IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සයිටම් ගැන තීරණය කිරිඇල්ල අතේ


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම විසින් සයිටම් ආයතනයට ලබා දෙනු ලැබූ නීත්‍යානුකූලභාවය ඉවත් කළ හැක්කේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට පමණක් බව සයිටම් සිසුවිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද (10) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය.

සයිටම් ආයතනයෙන් උපාධිය ලබා පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙසට ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගොනු කරනු ලැබු අභියාචන පෙත්සම අද ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ කැඳවු අවස්ථාවේ මේ බව කියැවිණි.


මෙම අභියාචන පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා කළ කරුණු දැක්වීම සම්පුර්ණයෙන්ම අවසන් වූ අතර අභියාචනාධිකරණ පෙත්සම්කාර සයිටම් සිසුවිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා  කරුණු දැක්වීම ආරම්භ කළේය.

එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ සයිටම් ආයතනය විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් ආයතනයක් බැවින් එහි ප‍්‍රමිතිය ගැන කිසිවකුටවත් ප‍්‍රශ්න කළ නොහැකි බවය.

එම කරුණු දැක්වීම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයේ  වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සැප්තැම්බර් 12 ,14 සහ 15 යන දිනයන් සඳහා කල් තබන ලදී.



අදහස් (10)

සයිටම් ගැන තීරණය කිරිඇල්ල අතේ

one srilankan Thursday, 10 August 2017 03:49 PM

පිළිගත්තා කළමනාකරණය උදෙසා.. වෛද්‍ය විද්‍යාව සදහා නොවේ

:       1191       674

maheshFriday, 11 August 2017 06:30 AM

නොදන්නා දේවල් කතා නොකර ඉන්නවා නම් හොඳයි නේද මහත්තයෝ.

:       108       9

ONE SRILANKANFriday, 11 August 2017 08:53 AM

දන්නා දේ පුළුවන් නම් කරුණු ඇතිව මෙහි සදහන් කරන්න. දින, වකවානු, විමර්ශන, අංක සමගින්... කියන්නම් වාලේ කියන්න එපා මහත්තයෝ... මේක ජාතික ව්‍යවසනයක් එහෙම නොවේ නම් ඔබ කඩේ යන රජිත ඇමැතිතුමාට කියන්න සයිටම් උදෙසා ජනාධිපති කොමිසමක් දාන්න.

:       135       96

බද්රානිFriday, 11 August 2017 03:54 PM

ගොඩක් දේවල් ගැන ගොඩාක් දන්නා ඔබ තුමා කියනවද සියලුම ප්‍රමිතියෙන් යුක්ත වෛද්‍ය සභාව විසින් පිළිගෙන ඇති කොතලාවල වෛද්‍ය පිඨයේ ශ්‍රී ලාංකික සිසුන්ට වෛද්‍ය විද්‍යාව හැදෑරීම අහිමි කර තිබෙන්නේ කාගේ උවමනාවටද කියලා? සුදුසුකම් ඇති විදේශීය සිසුන්ට මුදල් ගෙවලා වෛද්‍ය අධ්‍යාපනය අපේ රට තුල හදාරන්න අයිතියක් තියනවා නම්, ඇයි ඒ අයිතිය ශ්‍රී ලංකික සිසුන්ට නැත්තේ? ඔබතුමා හිතන විදිහට ලෝකෙන් උතුම් වෘත්තිය වෛද්‍ය වෘත්තිය විතරද? අපිට නම් මහත්තයෝ මේ ලෝකේ තියන කොයි වෘත්තියත් වැදගත්. කුහක, මුග්ධ,මෝඩ කම හින්දා අවසානයේ රටේ ඉතුරුවන්නේ, ත්‍රී වීලර් රියදුරන් සහ මැදපෙරදිගට විකිනෙන ගෘහ සේවිකාවන් පමණයි. ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාවගෙන් මම නම් ඉල්ලා සිටින්නේ ඒ ශ්‍රී ලාංකික අඩුව පිරවීමට ඔබ ප්‍රමුඛත්වය ගත යුතු බවයි. ඉගෙන ගන්න එකටත් වල කපන අය සමග ජීවත් වීමට වඩා වැදගත් ජාතියකට යටත්ව සිටීමත් පිනක්.

:       69       4

menna Friday, 11 August 2017 01:28 AM

ලංකාවේ කොච්චර දොස්තරවරු හිටියත් ඔක්කොමල්ලම එකතුවෙලා එකට ස්ට්‍රයික් කරනවා. ඩෙංගුවලින් සියගානක් මිනිස්සු මරුන. වසංගත රෝග වලට පිලියමක් නැහැ. මුඛ පිලිකා වැඩයි. දත් වලට ප්‍රතිකාර කරන්න ක්‍රමයක් නැහැ. අවුරුදු ගණන් බලන් ඉන්න වෙනවා. මිනිසුන්ට සෞඛ්‍ය සඳහා හරියම් රක්ෂණ ක්‍රමයක් නැහැ. දොස්තරවරුයි රජයයි එකතුවෙලා මේවට පිළියම් කතාකරන්නේ නැතිව. හැමදාම වර්ජන. මොකට ඉගෙනගත්තද මන්ද? රජයේ දොස්තරවරුත් බලන්න ඉන්නේ උපාධිය අරගෙන, වැඩ කලයුතු නියමිත කාලය වැඩ කරලා පෞද්ගලික රෝහල් වල වැඩ කරන්නයි, පිටරට යන්නයි. ඉතින් පෞද්ගලිකව අධ්‍යාපනය ලැබුවට මොකද වෙන්නේ?

:       12       30

reksFriday, 11 August 2017 01:22 PM

' රජයේ දොස්තරවරුත් බලන්න ඉන්නේ උපාධිය අරගෙන, වැඩ කලයුතු නියමිත කාලය වැඩ කරලා පෞද්ගලික රෝහල් වල වැඩ කරන්නයි' මෙහෙමත් කුහක කතාවක්. ඔබතුමා ජීවිතේට ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට ගිහින් තියෙනවද? නැත්නම් ගිහින් බලන්න. අපේ රටේ සායනයක එක වරුවකට දොස්තර කෙනෙක් බලන ලෙඩ්ඩු ප්‍රමාණය වෙන රටක මාසේකටවත් බලන්නේ නැහැ. ශල්‍යාගාර වලට ගිහිල්ලා බලන්න.. එක දවසට කරන සැත්කම් ප්‍රමාණය සීමාව ඉක්මවා ගිහින්. ඉරිසියාවයි, කුහක කමයි පැත්තකින් තියල ගැටළුව දිහා බලන්න.

:       205       141

ONESRILANKANFriday, 11 August 2017 04:11 PM

සිහියෙන් නොවේද පහුගිය කාලේ හිටියේ? කිසිම දොස්තර මහත්තයෙක් පිළිකා ලෙඩ්ඩු ඩෙංගු රෝගීන්ට තවත් අත්‍යාවශ්‍ය වෙද හෙදකම් කිසිවක් මගහැරියේ නැහැ. අනික අනිකුත් පුද්ගලික සේවා හා මෙම වෛද්‍ය අධ්‍යාපනය ගලපන්න බැහැ. රටේ සිසුන් ගැනීමේ ධාරිතාව හොඳින් වැඩිකළ හැකියි. පාලකයන්ගේ සුඛවිහරණය අඩු කළොත් නම්...මිනිස්සු නොකා නොබී මැරෙන්න යනකොටත් පාලකයෝ රු 100000- 200000 පඩියට මොකක් හෝ කියල අමුණනවා අනික මිලියන් ගණන් ගෙවල් වලට වාහන වලට අනවශ්‍ය විදියට නාස්ති කරනවා... පර්මිට් එකක් දෙනවා වාහන ගන්න බදු රහිතව.. ගත්ත ගමන් කෝටි ගාණකට විකුණනවා. ගොඩ නගනවා නොවේ.

:       108       1

MP Friday, 11 August 2017 02:18 AM

එයාගේ බූදලයද?

:       0       23

sudesh Friday, 11 August 2017 03:00 AM

මේ සයිටමය වසා දමා අපේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන වගකීම රජය සතුයි

:       296       336

එච් එම් ආර් බන්ඩාර Friday, 11 August 2017 03:59 PM

හදවතට එකගව සිතන්න මේ සයිටම් විරෝධය තනිකරම කුහකකමයි ඊර්සාවයි මත පදනම් වුන කිසිදා මහජන සහයක් නොලැබෙන දෙයක් බව පෙනේවි

:       155       113

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31336 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13551 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 120 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 949 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site