IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


සයිටම් ශිෂ්‍ය දෙමාපිය සංගමයෙන් ජනපතිට ලිපියක්

ශිරාන් රණසිංහ
 
සයිටම් ප්‍රශ්නයට සාධනීය විසඳුමක් ලබාදී  ඇති නිසා සයිටම් ආයතනය පිළිබඳව සත්‍ය හෙළි කළ ශිෂ්‍යයින්ට එරෙහිව ක්‍රියාත්මක නීතිමය පියවර ද නතර කිරිමට මැදිහත්වන ලෙස වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ලිපියක් යවමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියි.


සයිටම් වෛද්‍ය උපාධිය පිළිබඳ අඩුපාඩු පෙන්වා දුන්නේ මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් බවද දෙමාපියෝ කියා සිටිති.


වෛද්‍ය පීඨවල අඩුපාඩු පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත්කරන ලෙසත්  එම කමිටු නිර්දේශ මත වෛද්‍ය පීඨවල ඇති අඩුපාඩු සකසන ලෙසද වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය එම ලිපියෙන් තවදුරටත් ඉල්ලා තිබේ.



අදහස් (7)

සයිටම් ශිෂ්‍ය දෙමාපිය සංගමයෙන් ජනපතිට ලිපියක්

Hasitha Friday, 17 August 2018 02:46 PM

මේ අර නරුම, ඉගෙන ගන්නෙ නැතුව පාරවල් ගානෙ කෑගගහ ඇවිදපු, 'වෛද්‍ය උපාධිය සල්ලි දීලා හරි අරං රටට අමිල සේවයක් කරන්න හිතපු ළමයින්ට වල කපපු, රස්තියාදුකාර විශ්මව විද්‍යාල ළමයින් ගැන නේද කියන්නේ. ඒ ගොල්ලන්ට ඇයි බුරුලක් දෙන්නේ? ඒ ගොල්ලො රට විනාශ කරනවනෙ. අදත් සයිටම් තිබ්බානම් මොනතරම් සේවයක් රට වෙනවද!

:       278       428

sas Friday, 17 August 2018 03:55 PM

ඔය මිනුස්සුන්නට විරුද්දව නීතිමය පියවර අරගෙන තියෙන්නේ රාජ්‍ය දේපල වලට අලාභ කිරීම, කලහකාරී ලෙස හැසිරීම වැනි වැරදි වලට.නීති කටයුතු වලට ජනාධිපති මැදිහත් වීම සුදුසු නැහැ.විශ්ව විද්‍යාල සිසුන් හිතන් ඉන්නේ ඔවුන් නීතියට උඩින් ඉන්නවා කියල.

:       234       199

චාන්දනී ද සිල්වා - වයිද්‍ය පිටය කොළඹ. Friday, 17 August 2018 07:15 PM

ඒ ශිෂ්‍යයින් කිවේ බොරුද....මහත්තයෝ විශ්ව විද්‍යාලවල සිටින්නේ අනාගතයේ රට පලනයකරන්න සුදුසුකම් ඇති උගතුන් පිරිසක්.ඒ අයගේ වගකීම තමයි රටේ ජිවත්වන ඔබතුමා වැනි නොදියුණු නුගත් ජනතාවට පවතින සහ වෙන්න යන ඇත්ත පහදාදීම. ඒ අය කිවේ....සයිටම් පරිපුර්ණ වෛද්‍ය විද්‍යාලයක් නොවෙයි, "සමහර " ශිෂ්‍යින්ගේ සුදුසුකම් කොහෙත්ම නොගැලපෙන බව ( මේ කියන්නේ සමහර දේශපාලුවන් කීප දෙනෙකුගේ ගෘහ විද්‍යාවට උසස් පෙළ සමත් අඹුවන් කීප දෙනෙක් සයිටම් එකේ සිටිය කතාවයි..) වැනි දේයි. මහත්තයෝ ඔබතුමා කැමතිද රෝහලකට ගියාම හොර දොස්තර කෙනෙකුගෙන් බෙහෙත් ගන්න...?

:       126       403

sueagaSaturday, 18 August 2018 12:39 AM

කිසිම බුරුලක් දෙන්න එපා

:       125       86

athula sanath Saturday, 18 August 2018 12:47 AM

අනේ චාන්දනී සිල්වා ඔය වෛද්‍ය සිසුවියක් වුණාට ඔයට වෛද්‍ය කියන එකවත් ලියාගන්න බැහැනේද ඉතින් වෛද්‍ය සිසුවියක් වුණ ඔයාත් අර ගෘහ විද්‍යා කර සයිටම් ගිය සිසුවින් අතර වෙනසක් නැතැයි මට තේරේ අනේ පවු අපේ රටට ගිය කලක්

:       438       338

RNG Saturday, 18 August 2018 03:41 AM

අනේ අතුල ඔබට පුළුවන් ද වෛද්‍ය සිසුවියකගෙ දැනුමට අභියෝග කරන්න? මේ වගේ තාක්ෂණික උපරකණ පරිහරණයේදි ඔය වගේ සුළු අඩුපාඩුකම් වෙන්න පුළුවන්. ඒත් ඇය නිසි සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙන නිසානෙ වෛද්‍ය පීඨයකට ඇතුළත් කරගෙන තියෙන්නෙ. දැන්වත් ඔබේ ඔය ඉරිසියා සහගත කුහකකම පැත්තකින් තියලා සත්‍ය තත්වය වටහා ගන්න .

:       108       364

sas Saturday, 18 August 2018 04:29 AM

චාන්දනී ද සිල්වා ඔබ වැරදියි. උද්ගෝෂණය කරනවානම් එය කල යුත්තේ දේපල වලට අලාභ නොකර,මහජනයාට හිරිහැර නොකර, සාමකාමී ලෙස. එයට එරෙහිව කටයුතු කරන අයට එරෙහිව නීතිය අනුව කටයුතු කල යුතු වේ. චාන්දනී මතක තබාගන්න වෛද්‍ය රැකියාවට අමතරව ගණකාධිකාරී, ඉංජිනේරු, නීති, ගෘහනිර්මාණ, මිනින්දෝරු, පරිගණක තාක්ෂණ වැනි රැකියා තිබෙන බවත් රටක පැවැත්ම සදහා සෑම දෙනාගේම දායකය අවශ්‍ය බවත්. සමහර වෛද්‍යවරු හිතන් ඉන්නේ ඔවුන් තමයි උගත්ම අය කියලා. වෛද්‍යවරුන්ට විතරක් තනියෙන් ජීවත් වෙන්න පුලුවන්ද?

:       305       285

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 864 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 972 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 392 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site