ස්වාධීන විගණන පවත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් අද(17දා) පාර්ල්මේන්තු මහලේකම්වරයාට භාරදුන්නේය.
පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙනුවෙන් නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා විසින් මෙම පනත් කෙටුම්පත අද(17දා) පාර්ලිමේන්තු සංකීරණයේදී භාරගත් බව පාර්ලිමේන්තු සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.
සිංහල දෙමල ඉංග්‍රිසි යන භාෂා තුනෙන්ම සකස් කළ පනත් කෙටුම්පත න්‍යාය පත්‍රයට ඇතුළත් කර විවාද කර කඩිනමින් සම්මත කරණු ඇතැයි විශ්වාස කරන බවද හෙතෙම කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යෝජනා ගෙනාවට කමක් නැහැ. හැබැයි මේගොල්ලන්ට බලය නම් දෙන්න එපා.
ඉතා හොද පියවරක්. ඉක්මනින් මෙය සම්මත කර ගත යුතු වෙනවා.
ඡන්දෙ දිනලා නෙවෙයි ආවේ නමුත් මොනවහරි දෙයක් කරනවා. පින් ඇමති රෑනට වඩා ගොඩක් හොඳයි.
ඔය විදිහටම දූෂණ සම්බන්ධයෙන් වන නීතිරීති දැඩි වන ලෙස පනත් කෙටුම්පත් සහ සංශෝධන පනත් පාර්ලිමේන්තුවට රැගෙන එන්න. එතකොට බලාගන්න පුළුවන් කවුද ඒවාට විරුද්ධ කියලා. දැනට මෙම විගණන පනතටත් සංශෝධන කරන්න කට්ටිය බලාගෙන ඇති. මෙදා පාර ඔවුන්ගේ නිරුවත හෙළි වෙනවා එහෙම කළොත්. ජවිපෙට බොහොම ස්තූතියි
ඇතැම් කුහක චරිත නිසා මේ රට කිසි දවසක ගොඩගන්න බැහැ. අපේ රටේ ඉන්නේ පුදුම මිනිස්සු අතුරුදහන්වීමට විරුද්ධව පනතක් ගේනවට විරුද්ධයි. විගණන පනතට විරුද්ධයි. කම්බහොරු උසාවි ගේන කොට ජයවේවා කියනවා. අර මහත්මයත් ඉන් එක් අයෙක්...
සෙනෙවි ගේ අදහස් වලට ගරු කරමි.