ප්‍රවීණ සංගීත ශිල්පියකු වන සෝමපාල රත්නායක මහතා අද(18) අභාවප්‍රාප්ත විය.
ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ සොහොයුරා වන සෝමපාල රත්නායක මහතා ජනප්‍රිය ගීත රැසකට තනු නිර්මාණය කළ අයෙකි.
හදිසියේ රෝගීවීම හේතුවෙන් ඊයේ(17) කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටි ඔහු අද(18) අලුයම ජීවිතක්ෂයට පත්විය.
හන්තානේ කතාව සිනමාපටය ඔස්සේ චිත්‍රපට සංගීතයට යොමුවන ඔහු ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ටයිටස් තොටවත්තයන්ගේ ‘හඳයා‘ සිනමා පටයෙන් සංගීත අධ්‍යක්ෂණයට පිවිසියේය. ගිවන්ත අර්ථසාද් ගේ ‘දුටුගැමුණු‘ කාටුන් චිත්‍රපටය, උතුමාණනී, සාගරයක් මැද, කොටි වළිගය, නොමියෙන මිනිස්සු, අන්තිම රැය ඔහුගේ සංගීත අධ්‍යක්ෂණයෙන් වර්ණවත් වූ චිත්‍රපට අතර විය.
චිත්‍රපට 80කට පමණ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ සෝමපාල රත්නායකයන් මිය යනවිට 69 වැනි වියේ පසුවිය.
ඔහුගේ දේහය වත්තල, උස්වැටකෙයියාව පිහිටි නිවසේ තැන්පත් කර ඇත.
COMMENTS
ශ්‍රේෂ්ට සංගීතඥවරයෙක් ... නිවන් සුව ලැබේවා !!!
නිවන් සැප ලැබේවා.. !!!
ඔබට නිවන් සුව! දැන් නම් ඉතින් සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ.. අනඟ බඹර තරුණ අපි... අමර වරම අපිට හිමි... අපි මැරෙන්නෙ නෑ... අපි මැරෙන්නෙ නෑ..... සින්දුවේ අකාරයටම ඉන්නවා නේද?
නිහඬ ශ්‍රේෂ්ට කලාකරුවෙක්. හෙලබිමෙහිම උපදින්නට හේතු වාසනා වේවා !!!.
සංගීත දැනුම ඇති ඔබට අපගේ උපහාරය !!!
ඔබට නිවන් සුව !!! හැකි පමණින් කලාවට සේවයක් කර සමු ගෙන ගිය එකම මදැයි!!! අද ඉන්න සමහරුන්ට සමාජයට ආදර්ශයක් කියලා ඉතිරි කරන්න කිසිම දෙයක් නැහැ.
දක්ෂ ,නිහඬ ,ශ්‍රේෂ්ට ,සංගීතඥයෙක් ,ඔබට නිවන් සුව පතමු.