(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
සේවක අර්ථ සාධක අරමුදලේ ගැණුම්කරුවෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්‍ෂක බී.එච්. ඉන්දික සමන් කුමාර මහතා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බැඳුම්කර කොමිසමේ කටයුතු සඳහා පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අද (12) එම කොමිසමට දැනුම් දුන්නේය.
විමර්ශනයට අවශ්‍ය කාලය ලබා ගැනීම සඳහා මෙම කොමිසමේ සාක්කි විමසීමේ කටයුතු ලබන සඳුදා දක්වා කල් තබන ලෙස ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසමෙන් අවසර ඉල්ලා සිටි අතර කොමිසම ඊට අවසර දුන්නේය.
2015 පෙබරවාරී 1හා 2016 මාර්තු 31 අතර කාලයේ වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීමට පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ සිදු කෙරේ.
COMMENTS
බොරුවට හාල්මැස්සන් පස්සේ පන්නනවා, තෝරු පැත්තක ඉඳන් හිනාවෙනවා.
හොඳ හාල්මැස්සන්?? දන්නවද මෙයාට ළුණු බැංකුවෙන් දිලාතියන ණය. මෙයාල තමයි අර්ථ සාධක අරමුදල විනාශ කරන්නේ. ඇයි බැඳුම්කර මිලදී ගැනුමට අතරමැදියන් හරහා යන්නේ? සේවක අර්ථ සාධක අරමුදලට පුළුවන් කෙලින්ම බැඳුම්කර සඳහා ලන්සු තියන්න.
ඔච්චර සල්ලි තියනවනම් 16% ණය ගන්නේ මොකටද? අනික මේ මිනිස්සු දකුණු පලාතම දන්නා ව්‍යාපාරිකයෝ. තාත්ත දකුණු පළාතේ හොඳම ව්‍යවසායකයත් වෙලා තියනවා මේවා නාඩගම්