IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සබරගමු වෛද්‍ය-තාක්ෂණ පීඨ නොවැම්බරයේ ඇරැඹේ

අජිත්ලාල් ශාන්තඋදය සහ  ප‍්‍රින්ස් රත්නායක
 
සබරගමු විශ්ව විද්‍යාලයේ අලූතින් ස්ථාපිත කරන වෛද්‍ය පීඨය සහ තාක්‍ෂණ පීඨය  මේ වසරේ නොවැම්බර් මාසයේ විවෘත  කරන බව ශ‍්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා අද  කුරුවිට බටුහේනේ පිහිටි එම වෛද්‍ය පීඨ පරිශ‍්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
 

කුරුවිට බටුහේනේ පිහිටා තිබූ විගණන දෙපාර්තමේන්තුවට අයත් රාජ්‍ය විගණන පුහුණු සහ සංවර්ධන මධ්‍යස්ථානයේ මෙම වෛද්‍ය පීඨය ස්ථාපිත කර ඇත. තාක්‍ෂණ පීඨය බෙලිහුල්ඔය විශ්ව විද්‍යාල පරිශ‍්‍රයේ ස්ථාපිත කෙරේ.
 
මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා මෙසේ ද පැවසීය.
 
‘සබරමුව විශ්ව විද්‍යාලයේ  ස්ථාපිත කරන මේ නව පීඨ දෙක නිසා වෙනදාට ඇතුලූවන ශිෂ්‍ය සංඛ්‍යාවට වැඩියෙන් සිසුන් 225 දෙනෙකුට සබරගමු විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව ලැබෙනවා.   වෛද්‍ය පීඨයට අවශ්‍ය සියලූ පහසුකම් බටුහේනේ වෛද්‍ය පීඨයේ තිබෙනවා. දේශන ශාලා මෙන්ම අංග සම්පර්ණ ශ‍්‍රවනාගාරයක් දැනටමත් එහි ස්ථාපිතයි. රසායනාගාර තුනක් ඉදිරි මාස දෙක තුල ස්ථාපිත කරනවා.
 
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කළ මේ ස්ථානය වෛi පීඨය ස`දහා අවශ්‍ය සියලූ මූලික පහසුකම් තියනවා. වෛද්‍ය පීඨය පුහුණු කටයුතු ස`දහා රජයේ මහ රෝහලක් අවශ්‍යයි. ඒ ස`දහා රත්නපුර මහ රෝහල ශීක්‍ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කටයුතු කරන බව දන්වා තිබෙනවා.
 
තාක්‍ෂණ පීඨය බෙලිහුල්ඔය පරිශ‍්‍රයේ පිහිටුවන්නේ. ඒ ස`දහා ආසියානු සංවර්ධන බැංකුවේ සහන ණය ආධාර ලෙස රුපියල් මිලියන 4900ක් ලැබී තිබෙනවා. තාක්‍ෂණ පීඨය ස්ථාපිත කරන ගමන් බෙලිහුල්ඔය පිහිටි සබරගමු විශ්ව විද්‍යාල පරිශ‍්‍රයම සුර්ය බලයෙන් විදුලිය නිපදවන විකල්ප බලශක්ති ඒකකයක් බවට පරිවර්ථනය කරනවා. විකල්ප බලශක්ති සම්බන්‍ධයෙන් උපාධි පාඨමාලාවක් ලංකාවේ පළමුවරට හ`දුන්වලා දීලා තියෙන්නේ සබරගමු විශ්ව විද්‍යාලයේ බවත් කිව යුතුයි. ‘‘



අදහස් (2)

සබරගමු වෛද්‍ය-තාක්ෂණ පීඨ නොවැම්බරයේ ඇරැඹේ

himal Wednesday, 08 August 2018 02:44 PM

වෛද්‍ය පීඨයට රත්නපුරේ රෝහලක් තියෙනවා කියමුකෝ. තාක්ෂණ පීඨයට අඩුම තරමේ කිලෝමීටර් 50ක් ඇතුළත තියෙන කාර්මික කර්මාන්තශාලාව මොකක්ද?

:       51       66

බණ්ඩාර -(කැකිරාව) Thursday, 09 August 2018 08:51 AM

හිමාල්: බෙලිහුල්ඔය සිට කිලෝමීටර් 50ක් ඇතුළත තේ කර්මාන්තශාලා ගොඩක් තියෙනවා. ඒ නිසා ඔබ ගැටළුවක් ඇතිකරගන්න එපා. ඔබට හැකිනම් බලන්ගොඩ, කවත්ත ,පැල්මඩුල්ල ආශ්‍රිතව අලුතින් කර්මාන්තශාලාවක් පටන් ගන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 46 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site