IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


සරත් අමුණුගම ජනාධිපති පරීක්ෂණ කොමිසමට

( තිළිණි ද සිල්වා )
මහපොළ උසස් අධ්‍යාපන භාරකාර අරමුදලේ වංචා සහ දුෂණ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයෙකු වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා  වත්මන් රජයේ ආයතන වල සිදුවී ඇතැයි කියන වංචා සහ දුෂණ සිද්ධීන් සොයා බලන ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ පොලිස් ඒකකයට හමුවේ  අද (07) ප‍්‍රකාශයක් ලබා දී ඇත.
 
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් අමුණුගම මහතා  පැය දෙකකට ආසන්න කාලයක් එම කොමිසමේ පොලිස් ඒකකයට ප‍්‍රකාශයක් ලබා දී ඇත.
 
පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා අද  ( 07) පෙරවරු 10.00ට එම කොමිෂන් සභාවේ පොලිස් ඒකකයට පැමිණි අතර පසුව එහි සිටින පොලිස් නිලධාරීන් විසින් අමුණුගම මහතා ගෙන් මෙලෙස ප‍්‍රකාශ සටහන් කර ගත් බව එම ජනාධිපති පරීක්ෂණ කොමිසම කියා සිටී.
 
හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයෙකු වූ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ‘මහපොළ’ උසස් අධ්‍යාපන භාරකාර අරමුදලේ සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දුෂණ හා වංචා සිද්ධීන් පිළිබඳ පැමිණිල්ලට අදාළව මෙම ප‍්‍රකාශ සටහන් කර ගෙන ඇත.
 
‘මහපොළ’ උසස් අධ්‍යාපන භාරකාර අරමුදලේ මුදල් වෙනත් ආයතන වල තැන්පත් කරමින් එම මුදල් වංචා කොට ඇතැයි පෙන්වා දෙන විජේදාස රාජපක්‍ෂ මහතා මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන්නැයි සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් ඇත.
 
සිදුව ඇතැයි කියන එම දුෂණ හා වංචා සිද්ධීන් පිළිබඳව සාක්කි ගැනීම සඳහා විජේදාස රාජපක්‍ෂ මහතා ඉකුත් 02 වැනිදා එම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවට කැඳවනු ලැබීය.
 
හිටපු උසස් අධ්‍යාපන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා කොමිසම හමුවේ ගොනු කළ  පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන්නේ  අඩු ආදායම්ලාභී දරු දැරියන්ට උසස් අධාපනය හැදැරීමේදී පිටුවහලක් වීම සහා ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් සිය පෞද්ගලික ධනය යොදවා ‘මහපොළ’ උසස් අධ්‍යාපන භාරකාර අරමුදල ආරම්භ කළ බවය.
 
මෙම අරමුදලේ භාරකරුවන් වශ්‍යයෙන් හිටපු ජනාධිපතිවරුන් වන ජේ.ආර්. ජයවර්ධන, ආර්ත පේ‍්‍රමදාස හිටපු අගවිනිසුරු නෙවිල් සමරකෝන් වැනි මහත්වරුන් කටයුතු කොට ඇති බව පෙන්වා දෙන විජේදාස රාජපක්‍ෂ මහතා 2015 වසරින් පසු ‘මහපොළ’ උසස් අධ්‍යාපන භාරකාර අරමුදල බාරගත් ඇතැම් අදුරදර්ශි පුද්ගලයින්ගේ කටයුතු හේතූවෙන් අදවන විට එම අරමුදල අසාර්ථක වී ඇති බවද ස`දහන් කොට ඇත.
 
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් සම්බන්ධයෙන් වැඩිදුර සාක්කි සටහන් කරගැනීම සදහා ලබන 13වැනි දින  කොමිසම හමුවේ පෙනී සිටින ලෙස විජේදාස රාජපක්‍ෂ මහතාට දැනුම් දී ඇත.



අදහස් (2)

සරත් අමුණුගම ජනාධිපති පරීක්ෂණ කොමිසමට

යාපා Wednesday, 08 May 2019 02:34 AM

අහිංසක ලමයිගේ මහපොළ අරමුදලත් හොරකම්කල රජයකින් මොනවා බලාපොරොත්තුවෙන්නද?

:       0       23

PA - RA Wednesday, 08 May 2019 02:39 AM

කොහොමද මෙයාලගේ වදුරු බන.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1280 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1229 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 447 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site