( ඉන්දිකා රාමනායක )
කොස්ගම රංවල පාලම ( ඇස්වත්ත පාලම) යට සඟවා තිබූ ස්නයිපර් ගිනි අවි ටී 56 ගිනි අවි ඇතුළු අවි කිහිපයක කොටස් තොගයක් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන අංශය මගින් සොයාගෙන තිබේ.
පාලමේ යට අඩි 5 ක් පමණ ගැඹුරු දියේ සඟවා තිබු මෙම ගිනි අවි කොටස් අතර ස්නයිපර් ගිනි අවි 2 ක්, ටී 56 ගිනි අවි කොටස් බොර 12 ගිනි අවි කොටස් සහ ස්නයිපර් ගිනි අවි උණ්ඩ 9 ක්, ටී 56 මැගසින් කොටස් 6 ක් තිබූ බවද විශේෂ කාර්ය බලකාය කියයි.
පාස්කු ප්‍රහාරයෙන් පසුව කළ සෝදිසි මෙහෙයුම් හේතුවෙන් මේවා මීට මාස දෙක තුනකට පමණ පෙර පොහොර උරවල බහා ගඟට විසි කරන්නට ඇතැයි විශේෂ කාර්ය බලකාය සැක පළ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්නයිපර් ගිනි අවි තිබුන කියන්නේ මේක සුළුවෙන් ගන්න ඕනි එකක් නෙවෙයි. හරියට පරීක්ෂණයක් කරලා වැරදි කාරයෝ අත්අඩංගුවට ගන්න. නැත්නම් පාස්කු ප්‍රහාරයට කලින් වනාතවිල්ලුවේ ආයුධ හම්බ උනා වගේ වෙයි.