ජුඩ් සමන්ත
සුනාමි අනතුරු හැඟවීමේ පෙරහුරුව අද (05) පස්වරුවේ පැවතියත් එය හලාවත ප්‍රදේශයේ සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ බවක් දක්නට නැත.
පස්වරු 2.05 ට පළමු අනතුරු හැඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බවට පූර්ව දැණුම් දීම් කර තිබුනත් පළමු නිවේදනය නිකුත් වූයේ පස්වරු 2.26 යට. ඒ වන විට හලාවත වෙරළ තීරය තුළ විශාල සංචාරකයින් පිරිසක් රැස්ව සිටියත් ජනතාව එම ස්ථානයෙන් ඉවත්ව යන ආකාරයක් දක්නට නොලැබුණි.
පසුව පොලිස් නිලධාරීන් සහ යුධ හමුදා නිලධාරීන් මේ බව රැස්ව සිටි පිරිසට කියා සිටියත් බාහිර ප්‍රදේශ වලින් පැමිණ සිටි ඇතැම් පිරිස් ඉවත්ව ගියත්, ව්‍යාපාරික කටයුතු සිදු කරමින් සිටි පිරිස ඒ ආකාරයටම රැදී සිටින බවක්ද දක්නට ලැබුණි.
සුනාමි නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව ජනතාවට රැස්විය හැකි ආරක්ෂිත ස්ථානය ලෙස හලාවත ආසන දෙව්මැදුර නම් කර තිබුණි.එම ස්ථානයේ හලාවත ප්‍රාදේශීය ලේකම්වරයා සහ සහන නිලධාරීන් රැදී සිටියත් වෙරළ ආශ්‍රිතව ජීවත් වන පුද්ගලයින්ගෙන් ආරක්ෂිත ස්ථානයට පැමිණ සිටියේ අතලොස්සක් පමණි.
සුනාමි අවදානමක් ඇති බවට නිවේදනයන් නිකුත් කර ඇති විටෙක මුහුදු වෙරළ ආසන්නයෙන් ඉවත් නොවන්නේ මන්දැයි විමසූ විට එහි සිටි තරුණයෙකු කියා සිටියේ එවැනි අවදානමක් ඇත්නම් පළමුව ඉවත් වන්නේ සතුන් බවත්, තවමත් සතුන් වෙරළ තුළ රැදී සිටීම නිසා අවදානම් තත්ත්වයක් පිළිබදව විශ්වාස කළ නොහැකි බවයි.




COMMENTS
අප කෙතරම් වගකීම් විරහිත ජාතියක් හැටියටද මේ කටයුතු කරලා තියෙන්නේ...
යහපාලනේ කරපු එකම එකයි සාර්ථක වුණේ. ඒ මහ බැංකුව සුද්ද කරපු එක. අනිත් සේරම අසාර්ථකයි තමයි.
මෙවැනි පෙරහුරු පැවැත්වීමේ අරමුණ, සත්‍ය වශයෙන්ම සුනාමියක් පැමිණිවිට ගත යුතු ආරක්ෂාකාරී පියවරවල් ගැන මහජනයා දැනුවත් කිරීමයි. එබැවින් මෙවැනි පෙරහුරුවලට සහභාගී වීම. මේ ප්‍රදේශවල පදිංචිව සිටින මිනිසුන් තමන්ගේම යහපත සඳහා කල යුතු දෙයකි. එවැනිදේට සහභාගී නොවීම රජයේ වරදක් නොව, මිනිසුන්ගේ මෝඩ කමකි.
මේවා සාර්ථක වෙන්නනම් ඇත්තටම සුනාමියක් එන්නම ඕනා.
අපේ රටේ සමහරක් අය ගෝත්‍රික මානසිකත්වයෙන් කවදා නම් මිදෙයිද?
මෙවගේ අය ඉන්න කොට රටවල් හැදෙයිද?
සුනාමිය බලන්න වෙරළට වෙලා ඉන්න ජාතියේ මිනිස්සු මෙහෙ ඉන්නේ
මෙහෙව් ජාතිය තමයි මෙරටේ ඉන්නේ කියා අපිනම් දන්නවා.
මෙහෙම තව පාරක් නලාව නාද කළානම්..... කවදා හෝ ආයේ සුනාමි ඇත්තටම ඇවිත් නලාව නාද වුනත් මිනිස්සු නෙමේ හෙල්ලෙන්නේ.
මිනිසුන්ගේ නොසැලකිල්ල.. ඒත් මේ මිනිස්සු එදා වෙලා හම්බු කර ගන්න යුද්දයක් කරන්නේ.. කරවල් මාලු ටික දාලා දිව ගියොත් එනකොට ඒක හොරු අරන්.. ඉතින් නොගිය එකත් සාධාරණයක් තියෙනවා...