IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සුමන්තිරන් ඝාතනය සැලසුම් කළ කොටි 5 දෙනා තවදුරටත් රිමාන්ඩ්

(සිරාජ් හසීම්)

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ඝාතනය කිරීමේ සැලසුමකට සම්බන්ධ වූ බව කියන හිටපු කොටි සාමාජිකයින් පස් දෙනා ලබන 22 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තබන ලෙස කිලිනොච්චිය මහේස්ත්‍රාත් ඒ.ආනන්දරාජා මහතා අද(13) නියෝග කළේය.

මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරන ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අනාවරණය කරගෙන ඇති පරිදි ඕස්ට්‍රේලියාවේ පදිංචි කන්නන් අනෝජන් වෙට්‍රි නැමති අන්වර්ථ නාම ත්‍රිත්වයකින් හදුන්වන සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර වරෙන්තුවක්ද නිකුත් කරනු ලැබිණි
 

සුමන්තිරන් ඝාතන තැතක නිරත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කළ පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනය කිරිමට සැලසුම් කිරීම හා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා යටතේ මොවුනට එරෙහිව නඩු පවරා තිබේ.


මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් ත්‍රස්ත විමර්ශන ඒකකය සදහන් කර සිටියේ මොවුන් සුමන්තිරන් මහතා ඝාතනය කිරීම සදහා ආයුධද සන්තකයේ තබාගෙන සිටි බවය.එමෙන්ම මොවුන් සන්තකයේ මත්ද්‍රව්‍යද හමුවූ බවය.



අදහස් (1)

සුමන්තිරන් ඝාතනය සැලසුම් කළ කොටි 5 දෙනා තවදුරටත් රිමාන්ඩ්

kumar (galf) Monday, 13 March 2017 10:27 AM

හොඳ වැඩක්, නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි. බොහෝ කොටි තාම නිදාගෙන විතරයි ඇතුළතින් වෙනස්වෙලා නෑ.

:       9       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 743 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site