(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹසිට මාතර දක්වා සුබෝපභෝගී මෝටර් රථයකින් හෙරෝයින් මත්කුඩු රැගෙනවිත් ඊ සී කෑෂ් මුදල් හුවමාරු ක්‍රමයයටතේ එම මත්කුඩුපැකට් විකිණීමේ ජාවාරමක නිරත වු පුද්ගලයෙකු අද (21) මාතර ගොඩගම අධිවේගී පිවිසුම අසලදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසියට ලැබුණු තොරතුරකට අනුව පැය අටකපමණ කාලයක් මාර්ගයේ රැක සිට මෙම වැටලීම සිදු කර තිබේ.
සැක කටයුතුලෙස පැමිණි මෝටර් රථය පොලීසිය නතර කිරීමට සංඥා කළ අවස්ථාවේදී නොනවත්වා පලා යාමට උත්සාහකර තිබෙනඅතර පසුව පොලිස්ජීප් රථයෙන් පාරහරස් කර එය නවතා පරික්ෂා කිරීමෙන් පසු මොහු අත්අඩංගුව ගෙන ඇත.
සැකකරුගේ කලිසමේ සඟවා තිබු හෙරෝයින් මත්කුඩු පැකට් සියයක් සොයාගෙන ඇති අතර ඒවා පොලිතින් බෑග් වල ඔතා ටොනිප්පියන් වල දමා තලා සකස් කර ඇත්තේ ඊ සී කෑෂ් ක්‍රමයටමුදල් ලබා ගෙන පාරඅයින් විවිධ තැන් වල සඟවා තැබීමේ පහසුව සදහා මූලික පොලිස්පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.