(බිඟුන් මේනක ගමගේ)
යුද්ධයේදී මිය ගිය ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ බිරින්ඳෑවරුන්ට ද සම්පූර්ණ වැටුප ලබාදෙන්නැයි රජයට බල කරමින් සමස්ථ ලංකා රණවිරු බිරින්දෑවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත.
ආබාධිත ආරක්ෂක අංශ සාමාජිකයන්ට ජීවිතාන්තය දක්වා වැටුප් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව පවසන එම සංවිධානයේ සභාපතිනි චන්දිමා ගුණවර්ධන මහත්මිය ජීවිත පරිත්‍යාග කළ සිය ස්වාමිවරුන්ට එම අයිතිය ලබා නොදෙන්නේ මන්දැයි එම ලිපිය මගින් ප්‍රශ්න කරයි.
මේ කරුණ ගැන කොතරම් දැනුම්දීම් කළ ද මේ වනතෙක් නිශ්චිත පිළිතුරක් දීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් රණවිරු සේවා අධිකාරියටත් ආරක්ෂක අමාත්‍යංශයටත් ජනාධිපති ලේකම් කාර්යාලයටත් සිය දැඩි කනගාටුව පළ කරන්නේ යැයි ද සමස්ථ ලංකා රණවිරු බිරින්දෑවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
යුද්ධයේදි මියගිය රණවිරුවන්ගේ බිරින්ඳෑවරුන්ට හෝ විවාහ නොවූ රණවිරුවන්ගේ මවට පියාට දැනටත් ලොකු මුදලක් වැටුප හා සමාන ලැබෙනවනෙ.
බැඳුම්කර පොලිය ගෙවන කොට ඕවට කොහෙද අනේ සල්ලි ඉතිරි වෙන්නේ.
අද අප සාමයේ සතුට භුක්ති විඳින්නේ, ඔවුන් හෙලූ ජීවිත-ලේ - දහදිය මතිනි. ඔවුන් සහ ඔවුන්ගේ අඹු -දරුවන් හට සර්ව සාධාරණය ඉටු විය යුතුව ඇත. ජීවිතයෙන් පුදනු ලද්දන්ට කල හැකි උත්තමාචාරය එයයි.
අනෙකුත් බොහෝ රස්සාවල වැඩ කරන්නේ පැය ගානට, මිම්මට. යුද්දේ කාලේ මේ රණවිරුවෝ කැලේ දින ගණන් දහදුක් වින්දා. අබාධිත වුණා, සමහරු මියගිහින් පවුල් අනාථ වුනා.මේ අය ඉල්ලන්න කලින් අපි සාධාරණයක් කරන්නේ නැත්තේ ඇයි? මිනිස්සු දැන් නිදහසේ ඉන්නේ මේ අය නිසා නෙවෙයිද?හැම පළාතකම ආරක්ෂක අංශයේ ප්‍රධාන මුලස්ථානයට මේ බිරින්දෑවරු, සහ දරුවන් කැඳවා එයාලගේ ගැටළු අහන්න බැරි ඇයි? පාරවල් වල විරෝධතා කරන තත්වයට ඇද දමන්න එපා. (අවුරුදු 5ක් පාර්ලිමේන්තු ගියාට වචනයක්වත් කතා නොකළ අයටත් ලොකු විශ්‍රාම වැටුපක් දෙනවා නේද?)