පන්දුව පළුදු කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඒ සඳහා නවක ක්‍රීඩකයකු යොදාගැනීමට වරදකරුවන් වීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්ට සහ උපනායක ඩේවිඩ් වෝනර්ට වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මේ දෙදෙනාටම වසර දෙකක් යනතුරු කණ්ඩායම මෙහෙයවීමද තහනම් කර ඇත.
පන්දුව පළුදු කළ ක්‍රීඩකයා වූ කැමරන් බැන්ක්‍රොෆ්ට මාස 9 ක ක්‍රිකට් තහනමක් පනවා තිබේ.
මෙම සිදුවීම මුල්කරගෙන ස්ටීවන් ස්මිත්ට අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ටෙස්ට් තරගයක් තහනම් කරන ලදි.
එහෙත් සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේම පරීක්ෂණයක් කළ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සිද්ධියට සම්බන්ධ තිදෙනාටම වඩා බරපතළ දඬුවම් නියම කර තිබේ.
COMMENTS
වැරැද්දට නිසි දඬුවම් කිරීම කොයි කාටත් හොඳ ආදර්ශයක් !!!
ඉතාමත් හොඳ ආදර්ශමත් තීරණයක්. ලංකාව නැමැති දූපත විනාශවූයේ කිසිඳු වරදකට දඬුවම් දීමට සුදුසු පාලකයන් නොසිටින බැවිනි.
වරදක් කරාම දඬුවම් කරන්න ඕන .හැබැයි ඔස්ට්‍රේලියාව සෑහෙන්න පසු බෑමකට ලක් වෙනවා.