IMG-LOGO

සම්බන්ධන් බලන්න මහින්ද යයි

(සිරාජ් හසීම්)

රෝගාතුරව සිටින දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතාගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(25) සම්බන්ධන් මහතා ප්‍රතිකාර ලබන කොළඹ පෞද්ගලික රෝහලට පැමිණියේය.

දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන්ට බාහිරව විපක්ෂ නායකවරයාගේ සුවදුක් බැලීමට පැමිණි ප්‍රථම දකුණේ දේශපාලන නායකයා මහින්ද රාජපක්ෂ මහතා බව ද වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ මහතා සමගින්  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද රෝහලට පැමිණ සම්බන්ධන් මහතාගේ සුවදුක් විමසා බැලීය.

විපක්ෂ නායකවරයා පසුගිය 20වැනිදා රාත්‍රියේ දැඩිව රෝගාතුර වීම මත පසුගිය 21 වැනිදා රෝහල්ගත කෙරිණි.

කෙසේ වෙතත් සම්බන්ධන් මහතාගේ තත්වය සුව අතට හැරී තිබීම මත ඔහු අද(25) දහවල් නැවතත් නිවස බලා පිටව ගියේය.



අදහස් (21)

සම්බන්ධන් බලන්න මහින්ද යයි

ජගත් ලියනගේ Monday, 25 December 2017 12:32 PM

මේවට කියන්නේ " මල කෝලං " , " මල විකාර " කියල .

:       1675       1778

ban choon Monday, 25 December 2017 12:54 PM

නිකන් හරි මෛත්‍රී හෝ රනිල් ගියානම් බලන්න ඔය ඔතන ඉන්න අප්පච්චිත් පුතන්ඩිට් ඔවුන්ගේ සගයොත් මොන වගේ කතන්දර ගොතල ඇත්ද වේදිකාවල. මිනිස්සු කාටවත් වහල් නොවී බුද්දියට මුල්තැන දෙනකන් මේ රට ගොඩ යනවා බොරු.

:       2385       2606

BamunuarachchiMonday, 25 December 2017 10:41 PM

අපට ඔබේ බුද්ධිය කොහෙද කියා සිතාගන්න පුළුවන්.

:       321       13

asad Tuesday, 26 December 2017 07:18 AM

හරකෙක් උනාට උම්බෑ කියන්න එපා කියල පැරණි මිනිසුන් කියල තියෙන්නේ කට කහනවට නෙවෙයි කියල ඔබ තුමාගේ යටි අදහසින්ම කියන්න පුළුවන්.

:       2       187

සමරසේකරTuesday, 26 December 2017 07:41 AM

ඔයාගෙ මොලේ කොහේද කියල තමයි බලන්න ඕන. මෙතනට රනිල් ගියානම් බෙදුම්වාදෙ, ෆෙඩරල්, ඩයස්පෝරා ඔක්කොම කතා අහගන්න පුළුවන්.

:       2       209

Sudu banda Monday, 25 December 2017 12:57 PM

අනිත් ලොක්කෝ ඡන්දෙට බයවෙලානේ එකයි හොයාගන්න නැත්තේ

:       215       513

ranasinghe Monday, 25 December 2017 01:09 PM

හිටපු ජනාදිපතිතුමා කොහොමත් මළගමක් ලෙඩක් දුකක් දැනුනොත් එතනට ගොඩවෙලා අදාල පාර්ශ්වයන් සමග දුක සැප බෙදාගන්න එක එතුමාගේ උතුම් ගුණාංගයක්..

:       4105       3860

ukku banda Monday, 25 December 2017 01:31 PM

සම්බන්දන් මහතාට බයානක ලෙඩක්ද මේ දෙන්න මුහුණ වහගෙන ඉන්නේ අනේ මන්ද?

:       1       7

Prase Monday, 25 December 2017 02:33 PM

අපි මිනිස්සුනේ........අන් අයට ගරු කරන්න ඉගෙන ගන්න

:       0       191

Raveendra Monday, 25 December 2017 02:56 PM

පාට පක්ෂ කෙසේ වෙතත් කෙනෙකුගේ දුක සැප බැලීමට යාම අප නම් වැරද්දක් ලෙස නොදකින අතර ඔය ගමන මහින්ද නොව රනිල් ගියත් මෛත්‍රී ගියත් අප මිනිසුන් හැටියට එය අගය කල යුතුය. " බුරුවන් තේරීමේ මහා තරගය" ගැන සිතමින් මෙදෙස බැලුවොත් ඕනෑම කෙනෙකුට තම තමන් වන්දනා මාන කරන " ගොන් පාට " හැර වෙන කිසිදු දෙයක් නොපෙනෙන බව ස්ථිරය .

:       0       519

jayawardena Monday, 25 December 2017 03:44 PM

මේ අයගේ බල තණ්හාව කවද නැතිවෙයිද ? දෙපාරක් ජනාධිපති වෙලත් තාමත් මදිද ?

:       401       6

Bamunuarachchi Monday, 25 December 2017 05:00 PM

බලන්න යායුතුයි ඒ සිංහළ බෞද්ධකම වගේම මිනිස් කම. මෙතනදී අපිට ජාතිවාදය ඕනේ නැත.

:       1       361

කුමාර් (ගල්ෆ්) Monday, 25 December 2017 06:13 PM

වෙස් මුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ, අපි නෑ රැවටෙන්නේ, වැරදුනානම් යන්නේ

:       124       2

අප්පුහාමි Monday, 25 December 2017 08:32 PM

මාස්ක් එක දාගන්න හැටි පුතාවත් කියාදීලා නෑ.

:       6       107

de silva Monday, 25 December 2017 10:52 PM

උදේට උසාවියේදී පෙරකදෝරුවෝ කෙස් පැලෙන තර්ක විතරක ඉදිරිපත් කරමින් මරාගන්න හැදුවට හවසට එක බෝතලය ගහල කරේ අතදාගෙන ගෙදර යනවා , පාර්ලිමේන්තුවේදී විවිධ චරිත රඟපෑවත් මේගොල්ල ප්‍රාඩෝ වල ගමන් බිමන් යන තරු පහේ හෝටල් වල සාධ පවත්වන එකම පලන්තියක පුද්ගලයන් . දේශපාලනය යනු බිස්නස් එකකි ,

:       0       134

BamunuarachchiTuesday, 26 December 2017 08:13 AM

ඔයටික නොතේරෙන් අය කොපමණ ඉන්නවාද කියා බලාගන්න පුළුවන් නේද? අපිත් ඉස්කෝලේ ගිය කාලේ දෙපැත්තට බෙදිලා වාද විවාද කළා. එහෙම කලාට අපි තරහ කාරයෝ උනේ නැහැ . ඉස්කෝලේ නොගිය මැට්ටෝ හිතන්නේ වාද විවාද කළාම තරහ කාරයෝ කියලා. හැබැයි රනිල් ලෙඩා බලන්න ගියානම් යන්නේ රට බෙදන්න කතා කොරගන්න. නැතිනම් බැංකු කොල්ලය ශේප්කරගන්න

:       0       432

Thilina Tuesday, 26 December 2017 01:29 AM

මාදුලුවාවේ සෝභිත හාමුදුරුවො අසනීප වෙලා ඉද්දිත් මුලින්ම උන්වහන්සේ බලන්න ගියේ මෙතුමා ..ඒක උතුම් ගුණාංගයක් .

:       0       226

wasantha Tuesday, 26 December 2017 05:24 AM

මෙතුමාගේ ඡන්දෙ ගුදුවක්.

:       14       18

wasantha Tuesday, 26 December 2017 06:17 AM

නරි සිල් ගනිති. බොරු නොකරති.

:       101       2

Bamunuarachchi Tuesday, 26 December 2017 08:03 AM

පාර්ලිමේන්තුවේදී බැණගන්නා මේගොල්ලෝ තේ බොන්න ගියාම යාලුවෝ. එත් සමහර අය හිතන්නේ මේගොල්ලෝ වෛරක්කාරයෝ කියල. එහෙම හිතාගෙන උන් උන් ගොන් නාම්බෝ ඌරෝ වගේ කෑගහනවා. අර මිනිස්සු බෙදාගෙන කනවා.

:       0       48

Bamunuarachchi Tuesday, 26 December 2017 08:18 AM

රැවටිච්ච හරිය හොඳටෝම ඇති. මත්තල වී ගබඩාවක් කොරන්න තරම් වී තුබුන රට දැන් හාල් පිටරටින් ගෙන්වනවා. සනීපයි නේද?

:       103       370

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 83 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 507 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 936 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site