(පාලිත ආරියවංශ )
මේ රටේ දෙමුහුන් අධිකරණයක් පිහිටුවන ලෙස ඉල්ලා ජාත්‍යන්තර අධිකරණය යාමට උත්සාහ කිරීම 83 දි මෙන් නැවත කළු ජූලියක් ඇති කිරීමට හේතුවිය හැකි කරුණක් බැවින් එවැනි ගොන් හා තකතිරු කතා නොකියා තමා ශ්‍රී ලාංකික පුරවැසියෙක් බව සිතා කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතාගෙන් තමා ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (24) හාලි ඇල දී පැවැති මාධ්‍ය හමුවකදි පැවසීය .
ඩිලාන් පෙරේරා මහතා මෙසේද පැවසීය.
‘සුමන්තිරන් මන්ත්‍රීතුමා කියල තිබුණා ශ්‍රීලංකාව යුධ අපරාධ කරුවෝ හැටියට නම්කරල ඒගොල්ල නඩුදාන්න කටයුතු කරනවා කියල. සුමන්දිරන් මන්ත්‍රීතුමාට අමතක වෙලා තියෙනවා එතුමා ශ්‍රී ලාංකිකයෙක් කියල .ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියක් තියෙනවා . ඒ අධිකරණ පද්ධතියේ අපේ රටේ ව්‍යාවස්ථාව අනුව දෙමුහුන් අධිකරණ පිහිටුවන්න බැහැ .
සුමන්තිරන් මන්ත්‍රීතුමා කියා තිබුණා දෙමුහුන් අධිකරණ දාන්න දුන්නෙ නැතිනම් ඒගොල්ල ජ්‍යත්‍යන්තර අධිකරණයට යනවා කියල නමුත් එතුමා නීතිඥයෙක් .ජනාධිපති නීතිඥයෙක් ව්‍යවස්ථාව හොදටම දන්නවා .අපේ රටේ ව්‍යවස්ථාවට අනුව දෙමුහුන් අධිකරන පිහිටුවන්න බැහැ කියල . මේ රටේ පුරවැසියෙක් නොවී, නීති විද්‍යාලයේ නීතිඥ විභාගය සමත්නොවී මේ රටේ අධිකරණයක නීතිඥවරයෙක් වශයෙන් හෝ අධිකරණයේ විනිශ්චය කාර වරයෙක් වශයෙන් පෙනී සිටින්න බැහැ . ජී.එල්. පීරිස් මහත්තයා ලියපු පොත් පාඩම්කරල තමයි අපි විභා පාස් උනේ . නමුත් එතුමා නීතිය පිළිබදව මහාචාර්යවරයෙක් උනත් නීති විද්‍යාලයෙන් ආ නීතිඥයෙක් නොවෙයි . එනිසා එතුමාට නීතිඥයෙක් වෙන්න බැහැ .
අපේ රටේ ව්‍යාවස්ථාවට අනුව දෙමුහුන් අධිකරණයක් පිහිටුවන්න බැහැ කියල විදේශ කටයුතු ඇමති තිලක් මාරපන මහතා ත් කියනවා .එහෙම තියෙද්දි ජාත්‍යන්තර අධිකරණයට යන්න හදනවානම් ඒ ඔබ කරන්නේ නැවත වරක් ඔබතුමා මේ රටේ අහිංසක දෙමල ජනතාව බිල්ලට දෙන එක යි කියල මම සුමන්දිරන් මන්ත්‍රීතුමාට කියනවා . අහිංසක දමිල හා සිංහල ජනතාව අතර වෛරයක් ඇතිකරල 83 වගේ කලු ජූලිය කට හේතු වියහැකි කතා පතුරවන්න එපා කියල සුමන්තිරන් මහතාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා යැයිද ඩිලාන් පෙරේරා මහතා පැවසීය .
COMMENTS
මහත්තයෝ ඔය කියපු 100 % ක් හරි එවුණාට ඔයා ඕක කියන්න ඕනේ සුමන්තිරන් එක්ක පාර්ලිමේන්තුවේ එකට කන වෙලාවට හාලිඇල ගිහිල්ල අහිංසක ජනතාවට කියලා වැඩක් නෑ.. මිනිස්සු මොනවා කරන්නද? සුමන්තිරන් ඕක කිව්වේ කෙලින්ම යූ.එන්. එකට... සුමන්තිරන් කොළඹදී ලේසියෙන්ම ඔයාට හමු වෙනවා. ඒ වෙලාවට මුහුණටම ඕක අහන්න පුළුවන්...
දෙපත් නයි ගැන අපි දන්නවා...
සුමන්තිරන් නටන්න ගත්තේ 2015 ජනවාරියෙන් පස්සේ..
කතාව හරි වුණත් ඕක හැලෙයිද කියලා වැඩක් තියෙයිද? තමුන්නාන්සේට බදුල්ලේ ඡන්දෙ නැහැ. ඉල්ලුවොත් පරාදයි. ඒකනේ ලිස්ට් එකෙන්ම එන්නේ.. අවස්ථාවාදියි. ඔය කතාව වුණු කෙනාට කිව්වා නම් හරිනේ... මිනිස්සු අන්දන්න හදන්න එපා හලෝ...
හලෝ ඔහෙටයි වැරදිලා තිබෙන්නේ.. ඔහු මෙරට 10% ඉන්න සුළු ජනවාර්ගික දෙමළුන්ගෙන් කෙනෙක් බව ඔහු දන්නවා. ඔබලාටයි අපි 75% මෙරට සිංහල ජාතිකයෝ... අපි සිංහල කියා අමතක වී අර සුලුජාතීන් ගොඩටම වැටී ශ්‍රී ලාංකික වෙන්න හදන්නේ. එක මතක තියාගන්න. හැබැයි මුස්ලිම්කරණයට අසු වුන සිංහලයින් ඉන්න බව තව ටිකකින් බලාගන්න පුළුවන්....
රෙදි ටිකයි, වැසිකිලියයි හෝදලා බමුණුආරච්චි ඇවිත් වගේ.. හාලිඇල මිනිස්සුන්ට වැඩක් තියෙයිද ඕක? අනික ජාතිවාදය නිසා ගිනිගත්ත රටක තවත් ජාතිවාදය අවුස්සන්නේ කුහකයෝ තමයි..
කෙනෙක් චෝදනාවක් එල්ල කළාම මෝඩයා වෙන වෙන අර්ථකතන සපයලා හත්පොලේම ගා ගන්නවා.. ලෝකය ඉදිරියට ගොස් එම චෝදනාවට මුහුණදීලා එය බොරු චෝදනාවක් නම් ඒ බව ඔප්පු කරලා පෙන්වන්න බැරිකමක් නැහැනේ?
සිහි කල්පනාවක් විචාර බුද්ධියක් ඇති මහත්වරුනි. බමුනුආරච්චි දොරේ එක්ක කතාවට යන්න එපා. ඔහු සිංහල-බෞද්ධ සර්වබලධාරියෙක්. ඔරිජිනල් සිංහයා ලකුණ දරන ගවයෙක්. ඉහළ බෞද්ධයෙක්...! රටේ සින්නක්කර අයිතිය පිළිබඳව ලියාපදිංචි කරපු ඔප්පුව තියෙන්නේත් ඔහු ළඟ. කොටින්ම ඔහු ශිෂ්ට සම්පන්න ලාංකික සමාජයට නොගැලපෙන, මනෝරාජ්‍යයක ජීවත්වන ඉහළම ශ්‍රේණියේ කෙනෙක්...!
සුමන්තිරන් ශ්‍රී ලාංකිකභාවය අමතක කර බොහෝ කල්... ගැටළුව තමුන්ට ඒ ගැන 2015දී අමතක වීමයි.
කෙලින් කීවත් ඇදේට කීවත් කියන්නෙ ජාතිවාදය පතුරුවන කුහක අදහස්ම තමයි ..
වස කුප්පියක් කතා කරයි.
මේ කතා සත්‍ය නම් තවත් කළු ජූලියක් එන්න වැඩි කලක් යන එකක් නැහැ.
"මේ කතා සත්‍ය නම් තවත් කළු ජූලියක් එන්න වැඩි කලක් යන එකක් නැහැ." ප්නේනවා නේද රටපාවදෙන හැටි.....
"මේ කතා සත්‍ය නම් තවත් කළු ජූලියක් එන්න වැඩි කලක් යන එකක් නැහැ." අපි බලාපොරොත්තුව ඉන්නේ.