IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


සෑම ආගමකටම සමතැන දීම නියම බෞද්ධ ඉගැන්වීමයි - අගමැති

(හර්ෂණ තුෂාර සිල්වා,ඡායාරූප - ඉෂාන් සංජිව )
 
අශෝක අධිරාජ්‍යයාගේ ශිලා ලේඛනවලට අනුව සෑම ආගමකටම සම තැන, ගෞරවය හා අභිමානය දීම නියම බෞද්ධ ඉගැන්වීම්වලට අනුව කටයුතු කිරීම යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (2) ප්‍රකාශ කළේය.
 
බුදුන් වහන්සේ කිසිදු අවස්ථාවකදී අනෙකුත් ආගම්වලට එරෙහිව යුද ප්‍රකාශ නොකළ බව කී අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේ අනෙකුත් ආගමික නායකයන් සමඟ සංවාදයේ යෙදෙමින්, සහ පැවැත්මෙන්, සාමයෙන් හා සහජීවනයෙන් කටයුතු කළ බව ද හෙතෙම පැවසීය. 
 
හත්වැනි ලෝක බෞද්ධ සම්මේලනයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කීය.
 
නියම බෞද්ධයා යනු තමාව යටත් කරගනිමින් කටයුතු කිරීම බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා එක් අයකුට තමාව යටපත් කරගැනීමට පාලනය කිරීමට හැකි නම් ඔහු සාමකාමී බවත් එසේ නම් එක් අයකුට සාමයෙන් ජීවත් විය හැකි නම්, අපි සැවොටම සාමයෙන් ජීවත්විය හැකි බවත් ගෞතම බුදුන් වහන්සේගේ පණිවිඩය එය බවත් අග්‍රාමාත්‍යවරයා කීය. 
 


 



අදහස් (28)

සෑම ආගමකටම සමතැන දීම නියම බෞද්ධ ඉගැන්වීමයි - අගමැති

asanga Thursday, 02 November 2017 12:46 PM

අපේ රට තවම බෞද්ධ රටක්. මුලිකත්වය බුදුදහමට ලැබිය යුතුයි. එකයි සුදුසුම දේ. සමතැන දෙන්න මොකටද?

:       154       3323

Kumara Thursday, 02 November 2017 12:53 PM

එහෙම කරපු රටවල දැන් බුද්ධාගම අතුගැවිලා ගිහිල්ල. ඉරානය, ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය,බංග්ලාදේශය, මැලේසියාව, ඉන්දුනීසියාව

:       18       1206

arfathThursday, 02 November 2017 01:47 PM

පකිස්ථානය සහ බංග්ලාදේශය යනු අතීතයේ බෞද්ධ රටක් නොව එය ඉංග්‍රිසි පාලන කාලයේ ඉන්දියාවෙන් වෙන් වී බිහිවූ රටවල්ය

:       811       845

bamunuarachchiThursday, 02 November 2017 03:11 PM

එතකොට පකිස්තානය ගැන කතා කරන විට පකිස්තානය නොකිය ඉන්දියාවෙන් වෙන්වූ කොටසක් කියාද කතා කරන්න කියන්නේ.

:       87       447

K PereraThursday, 02 November 2017 03:56 PM

Arafath , මේ අදහස් දමන හුඟ කෙනෙක් (සැවොම නෙවේ ) එයාලට හිතට එන දේ ලියනවා, යතාර්ථය නොදැන.

:       226       43

ManoriThursday, 02 November 2017 04:42 PM

අර්ෆත් දන්න ඉතිහාස‍ය. බෞද්ධ පැරණි නටබුන් තිබුණු තැන් දැනේ අපේ කියාගෙන දගලන කට්ටියනේ ඔයාල. දන්නවනේ කුරගල, මනික්කමඩු පුදම් වල අයිතිවාසිකම් කියාගෙන දගලන හැටි.

:       17       450

රාජුන්Friday, 03 November 2017 12:01 AM

ඔබගේ අදහස වැරදියී. එම රටවල බුද්ධාගම ඉතාම පැතිරී තිබුනා අතීතයේදී. අවශ්‍යනම් ඔබට ඒ විස්තර අපක්ෂපාත අන්තර්ජාල පිටුවලින් හෝ පිලිගත් පොත් පරිශීලනය කිරීමෙන් දැනගත හැකි.

:       0       90

පුෂ්පාFriday, 03 November 2017 12:09 AM

අර්ෆත්, ඔබ දැන දැන බොරු කියන්නෙ. බොරු කියන එක මම අදහන බුද්ධාගමේ හැටියට පවක්. ඔබ අදහන ආගමේ කොහොම කියල තියෙනවද කියල මම දන්නේ නෑ.

:       0       17

GihanFriday, 03 November 2017 01:18 AM

ඉන්දියාව සහ ඒ කලාපයේ ඉතිහාසය අවුරුදු 200කින් එහා නොදැන සිටීමේ විපාකය තමා ඔය. ඇත්තෙන්ම පකිස්ථානය කියල වෙනම රටක් තිබුනේ නෑ. ඒක ඉන්දියාවෙම කොටසක්. මෝගල් කියන ආක්‍රමණ වලින් වසර දහසකටත් වඩා බෞද්ධ රටක් වූ ඉන්දියාවේම බුදු දහම අතුගා දැමුවා. බෞද්ධයන් අමු අමුවේ මරා දැම්මා. නාලන්දා විශ්ව විද්‍යාලයේ සිටි දස දහසක් භික්ෂුන් වහන්සේ දානය වලඳමින් ඉන්නකොට පණ පිටින් පුළුස්සා දැම්මා. ඉංග්‍රීසි ආක්‍රමණයෙන් පසුව රටවල් ඔය විදියට වෙන් කරත් ඉතිහාසය මකන්න බෑ. ඒකයි තවමත් පකිස්ථානයේ, බංග්ලාදේශයේ කෞතුකාගාර වල බෞද්ධ නටඹුන් තියෙන්නේ. බාමියන් වල බුදු පිළිම තියෙන්නේ. කුඹුරක් හෑරුවත් බෞද්ධ නශ්ඨාවශේෂ මතු වෙන්නේ

:       0       140

රාජුන්Thursday, 02 November 2017 10:07 PM

ආරියරත්න ශූරීන්ගේ දෙමල බෞද්ධයා නැමැති පොත කියවා බලන්න. බොහෝ කරුනු එයින් දැනගතහැක.

:       0       2

ධම්මFriday, 03 November 2017 03:46 AM

නැගෙනහිර පකිස්තානය හා බටහිර පකිස්තානය ලෙස පකිස්තානය ඉන්දියාවෙන් වෙන්වුණේ ඉස්ලාම් ආගම පදනම් කරගෙනයි. නැගෙනහිර පකිස්තානය පසුව බංග්ලාදේශය ලෙස වෙන්වුනා. ඉන්දියාවෙන් පිටමං වූ මුස්ලිම්වරුන් බටහිර පකිස්තානයේ සින්ද් ප්‍රාන්තයේ පදිංචි උනා. අද ඔවුන් මොහජීර්වරු ලෙස හඳුන්වන අතර ඔවුන් වෙනම රාජ්‍යයක් ඉල්ලන තැනට පත්වෙලා. මා මේ කිව්වේ රටක් බෙදුනාම සිද්දවෙන දේ ගැන ආසන්නම රටෙන් උදාහරණයක්.

:       0       129

වර්නන් Thursday, 02 November 2017 02:09 PM

රටකට කොහොමද ආගමක් තියෙන්නේ? ආගම් එක් එක් පුද්ගලයාට සීමාවූ පුද්ගලික ධර්මයකි. ආගමකට මූලිකත්වය දිය යුත්තේ තනි තනිවම පුද්ගලයා විසිනි.

:       1185       1262

sunil Thursday, 02 November 2017 03:02 PM

මේ රට උතුම් බෞද්ධ රටක් බව ලෝකයා හමුවේ ඔප්පුකර පෙන්විය හැක්කේ, නියම බුද්ධ දහම තුල ජීවත් වීම තුලින්. එමෙන්ම උතුම් බෞද්ධ ප්‍රතිපත්ති වලට තමන්ගේ ජීවිත වල මුල්තැන දෙන බව පෙන්වීම මගින් මිසක් මේ ගෞතම බුද්ධ රාජ්‍ය කියා පාරේ මිනිසුන් අනික් වාහන මාර්ග නීති කඩකරමින් දුවන පුද්ගලීක බස් වල බෝඩ් ගහලවත්, බුද්ධ දහමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මුල්තැනම දිය යුතු ය කියා කෑ මොරදීමෙන් වත් නොවේ. තම තමන්ගේ ජීවිතවලින් බුදු දහමට මුල්තැන නොදෙනවානම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පමණක් ඊට මුල්තැන දීමෙන් පලක් වන්නේ නැහැ.

:       542       604

bamunuarachchi Thursday, 02 November 2017 03:18 PM

වර්නන් සව්දි අරාබියේ තිබෙන්නේ මොන ආගමද? වතිකානුවේ තිබෙන්නේ මොන ආගමද? ඒගොල්ලන්ට ඒ ආගම් තියා ගන්න පුලුවන්නම් ශ්‍රී ලංකාවට බුද්ධාගම තියා ගන්න බැරි ඇයි? අවුරුදු 500 කලින් මෙරට බෞද්ධ රටක්. ඒක අමතක කරන්න එපා. මෙරට රැකිලා තිබෙන්නේ බෞද්ධ සංස්කෘතිය නිසා.

:       134       1246

වර්නන්Friday, 03 November 2017 02:22 AM

සව්දි අරාබියේ සහ වතිකානුවේ ජනතාව තමාට තිබෙනවයි කියාගන්නා ආගම් ඇත. ලංකාවේද එසේමය. තමාගේ අම්මා හෝ තාත්තා බෞද්ධයයි කියාගත් වූ පමණින් දරුවා බෞද්ධ නොවේ. නියම බුද්ධ දහම තුල ජීවත් වීම තුලින් පමණි. එවැනි අය ඉතාමත් සුළු පිරිසක් පමණක් සිටින බව ලෝකයට අප පෙන්නා හමාරය.

:       115       134

bamunuarachchiSaturday, 04 November 2017 02:32 AM

" තමාගේ අම්මා හෝ තාත්තා බෞද්ධයයි කියාගත් වූ පමණින් දරුවා බෞද්ධ නොවේ. " මොනවද මේ කතා වර්නන්. බෞද්ධ පමණක් නොවේ ක්‍රිස්තියානි, මුස්ලිම්, මෙකී නොකී හැම ආගමික යෙකම ඒ ආගමට අයිති වුයේ උප්පත්තියෙන් තම දෙමව් පියන් නිසා. කියන්න බලන්න බුද්දාගම් දෙමව්පියන්ගේ ළමයි ක්‍රිස්තියානි කියල බව්තිස්ම කලේ කොහෙද කියල. කොටින්ම ඔබ වර්නන් වුනෙත් ඔබේ දෙමාපියන්ගේ උවමනාවට මිස ඔබේ උවමනාවට නොවේ. ඔබගේ අවශ්‍යතාවට එය වෙනස් කල හැකිය එය වෙනම ප්‍රශ්නයකි. නමුත් බුද්ධාගම ගැන පැහැදී බුද්ධාගම වැලඳ ගත් බුද්දිමත් මිනිස්සු ලෝකයේ බොහොම ඇත. බුද්ධාගමට විරුද්දව කතාකරන බුද්ධාගම් කාරයෝ ඔබ දැක තිබෙනවාද? නමුත් ඉස්ලාම් ආගමට විරුද්දව කතා කොරන එම ආගමේම සල්මාන් රුෂ්ඩි වන්නවූන් සිය ගණනක් අන්තර් ජාලයෙන් සොයා ගන්න පුළුවන. "එවැනි අය ඉතාමත් සුළු පිරිසක් පමණක් සිටින බව ලෝකයට අප පෙන්නා හමාරය." මෙයට මම කෙටි පිළිතුරක් දෙන්නම්. වටිනා මැණික් තිබෙන්නේ බොහොම ටික දෙනෙකු අතය. එම නිසා බෞද්ධ ආගම සහ බෞද්ධයින් පමණක් ආගම් සම්බන්ධ කතාවලට ඇඳා ගන්න එපා.

:       0       3

පිටිගල මිලානෝ Thursday, 02 November 2017 03:30 PM

ඔව් අගමැතිතුමනි එය බෞද්ධ දර්ශනයේ අංගයක් තමයි නමුත් මේ රටේ මුල්තැන දිය යුත්තේ බෞද්ධාගමටයි. ආත්මාර්ථකාමී වර්ගවාදී දේශපාලකයෝ හැරුණු විට මෙරට සාමාන්‍ය බෞද්ධ ජනයා චිරාත් කාලයක සිට අන්‍යාගමිකයින් සමග බොහෝ සුහදව සිටිනවා. එය අදටත් එසේමයි. මේ බෞද්ධ රටත් බහුආගමික වුනොත් ලෝකයේ අන්තිම බෞද්ධ රටත් නැතිවෙනවා. පුළුවන් නම් එක්සත් ජාතීන්ගෙන් ඉල්ලීමක් කරන්න ලංකාව බෞද්ධ රටක් හැටියට නම් කර සංරක්ෂණය කරන්න කියලා.

:       87       545

MPFriday, 03 November 2017 12:44 AM

ඒක හරි. බුදුපියාණන් වහන්සේ අත පැන් වක්කර බුද්ධාගම බාර දී ඈත්තේ ලංකාවටයි. මේ රටේ බහුතරයක් බෞද්ධයන්.

:       3       99

බද්රානි Thursday, 02 November 2017 08:11 PM

බුදුන් වහන්සේ නම් කීවේ, " පාරුව තිබෙන්නේ ගඟෙන් එතරවීමට විනා කරේ තබාගෙන යාමට නොවෙයි. මාගේ දර්ශනයත් එසේමයි" හැබයි ඉතින් මෙතන ලියලා තියන අදහස් ටික දැක්කම නම් මට හිතුනේ, රෝමයේ වතිකානුවේ ජීවත් වෙන අය ළඟ තියන බුද්ධාගමවත් අපේ ඇත්තන්ට නැහැ කියලයි. යම්කිසි විදිහකින් සත්‍යය වසන් වෙන්නේ, සත්‍යය, අසත්‍ය නිසා නොවෙයි, අසත්‍යය, සත්‍යය ලෙස පෙනෙන අඥාන පිරිසක් මෙලොව වසන නිසාවෙනි. ඒකනේ බුදුන් වදාළේ "මාගේ දහම තේරුම් ගත හැක්කේ ප්‍රඥාවන්තයින්ට පමණක්" බව. මෝඩයින්ගේ පාරාදීසයේ බෞද්ධ දර්ශනය රැකුනොත් තමයි අපි පුදුම විය යුත්තේ?

:       419       530

Lapaya Friday, 03 November 2017 02:19 AM

ලෝකයේ තියන විශාලම පැරණිම ක්‍රි: ව: 770 ඉදිකළ බොර්බදුර් විහාරය පිහිටලා තියෙන්නේ ඉන්දුනීසියාවේ ජාවා දුපතේ. එදා බෞද්ධ රටක් වුන ඉන්දුනීසියාව අද ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහනය ඉන්න මුස්ලිම් රටක්. ඒ දෙයම තමයි පකිස්ථානය, බංගලා දේශය, ඉරානය. ඇෆ්ගනිස්ථානය, මැලේසියාව, වැනි එදා බෞද්ධ රටවල් වලට වෙලා තියෙන්නේ අරාබින් වෙළදාමේ ඇවිත් පදිංචි වීමෙන්. අපේ ලංකාවත් බුදු දහමට මුල් තැන දීම ව්‍යවස්ථාවෙන් නොකලොත් අනාගතේ උතුර හින්දු ඉතිරිය මුස්ලිම් වෙලා තමයි නවතින්නේ.

:       5       116

nimallalitha Friday, 03 November 2017 03:06 AM

බුදු දහමේ ඉගැන්වීම සහ දර්ශනය ට දන්නා හින්ද වෙන්න ඇති 88.89 වර්සවල බට ලන්ඳ වදකාගාර පැවැත්තුවේ. බුදු දහමේ අවිහිංසාව හෝ මෛත්‍රීය නිසා බොදු පුද බිම් විනාස කරන්න දෙන්න බැහැ. බලපෙරේත දේශපාලන නිසා මේ රටේ සිංහල බෞද්ධ ඉතිහාසය විනාශ කරන්න දෙන්න බැහැ. සිංහලට වින කරන ද්‍රෝහියන්ට සාප වේවා!!!!

:       311       463

PREMARATHNE Friday, 03 November 2017 03:44 AM

ගරු අගමැතිතුමනි , ඔය කියන සම තැන ඔබතුමාට උපදෙස් දෙන අනෙක් රට වලත් තියනවද ? ඔබ තුමා දිවුරුම් දුන්නේ ත්‍රිපිටකයේ අත තියල නොවෙයිනේ?

:       2       235

Buddhi Friday, 03 November 2017 03:45 AM

එතුමා කියන දේ ඇත්ත. හැබැයි එය සියලු ජාතීන්ට පොදූ විය යුතුයි. ප්‍රධාන කාරණා වලදී සියලුම දෙනනා එක ශ්‍රි ලාංකික නීති-රීති සිරිත් -විරිත් පද්ධතියකට අනුගත විය යුතුයි. ඒ සඳහා ඔවුන්ට තමන්ගේ සාම්ප්‍රධායික අන්තවාදී ආගමික නීති/සිරිත් වලින් දැන් ඈත් විය යුතුයි. උදාහරණ ලෙස ඇතැම් ආගම් වල උපත් පාලනය තහනම් උවත් ඔවුන් දැන් එය වෙනස් කල යුතුයි. විවාහය, ඇඳුම් පැළදුම් (හඳුනා ගැනීමේ පහසුව සඳහා) සම්බන්දයෙන් පොදු ශ්‍රි ලංකික නීති/සිරිත් පද්ධතියකට අනුගත වීම කළ යුතුමයි.

:       0       63

රවිඳු Friday, 03 November 2017 08:33 AM

ආගම දහම තිබෙන්නේ අන් අයට ලොකුකම් පෙන්වන්න වත් අනෙක් අයට වඩා ඉහලින් ඉන්නවත් නෙවෙයි. සාමකාමීව ජීවත් වෙන්නයි. හොඳ වෙලාවට සත්තුන්ට ආගමක් නොතිබුනේ. නැත්නම් ඉතින් උනුත් ආගම වෙනුවෙන් මරා ගන්නවා මේ ගොන් මනුස්ස මෝඩයෝ වගේ.

:       0       125

DD Friday, 03 November 2017 08:41 AM

අපි තවම ගඟෙන් එතර වෙලා නැහැ බද්‍රානි. ඉතින් එතෙර වනතුරු බුදු දහම ඉගෙන ගැනීමට සහ පුරුදු පුහුණු කිරීමට, අපිට ධර්මය තිබිය යුතුයි. සම තැන වුණොත් වෙන දේ අපි දන්නවා. ඔයා ගඟෙන් එතර වෙලා නම් නිශ්ශබ්ද වුනොත් හොඳයි. අපි තවම මෝඩයි.

:       0       1

prakaash Friday, 03 November 2017 11:31 AM

බෞද්ධ ගති පැවතුම් කොහෙත්ම නැති අතර බුදු දහමට නිගා දෙන ලෙස තමයි කටයුතු කරන්නේ. කතාවට වඩා වෙනස් ලෙස තමයි කෙරුවාව. කුමන්ත්‍රණයෙන් වංචාව සහ බොරුවෙන් වැඩ කරන එකයි වෙන්නේ...

:       1       0

bamunuarachchci Saturday, 04 November 2017 03:04 AM

" පාරුව තිබෙන්නේ ගඟෙන් එතරවීමට විනා කරේ තබාගෙන යාමට නොවෙයි. මාගේ දර්ශනයත් එසේමයි" බද්රානි එගොඩ වීම කොහොම වුනත් අපි තවම පාරුව දැක්කෙත් නැත. අතීතයේ අපේ රටේ කොපමණ හොඳ බෞද්ධයින් සිටියාද කියා මෑත ඉතිහාසය දිහා විමසිල්ලෙන් බැලුව හොත් පෙනේවි කොපමණ ඉඩකඩම් දන් දුන් මිනිසුන් පානදුර පළාතේම සිටියාද කියා . නමුත් ඈත අතීතයේ සිට තිබු බෞද්ධ කම මිසුන්ගෙන් ඉවත් වුනේ කෙසේද. ඒ වෙනත් ආගම් මෙරටට අවතීරණය වුන නිසා. අපේ මිනිසුන් හරක් මස් කෑමට, මත්පැන් පානයට වැනි දේට පුරුදු වුයේ පරදේසක් කාරයින්ගේ පැමිණීම නිසාය. පොඩි දෙයක් කියන්නම්.උඹ බන් බොලන් කියන වචනය වත් නොදැන සිටි මගේ මුනුබුරා කොළඹ පරසිද්ද අන්තර් ජාතික පාසලකට ගොස් මාසය යන්න පළමුව අර වචන සියල්ලම ඉගෙනගෙ ආවේය. සිංහල බෞද්ධ ජාතියටම වුනේ ඔය "සැන්තැසිය" මය. ඉස්ලාම් ආගම පවතින ස්ව්දිඅරාබියේ වෙනත් ආගම් වලට ඉඩ නැත්තේ වෙනත් ආගම් නිසා ඔවුන්ගේ ආගමට පහරක් වදින නිසාය. බෞද්ධ ආගමේ තිබෙන පතිපත්ති නිසා මෙරටට පතිත වූ වෙනත් ආගම් දැන් බුද්දාගම කා දමමින් සිටින්නේය. ලස්සනම වැඩේ කියන්නේ වෙනත් ආගම් වල සිටි වුන් බුදාගමට පැමිණ බුද්දාගම කාදමන බව මේ නිවට නියාලු සිංහලයාට නොපෙනීමය.

:       0       0

bamunuarachchi Saturday, 04 November 2017 03:11 AM

"අශෝක අධිරාජ්‍යයාගේ ශිලා ලේඛනවලට අනුව සෑම ආගමකටම සම තැන," මේකත් අර පස් දුන් නිසා පස්දුකෝරලය උනා කියන කතාවට දෙවෙනි නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 142 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 78 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 450 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site