(අංජුල මහික වීරරත්න)
සාමය හා සංහිදියාව ස්ථාපිත කරලීමේ අසීරු කාර්යභාරය සාර්ථක කර ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකාව මුළු මහත් ලෝකයටම ආදර්ශයක් සපයමින් සිටින බව නෝර්වේ විදේශ ඇමතිනී ඉනෙ එරික්සන් එස්ඔරෙයිදේ මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ අවධාරණය කළාය.
ඔස්ලෝ නුවර රාජ්‍ය අමුත්තන්ගේ නිල නිවස්නයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ලාංකේය දූත පිරිස හමුවූ අවස්ථාවේ එස්ඔරෙයිදේ මහත්මිය වැඩිදුරටත් පැවසූයේ ශ්‍රී ලංකාවේ සාමය හා සංහිදියා වැඩ පිළිවෙල සඳහා නෝර්වේ රාජ්‍ය පූර්ණ සහය ලබා දෙන බවයි.
ශ්‍රී ලංකාව සහ නෝර්වේ රාජ්‍ය අතර ආර්ථික හා දේශපාලන සබඳතා ශක්තිමත් කරලීමේ සැලසුම් හා උපාය මාර්ග පිළිබඳව ද, මෙතෙක් දෙරට අතර පැවති ආධාර දීම හා ආධාර ලබාදීමේ සංකල්පයෙන් ඔබ්බට මේ සබඳතාවන් ගෙන යා යුතු බව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රයත්නය පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කෙරිණි. සාගර ආශ්‍රිත රටවල් අයත් වන විවිධ සංවිධානය අතර සහයෝගයක් හා ඒකමිතියක් ඇති කරලීමේ අවශ්‍යතාව පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැණිනි.
ධීවර සම්පත් සංවර්ධනය හා ධීවර කර්මාන්තයේ උන්නතිය සඳහා නව තාක්‍ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් දෙරටට ගත හැකි සාමූහික ක්‍රියා මාර්ග පිළිබඳව ද මේ සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.
ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජිත පොලිස් හා අපරාධ යුක්තිය පිළිබඳ විශ්ව විද්‍යාලය සඳහා තාක්‍ෂණික සහයෝගය ලබා දීමට ද නෝර්වේ රාජ්‍යය එකඟ විය.

COMMENTS
සාමය හොඳයි.ඒත් සාමය නිසා අපිට සිංහල හැඟීම නැතිවෙමින් යනව.දෙමළ අයට දෙමළ හැඟීම නැතිවෙමින් යනව.සංස්කෘතිය දියවෙමින් යනව.ආගම සංස්කෘතිය නිසා බිහිවූ රැකියා ව්‍යාපාර නැතිවෙමින් යනව.නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගන්නෙ නැතුව ආගමික සංස්කෘතික යැපීම නතරවීම භයානක ප්‍රතිඵල ගෙනදෙන්න පුළුවන්.
ඒ සංහිදියාව තිබෙන්නේ පොතේ සහ ලොක්කන්ගේ ඔළුවල අපි ගාව තිබෙන්නේ වෛරයක්. එක දුටුගැමුණු රජුගේ සිට එන එකක්. එක නැති කොරන්න මේ ජාතියේ බැහැ.
සංහිදියාව එන්න ඕනේ ජනතාවගේ සිත් තුලින් මිස දෙසපාලුවන්ට ඕනේ විදිහට බලෙන් ඔබන්න බැරිය.
නෝර්වේ රාජ්‍ය අගමැති ඉදිරියේ එක මුහුණකුත්, ජනීවා ගියොත් තවත් මුහුණක්. අපේ දේශපාලකයෝ මෙහෙ රටේ ජනතාවට පෙන්න මුහුණ තමයි, නෝර්වේ රාජ්‍ය අපේ දේශපාලකයන්ට එහෙ පෙන්නන්නෙත්. නෝර්වේ මැදිහත්වීමෙන් මොකද්ද සාමය වුනාද? නෝර්වේ රාජ්‍යේ අවශ්‍යතාව පරිදි එදා සාමය වුනානම්,අදත් කොටි ත්‍රස්තවාදීන් හැසිරන්නෙත් බර අවි ආයුද සමග. යම් යම් අඩු පාඩු තිබුනත්, දැන් සාමය උදා වෙලා තියනවා.
සාමය සංහිදියාව කියන කාරණය රටක ජීවත්වන ජනතාව වෙත පිටතින් ආනයනය කර එන්නත් කල හැකි දෙයක් නොවේ.ඒ සදහා ඒ රටේ ජීවත්වන ජනතාව තුල වෙනස් ජාතිකත්වයන්ට ආගම්වලට හා සංස්කෘතින්ට ගරු කරමින් හා අනොනය අවබෝයෙන් ජීවත්වීමට පුරුදු පුහුණු කල යුතු අතර ඒ සදහා කාළයක් ගතවන අතර ජනතාවගේ සිතුම් පැතුම් වල මෙන්ම ඇවැතුම් පැවතුම් වලද වෙනස් කම් විය යුතුය.ශ්රි ලංකාව වැනී පසුගාමී සංවර්ධිත රටක මේ සදහා දේශපාලන හා ආගමික නායකයන්ගෙන් සිදුවන සෘනාත්මක බලපෑම මෙන්න අධයාපනයේ පවතින පසුගාමී ගුණය මේ තත්වය උත්සන්න කිරිමට හේතුවේ.
ලෝකෙට පේන්න කරන්න ගිහින් අනා ගන්නවා ලගදිම