IMG-LOGO

සයිටම් සිසුන් 980 ක් කොතලාවලට

 

ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
 
මාලඹේ සයිටම් ආයතනයේ අධ්‍යාපනය හැදැරූ සිසු සිසුවියන් 980 දෙනෙකු ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙත අන්තර්ග්‍රහණය කෙරේ.


ඒ සඳහා වු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද (8) ඉදිරිපත් කළේය.


එම පනත් කෙටුම්පතට අනුව 2009 සැප්තැම්බර් 15 වැනි දා සිට 2017 මැයි 15 වැනි දා දක්වා කාලය තුළ මාලඹේ සයිටම් ආයතනය තූළ ලියාපදිංචි වු සිසු සිසුවියන් අතරින් මුලික සුදුසුකම් ලැබු ශිෂ්‍යයන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අන්තර් ග්‍රහණය කෙරේ.


මෙහිදී එම සිසුන්ගේ මුලික සුදුසුකම් විය යුත්තේ අපොස උසස් පෙළ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සහ ජීව විද්‍යාව යන විෂයයන් තුන සඳහා සාමාන්‍ය (S) සාමාර්ථ තුන ලබා තිබිමය.


ඒ අනුව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළු කරගන්නා සයිටම් සිසුන්ට වෛද්‍යවේදී ශල්‍යවේදී උපාධිය නැතිනම් එම්.බී.බී.එස්.උපාධිය පිරිනැමේ.


මෙම පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිතය. 



අදහස් (15)

සයිටම් සිසුන් 980 ක් කොතලාවලට

විකුම් රංගන Friday, 08 June 2018 12:56 PM

විභාගය සමත් උවද s තුනක් විෂයන් තුනටම සාමාන්‍ය සමර්ථ ලබාතිබීම යනු වෛද්‍ය උපාධියක් කිරීමට කිසිදු සුදුසු කමක් නොවේ. පසුගිය කාලයේ ලොකුවට සද්දේ දාපු දේශපාලන හෙන්චයියන් දැන් කෝ? ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සත්‍ය ලොවටම දැන් අනාවරණයවී තිබෙනවා. මම මේ තීරයේ ප්‍රමිතියෙන් යුත් පෞද්ගලික වෛද්‍ය පීඨ හා සුදුසුකම් ඇති සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් හඬ නගා තිබෙනවා, නමුත් ඒ මුලික සුදුසුකම් නොමැති සිසුන් වෙනුවෙන් නොවේ.

:       798       250

tommyFriday, 08 June 2018 01:57 PM

"s " තුනක් විෂයන් තුනටම ලබා තිබීම යනු වෛද්‍ය උපාධියක් කිරීමට කිසිදු සුදුසු කමක් නොවේ නම්, පසුගිය වසර 50 කට අසන්න කාලය තුල මන්නාරම, හම්බන්තොට, නුවර එලිය වැනි දිස්ත්‍රික්ක වලින් "s " තුනක් ලබාගත් සිසුන්, වෛද්‍ය පීඨයට ඇතුල් වී ගැටලුවකින් තොරව වෛද්‍ය උපාධිය හදාරා, වෛද්‍යවරුන් වුයේ කෙසේද?

:       163       665

MNFriday, 08 June 2018 09:44 PM

මීට වසර 50කට පෙර එස් තුන අරන් දොස්තර වෙච්ච කට්ටිය ඉන්න ඇති. මොකද ඒ කාලේ විෂය නිර්දේශ අමාරුයි. අධ්‍යාපන පහසුකම් ඉතා අඩුයි. නමුත් දැන් එහෙම නෑ. දැන් මන්නාරම වගේ දිස්ත්‍රික්කයක වුනත් ඒක බී ‍දෙකයි වගේ ප්‍රථිපලයක්වත් ඕනෙ දොස්තර කෙනෙක් වෙන්න. නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය ළමයි ඔහොම ප්‍රතිපල අරන් කැම්පස් යද්දී කොළඹ සමහර ළමයින්ට ඒ තුන අරගෙනත් කැම්පස් යන්න බැරි වෙන එකයි. කාටහරි කියන්න පුලුවන් අර ප්‍රදේශ වල පහසුකම් අඩුයිනෙ කියල. නමුත් මම දැකලා තියෙනව ඔය ප්‍රදේශ වල ගොඩක් ළමයි පාසලට වඩා ටියුශන් එකට මුල් තැන දෙන නිසා එයාලා කුරුණෑගල නුවර ගම්පහ නුගේගොඩ වගේ ප්‍රදේශ වලට පන්ති එනවා. එතකොට දෙගොල්ලන්ටම ලැබෙන අධ්‍යාපන පහසුකම් බොහෝ දුරට සමානයි. ඒ හින්දා මෙතන වෙන්න ඕනෙ හොද ප්‍රථිපල තියෙන දක්ෂ ළමයින්ට සාධාරණයක් කරනව මිසක් එස් තුන ගත්ත අයවත් මේකට වද්ද ගන්න එක නෙමේ. රජයේ විශ්ව විද්‍යාලයක පහලම පාඨමාලාවක උපාධියක් ගන්නත් සී දෙක එස් එක ඉල්ලනවා.

:       81       69

raviSaturday, 09 June 2018 01:39 AM

එහෙම නම් දැන් ඉතින් ඔය දිස්ත්‍රික් පදනම අහෝසි කරලා දැම්මනම් ඉවරයිනේ. එතෙකොට, වැඩිම ලකුණු තියෙන දක්ෂම ළමයින්ට සාධාරණයක් වෙයි.

:       0       528

asankaSaturday, 09 June 2018 04:34 AM

රවි... දිස්ත්‍රික් පදනම අහෝසි කරන්න තිබුණා. නමුත් කොළඔට දෙන සම්පත් සියල්ලම ගමේ පාසල් වලටත් දෙනවා නම්...

:       17       10

ප්‍රීති Friday, 08 June 2018 03:06 PM

ඉතාම සාධාරණ තීන්දුවක් අපේ රටේ උගත් වෛද්‍යවරු මේ සාධාරණ තීන්දුවට එකඟවී තිබීම ගැන ඔවුන්ට කෘතඥ විය යුතුයි. විජයදාස රාජපක්ෂ වැනි කෙලින් වැඩ කරන අයෙකුට මේ ප්‍රශ්නය විසඳන්න මහා කාලයක් ගියේ නැහැ දැන් මහපාරේ උද්ඝෝෂණත් නැහැ. වෛද්‍ය සභාව උනත් කැමතියි සුදුසු කම් තිබෙන වෛද්‍ය වරු බිහිවනු දැකීමට

:       127       516

Dr Rasika Friday, 08 June 2018 03:39 PM

එසේ නම් ලංකාවේ සියලුම අපොස උසස් පෙළ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සහ ජීව විද්‍යාව යන විෂයයන් තුන සඳහා සාමාන්‍ය (S) සාමාර්ථ තුන ලබා ඇති සිසුන් සඳහා එම්.බී.බී.එස්.උපාධිය ලබා ගැනීමේ සරසවි වරම් හිමිවිය යුතු වෙනවා. නැතහොත් නිදහස් අධ්‍යාපනය පමණක් නොව රටේ ජනතාව ලෙස පොදුවේ එකම වරප්‍රසාද හිමිවීම කඩවීමේ හා මානව හිමිකම් හා අයිතිවාසිකම් මුදලට කඩවීමේ ජාතික ගැටළුවක් නිර්මාණය වනවා .

:       136       310

Weerawarna fernando Friday, 08 June 2018 04:08 PM

රට පුර හොර වෛද්‍යවරු 40000 අහිංසක ලෙඩ්ඩුන්ට වෙදකම් කරනවා. ඒවා ගැන කවුරුවත් කතා නොකර මේ ශිෂ්‍යන්ගේ අඩුපාඩු කතාකිරීම නැවත සිතා බලන්න.

:       134       288

MN Friday, 08 June 2018 04:59 PM

පුද්ගලික විශ්ව විද්‍යාලයක හොද ඉංජිනේරු උපාධියක් හදාරන්නත් 2C 1S ඉල්ලනවා. එහෙම තියෙද්දී මේ වගේ වැදගත් ක්‍ෂේත්‍රයක උපාධියක් 3S ට දෙන එක ඒ ක්‍ෂේත්‍රයටත් එච්චර හොද නෑ.

:       146       93

Gamage Friday, 08 June 2018 06:10 PM

එස් තුන ඇති සියලු දෙනාටම වෛද්‍ය උපාධිය ලැබීමේ අවස්ථාව අනිවාර්යයෙන්ම දිය යුතුය මෙයනට මුදල් නැතීනමි දේශපාලන ගවගත්තොත් තැවත රට ගිනිගොඩක් වෙයි

:       24       19

රොෂාන් Friday, 08 June 2018 07:18 PM

ටොමි, මහත්මයාගේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස දැනට මාධ්‍ය ඉදිරියට පැමිණ සංදර්ශන කරන දොස්තරලා දෙස බැලුවාම එස් තුනේ කතාවේ ප්‍රමිතිය ගැන අපට නම් වැටහෙනවා.

:       0       248

disanayaka Friday, 08 June 2018 08:27 PM

එම බී බී එස් සහ එස් තුන අතර කිසිම සම්බන්දයක් නැත. සැබෑව නම් පිළිකුල් කුහක කම පමණි.දියුණු රටවල් සමග සසදනවිට අපි ඉන්නේ ඉතා පහල කුහක අදහස් වලින් පිරි සමාජයකය.හැකියාවක් තිබේනම් රජය පිළිගත් ප්‍රමිතිගත අධ්‍යපනයක් මුදල්ගෙවා ලබාගැනීමටඑස් -3 ලබාගත් සිසුවාටද අයිතියක් තිබේ. අපේ සමාජය දැන් පුරුදුවී ඇත්තේ හැමදේම නිකන් ලබාගෙන තමාගේ පමණක් බඩවඩා ගැනීමටය.බොහොමයක් අපේ වෛද්‍ය වරුන් රජයේ සේවය බල්ලට දමා පුද්ගලික බෙහෙත්ශාලවල මුදල් ගැරීමේ යෙදී සිටී.ඉතාමත් හොඳ වෛද්‍ය වරුන්ද මේ අතර සිටීමදද කිවයුතුය.මේ කුහකයන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටීනම්, වෙනත් ගැටලුවලදීත් පෙනීසිටිය යුතුය.නමුත් ඔවුන්ගේ ඇස ඇරෙනුයේ සයිටම් ගැටලුවේදී පමණි. මෙයින් පෙනීයන්නේ කුහක, ආත්මාර්ථකාමී කම හැර වෙන කිමෙක්ද. ලෙඩරෝග වයිරස රටපුරා පතිරයද්දී, මේවාට විසදුම් සොයන්නේ නැතිතරම්ය.එසේනම් මොවුන් කියන රජයේ උපාධියේ කොලිටිය කොහිද යන්න ජනතාවට ගැටලුවෙකි.

:       0       579

Sampath Saturday, 09 June 2018 02:24 AM

මෙය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ යටතට ගේන ජාතික ආරක්ෂා විශ්වවිද්‍යාලය ලෙස වෙනස් කරන්න. එතකොට ඔය ප්‍රශ්න විසඳෙනවා.

:       0       0

Kumar Saturday, 09 June 2018 03:16 AM

රජයේ වෛද්‍යවරුන්ට පුද්ගලික සේවයේ යෙදීම තහනම් කළ යුතුය.

:       2       2

කරුණාපාල Saturday, 09 June 2018 06:57 AM

බලාගෙන ගියාම, සයිටම් ආයතනයට එරෙහිව, පුහු තර්ක ඉදිරිපත් කරමින් එය කඩාකප්පල් කිරීමට මේ රටේ මෝඩයින් කටයුතු කලාට, සිසුන් බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිය පවා නිවැරදිව කරලනේ තියෙන්නේ. සමහරවිට සයිටම් කියන නමට එරෙහිව පවතින පුද්ගලික කෝන්තරයක් වගේ. රටටම ප්‍රසිද්ධ කරනා හොඳ නැකතක් එහෙම බලලා නම වෙනස් කළා නම් මේ අප්පුලා ටික සතුටු වෙයි.

:       9       224

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 235 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 580 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site