සෞදි අරාබිය සමඟ පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජනපද ඩොලර් බිලියනයක වටිනාකමකින් යුත් අභ්‍යාවකාශ ව්‍යාපෘතිය සම්බන්ධ සාකච්ඡා තාවකාලිකව අත්හිටුවන බව බ්‍රිතාන්‍යයේ බිලියනපති ව්‍යාපාරික රිචඞ් බ්‍රැන්සන් මහතා පැවැසීය.
සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ අතුරුදන් වීම නිසා එම තීරණය ගත් බව ‘වර්ජින්’ සමාගමේ හිමිකරු වන රිචඞ් බ්‍රැන්සන් කීය. ජමාල් කශෝගී ඔක්තෝබර් 2 වැනිදා තම විවාහයට අදාළ ලිපි ලේඛන කිහිපයක් ලබා ගැනීම සඳහා තුර්කියේ ඉස්තාන්බුල්හි පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලයට ගියේය.
එහෙත් ඔහු ඉන් පිටතට පැමිණි බවට කිසිදු තොරතුරක් නොමැත. ඔහු සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ දී ඝාතනයට ලක්ව ඇතැයි ඇතැම් පිරිස් චෝදනා කරති.
“තුර්කියේදී සිදූ බවට අපට ලැබෙන තොරතුරු සත්‍ය නම්, මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ අතුරුදන් වීම සත්‍ය බව තහවුරු වුවහොත් බටහිර රටවල් සෞදි රජය සමඟ ව්‍යාපාර කිරීම පිළිබඳව නැවත වරක් සිතා බැලිය යුතු” යැයි රිචඞ් බ්‍රැන්සන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රීමත් රිචර්ඩ් බ්‍රරැන්සන් එක් වතාවක ලංකාවේ විශාල ආයෝජනයකට සූදානම් වුණා..... විශේෂයෙන් එතුමා ජින්ජර් බියර් පානය ගැන ලොකු උනන්දුවක් දැක්වුවා... හෝටල් ව්‍යාපෘතියක් ආරම්භ කරන්නත් හිටියා. නමුත් දෙශපාලකයන්ගේ සහ නිලධාරීන්ගේ සහජ අවශ්‍යතාවන් සපුරාලන්නට ඔහු කිසිවිටෙක කැමති වුනේ නැහැ. එක එතනින් ම ඉවරයි......... පවට පින් දෙන්න බැරි පින් කෙත.