(මොහොමඩ් ආසික්)
සෞදි අරාබියානු ජාතිකයින් පිරිසක් රැගත් බෝට්ටුවක් අද (20) පේරාදෙණිය ගන්නෝරුව හල්ඔළුව මාර්ගයේ වරාතැන්න සීමා මාලකය අසලදී මහවැලි ගඟේ පෙරළීම නිසා එහි ගමන් ගත් 24 හැවිරිදි කාන්තාවක් අතුරුදන්වී ඇති බව කටුගස්තොට පොලිසිය කියයි.
මහවැලි ගඟේ සිරි නැරඹීම සඳහා පැමිණ ඇති මෙම පිරිසට සෞදි ජාතික පිරිමි පුද්ගලයින් පස් දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු සිට ඇති බවත් බෝට්ටුව පැදවූ පුද්ගලයා සමඟ නව දෙනෙකු මෙම බෝට්ටුවේ ගමන් කර ඇති බවත් එම පිරිසෙන් අට දෙනෙකු දිවි ගලවාගෙන ඇති බවත් පොලිසිය පවසයි.
බෝට්ටුව පෙරළෙනු දුටු ප්‍රදේශවාසීන් පොලීසියේ සහ නාවික හමුදාවේ ජීවිතාරක්ෂක කණ්ඩායම්වල සහාය ලබා ගෙන ඔවුන් බේරා ගැනීමට කටයුතු කර තිබේ.
අතුරුදන්ව ඇති කාන්තාව සොයා නාවික හමුදාවේ සහ පොලීසියේ ජීවිතාරක්ෂක කණ්ඩායම් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව කටුගස්තොට පොලීසිය කියයි.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.