාගෙන ඇති අතර, රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාදීමට විහාරාධිපති හිමියන් කැමැත්ත පළකර ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

එසේ තිබියදී සැකකාරිය පිරිස සමග විහාරස්ථානයට කඩාවැදී විහාරාධිපති හිමියන්ට පහරදී මෙම පැහැර ගැනීම සිදුකර ඇති බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පැහැරගත් විහාරාධිපති හිමියන් සැකකරුවන් විසින් මාකොළ උතුර උද්‍යාන මාවතේ පාළු දෙමහල් නිවසකට රැගෙන යනු ලැබ ඇති අතර එම නිවසේ හිමිකරු ප්‍රධාන සැකකාරිය සමග බ්‍රෝකර් රැකියාවේ නිරතවන්නකු බවත් ප්‍රධාන සැකකාරියගේ දැනුම්දීම මත විහාරාධිපති හිමියන් එම නිවසේ උඩුමහලේ කාමරයකට රැගෙන ගොස් එහිදී ද ලිපිය ලියන ලෙසට තර්ජනය කර සැකකරුවන් උන්වහන්සේට පහර දී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග කියයි.

 පසුව පිරිස උන්වහන්සේගේ කකුල් අතපය බැඳ ඇඳ මතට දමා ඇති බවත් එහිදී උන්වහන්සේට සිහිසුන් වී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

සිද්ධියේ සෙසු සැකකරුවන් එදින රාත්‍රියේම පිටව ගොස් ඇති අතර ප්‍රධාන සැකකරු හා සැකකාරිය පමණක් එම නිවසේ කාමරයක නැවතී ඇති බව ද පොලිසිය පවසයි.

රාත්‍රී කාලයේ විහාරාධිපති හිමියන්ට සිහිය ලැබී උන්වහන්සේ පැන යෑමට උත්සාහ ගෙන ඇති අතර ඒ බව දැනගත් ප්‍රධාන සැකකරු තවත් එක් සැකකරුවකු එම නිවසට ගෙන්වාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එම සැකකරු පැමිණ ප්‍රධාන සැකකරු සමග එක්ව විහාරාධිපති හිමියන්ට පහරදී ඇති අතර එම පහරදීමෙන් පසුව අත පය බැඳ කටට ප්ලාස්ටර් අලවා ගොස් ඇති බවත් එහිදී උන්වහන්සේ අපවත් වී ඇති බවත් පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිසිය සඳහන් කරයි.

පසු දින එනම් 3 වැනිදා අලුයම සැකකරුවන් විහාරාධිපති හිමියන් අපවත් වී ඇති බව දැනගෙන සිරුර නිවසින් රැගෙන ගොස් වෙනත් ස්ථානයක දැමීමට සැලැසුම් කර ඇති අතර, විහාරාධිපති හිමියන්ට දෙමහල් නිවසේ හිමිකරුගේ කලිසම් කමිස අන්දවා මුහුණු ආවරණයක් දමා ත්‍රිරෝද රථයක නංවාගෙන ගෙන ගොස් ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

 සැකකාරිය සිය යතුරුපැදියෙන් ත්‍රිරෝද රථය පසුපස ගොස් ඇති බවත්, ප්‍රධාන සැකකරු සහ සෙසු සැකකාරු විහාරාධිපති හිමියන්ගේ මෘතදේහය ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ මැදිකර වාඩිකරවා රැගෙන ගොස් ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 සැකකාරිය යන අතරමගදී කඩවත ප්‍රදේශයේ ඉන්ධනහලකින් යතුරුපැදියට ඉන්ධන ලබාගෙන ඇති අතර ඇය වැඩිපුර ඉන්ධන කෑන් එකක් ද ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් විහාරාධිපති හිමියන්ගේ සිරුර තැන් කිහිපයකට දැමීමට උත්සාහ ගෙන තිබුණ ද වැඩි පිරිසක් එම ප්‍රදේශවල ගැවැසීම හේතුවෙන් ඔවුන්ගේ උත්සාහය අසාර්ථක වී ඇති බව ද කියති.

සැකකරුවන් පසුව ත්‍රිරෝද රථය කොටදෙණියාව නාවාන සුසාන භූමියට රැගෙන ගොස් සිරුර තවත් පිරිසකගේ සහායෙන් ඇඳ ඇතිරිලි දෙකක ඔතා පෙට්‍රල් වත්කර වළක දමා ගිනි තබා ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ප්‍රධාන සැකකරු සහ සැකකාරිය හෝකන්දර ජෝතිකාරාම පෙදෙසේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

 ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ තොරතුරු අනුව තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතර මාකොළ නිවසේ පදිංචි සැකකරු ද වන බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර සැකකාරිය, ඇයගේ සැමියා, අනියම් සැමියා සහ මාකොළ නිවසේ හිමිකරු සිටින බව ද පොලිසිය පවසයි.
මෙම ඝාතනය සදහා යොදාගත් යතුරුපැදියක්, වෑන් රථයක් හා ත්‍රිරෝද රථයක් පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇත.

 විහාරාධිපති හිමියන්ට අයත් බැංකු පොත්, ඔප්පු, දිනපොත් ආදී භාණ්ඩ රැසක් ද ප්‍රධාන සැකකාරිය විසින් සොරාගනු ලැබ මාකොළ ප්‍රදේශයේ සැකකරුගේ නිවසේ සඟවා තිබියදී සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (5) පස්වරුවේ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැය 48ක රැඳවුම් නියෝග ලබාගෙන ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨසයේ වැඩ බලන අධ්‍යක්ෂ පොලිස් අධිකාරි රොහාන් රණවීර මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා, පොලිස් පරීක්ෂක හේමන්ත පෙරේරා, සැරයන්වරුන් වන ප්‍රසන්න (40248), බණ්ඩාර (21284), කොස්තාපල්වරුන් වන කුමාර (84762), ලලන්ත (72338), සමීර (81600), අනිල් (69598), අමිල (77688), කාන්තා පොලිස් කොස්තාපල් කෞශල්‍යා (10684), ලක්ශානි (11297), පොලිස් කොස්තාපල් රියැදුරු තිලකසිරි (18818), හරේන්ද්‍ර (29545), රණවීර (20462) යන මහත්වරු පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එන්. පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොපලිස් පරීක්ෂක ලියනගේ, පොලිස් සැරයන් ලීලාරත්න (34498) යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු මරණ පරීක්ෂණයේ කටයුතු සඳහා එක්ව සිටියහ.

 



අදහස් (9)

සිරිධම්ම හිමි ඝාතනය කළේ කටේ පාන්කඩ ඔබලා

fairoos Wednesday, 06 January 2021 07:05 AM

මොන දඬුවම් දුන්නත් වැඩක් නැහැ... ජනාධිපති සමාව තියෙනවනේ..

:       4       12

කුමාර Wednesday, 06 January 2021 08:53 AM

මාක‌ොල සිට ක‌ොටද‌ෙනියාවට දුර කිල‌ෝමීටර 50ක් විතර. මහ රෑ ත්‍රිරෝද රථයකින් ඒ තරම් දුරක් කිසිම ප‌ොලිසියකට හසු න‌ොවී ගිය හැටි ව‌ෙනම ස‌ොයන්න වටිනවා...

:       0       14

jayasekara Wednesday, 06 January 2021 10:04 AM

අම්මෝ... අපායේ දුක්විඳින හැටි බලන්න තිබුණා නම් කවුරුත් මේ වගේ ඝාතන කරන්නේ නැහැ. විඳවයි සසර පුරාවටම අපායේ...

:       3       3

gaaminee Wednesday, 06 January 2021 10:17 AM

චීවරධාරියෝ මෙහෙම බුද්ධාගමට අපහාස කරනකොට ගහලා මැරුවාට කමක් නැහැ නේද? මෙතන තියෙන ලොකුම පාපය තමයි චීවර ධාරීන් ලෙස පෙනීසිට කරන්නා වූ දුරාචාරයන්...

:       15       12

karolisWednesday, 06 January 2021 11:53 AM

නීතියට පිටින් ගිහින් කාට වුණත් ඔහොම කරන එක බරපතල වරදක්.

:       1       2

මල්ලවWednesday, 06 January 2021 12:02 PM

එකඟයි - මේ අය සිවුර දරන නිසාම සමාජයේ අනුකම්පාවත් නීතියෙන් ගැලවීමටත් හැකියි, සිවුර නිසා ඕනම අපරාධයක් වහගන්න පුලුවන්! - කුඩා සාමනේර හාමුදුරුවරුන් සහ දහම් පාසල් ළමුන් පංසල්වල මේ අපරාධයට ගොදුරු වෙනවා. ඒවා වාර්තා වන්නේ නැහැ!!! - දරුවන් පංසලෙන් බේරා ගැනීම දෙමව්පියන්ට බාරයි. බුදු සසුනේ තිබෙන්නේ පංසලේ නොවන බවද බෞද්ධයින්ට පැහැදිලි වේවා..!

:       1       4

sugath Wednesday, 06 January 2021 11:58 AM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා....?

:       0       2

Wedisinha Wednesday, 06 January 2021 04:57 PM

මේකත් ආණ්ඩුවේ ගිණුමට දාලා උම්බෑ කියපු ගොන්නු දැන් කොහේද දන්නේ නැහැ.

:       1       0

rathnasiri Thursday, 07 January 2021 05:59 AM

ඉස්සෙල්ලාම අපි අපේ බෞද්ධ ධර්මයයි, බෞද්ධාගමයි රැකගත යුතුයි. ඊට පස්සේ අපි චීවරධාරීන් ගැන සලකා බලමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 11 200 0

සිංහල ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරුවන ඩෑන් ප්‍රියසාද් අද (11) අලුයම කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධ


කොස්තාපල් ගංජා අයිස් සමඟ මාට්ටු
2025 පෙබරවාරි මස 11 45 0

රිදීමාලියද්ද පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු ගංජා සහඅයිස් මත්ද්‍රව්‍ය සමග ගල්පෝරුයාය ප්‍රදේශයේ දී ඊයේ (10) පස්වරුවේ අත්අඩංගුවට ගත්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 11 21 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මෙක්සිකෝ බොක්කේ නම වෙනස් වෙයි
2025 පෙබරවාරි මස 10 1609 0

මෙක්සිකෝ බොක්ක ’’ඇමෙරිකා බොක්ක’’ ලෙස නිල වශයෙන් නම් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සඳහා වන විධායක නියෝගයට අත්සන් තබා ඇත.


වේරහැර රියදුරු බලපත්‍ර අංශයට නව කොමසාරිස්වරයෙක්
2025 පෙබරවාරි මස 10 958 0

අනූපම මංගල වික්‍රමාරච්චි මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වේරහැර රියදුරු බලපත්‍ර අංශයේ කොමසාරිස්වරයා ලෙස වැඩ ආරම්භ කළේය.


ආහාර කමිටුව රැස්වෙයි
2025 පෙබරවාරි මස 10 530 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාවේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම හා එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගත යුතු බව ආහාර ප්‍රතිපත්ති හා සු


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 82 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 120 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 880 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site