IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


සියලුම රජයේ රෝහල්වල ඉ - චැනලින් සේවාව

(බිඟුන් මේනක ගමගේ)

 

ප්‍රතිකාර සඳහා කලින් වේලාවක් වෙන්කරවා ගැනීමේ ඉ - චැනලින් සේවාව සියලුම රජයේ රෝහල්වල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ යැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)පවසයි.

 

මෙම වැඩසටහන මගින් බාහිර ප්‍රතිකාර අංශයට පැමිණෙන රෝගීන්ට වෛද්‍යවරයා මුණගැසීමට කලින් වේලාවක් වෙන්කරවා ගත හැකි යැයි එහි නියමු ව්‍යාපෘතිය දොම්පේ දිසා රෝහලේ මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වන්නේ යැයි ද ඉක්ටා සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.

 

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ඉක්ටා) මගින් ක්‍රියාත්මක ඩිජිටල් සෞඛ්‍ය ව්‍යාපෘතිය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

 

දුරකථන අංක 071 5225225 ඇමැතීමෙන් www.echannelling.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ඉ-චැනලින් ඇප් එක තම ජංගම දුරකථනයේ ස්ථාපනය කරගැනීමෙන් මෙම පහසුකම ලබාගත හැකි බව ඉක්ටා ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (7)

සියලුම රජයේ රෝහල්වල ඉ - චැනලින් සේවාව

Bamunuarachchi. Thursday, 14 June 2018 11:01 AM

අනේ අතේ මුදල් නැති ජනතාවට කාගේ පිහිටද? දැන් උදේ පාන්දරම ප්‍රයිවෙට් ප්‍රක්ටිස් එක පටන් ගන්න පුළුවනි. මෙවදීල තමයි යහපාලකයෝ රජයේ සේවකයින්ගේ ඡන්දය ලබා ගන්න හදන්නේ........

:       536       0

duminda Thursday, 14 June 2018 11:28 AM

හොඳ වැඩ සටහනක්... පුද්ගලික රෝහල් මාෆියාවෙන් කකුලෙන් අදින්න පුළුවන්.. හරියට වැඩ කළොත් හැමෝටම සහනයක් වෙයි.

:       0       0

Thilanka Thursday, 14 June 2018 01:51 PM

ඉතාම ප්‍රගතිගාමී පියවරක්. හැම කෙනෙකුටම අන්තර්ජාල පහසුකම් නැතිවුනත් ගමක එම පහසුකම නැති කෙනෙක් නැති නිසා වෙලාව වෙන් කරගෙන ප්‍රතිකාර ගන්න බලා සිටීමට ගතවන කාලය අඩු කරගන්න පුළුවන් වේවි.

:       0       0

BamunuarachchiFriday, 15 June 2018 02:49 PM

මේ චැනල් සේවය නොමිලේ කරන එකක්ද?

:       0       0

Ravidu Thursday, 14 June 2018 02:08 PM

ඔයා නම් බමුනෙක්ම තමා.

:       0       36

Bamunuarachchi Saturday, 16 June 2018 02:21 PM

නිකම්ම බමුණෙක් නොවෙයි හලෝ.... බමුණුආරච්චි කෙනෙක්...

:       0       0

Bamunuarachchi Saturday, 16 June 2018 02:24 PM

කොහොමද හලෝ... වේලාවක් වෙන් කරන්නේ සවස 4 එපොයින්ට්මන්ට් එකදීල දොස්තර එන්නේ 5.30 ට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site