IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


සීදුව බැංකුවකින් ලක්ෂ 07ක් කොල්ලකාලා

ප්‍රසාද් මුතුකුඩ   
 
සීදුව ප්‍රදේශයේ  පෞද්ගලික  බැංකුවකට (18)  පැමිණි  පුද්ගලයකු   එහි  කවුන්ටරයක තිබූ රුපියල් ලක්ෂ 07 මංකොල්ලකා  පලා ගොස් ඇතැයි  සීදුව පොලීසිය කියයි.
 
සැකකරුවන්  මුදල් තැම්පත් කිරීමට පැමිණි ආකාරයට ඇතුළු වී අත්බෝම්බයක් සහ පිස්තෝලයක් පෙන්වමින් කවුන්ටරයේ සිටි කාර්යමණ්ඩලයේ නිලධාරින්  බිය ගන්වා   මුදල් කොල්ලකා ඇතැයි පොලිසිය පවසයි.



අදහස් (9)

සීදුව බැංකුවකින් ලක්ෂ 07ක් කොල්ලකාලා

lakmali Wednesday, 18 April 2018 09:56 AM

අවුරුදු කාලා අතේ සල්ලි නැති නිසා බැංකුව මංකොල්ල කන්න ඇති.

:       3       286

SHAN SAUDI Wednesday, 18 April 2018 01:47 PM

මෙතැන සිදුවී ඇත්තේ තනි පුද්ගලයෙකුගේ මංකොල්ලයක් නෙවේ. මේ සඳහා බැංකුවේ එක් අයෙකුගේ හෝ පිරිසකගේ මහඟු දායකත්වය රිසිසේ ලැබී ඇතිබව රූප රාමු වලින් හොඳින් පැහැදිලි වේ. අත් බෝම්බයක් නෙවේ, මල්ටි බැරලයක් අතැතිව පැමිණියද තනි පුද්ගලයෙක්ව බැංකු නිලධාරීන් මණ්ඩලයකට පාලනය කල නොහැකි වීම හා ආරක්ෂක නිලධාරියාට නොහැකි වීම කිසි ලෙසක අනුමත කල නොහැක. අවි දරා සිටින අරක්ෂකයාට මේ පුද්ගලයාගේ පාදයට හෝ වෙඩි තබා පාලනය කර ගැනීමට හැකියාව 100% තිබෙන බව මේ රූපවලින් හොඳින් දර්ශනය වේ.

:       50       5

Ajit koswana Wednesday, 18 April 2018 02:18 PM

සිකුරිටි නිදිද

:       5       4

Mahee Wednesday, 18 April 2018 02:22 PM

යකාගෙ හැටියටයි විමානෙ කියනවනේ. මෙයා හිතන්න ඇති මගේ මට්ටමේ හැටියට පොඩි බැංකුවකින් ලක්ෂ කීපයක් මංකොල්ල කෑවම ඇති කියලා

:       1       0

de silva berlin Wednesday, 18 April 2018 03:15 PM

ලංකාවේ බැංකුවල සිටින ආරක්ෂක නිලධාරීන්ට දීල තිබෙන්නේ රිපිටර් වර්ගයේ හෝ ෂොට් ගන් වැනි මහ විශාල තුවක්කුය. හදිසියකදී මේවා හසුරවා ගැනීමට අපහසු අතර මේවායින් වෙඩි තැබුවොත් මංකොල්ල කරුට පමණක් නොව අවට සිටින ගනුදෙනුකරුවන්ටද වෙඩි වැදිය හැක. මෙවැනි ස්ථානවලට සුදුසු මිමි9 වර්ගයේ පිස්තෝලය, කරුණාකර බැංකුවල ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනීමේදී ත්‍රිවිධ හමුදාවේ ක්‍රියාන්විත රාජකාරිවල යෙදුන නොකැළැල් සේවයක් කොට විශ්‍රාම ගිය සොල්දාදුවන්ට ප්‍රමුඛස්ථානය දෙන්න. ඔවුන්ට පහසුවෙන් හැසිරවිය හැකි සැහැල්ලු ස්වයංක්‍රිය අායුධ ලබාදෙන්න.

:       0       103

sachithThursday, 19 April 2018 03:27 AM

ඔබතුමාගේ අදහස හරියටම හරි, ලංකාවේ බැංකුවක් කොල්ලකනවා කියන එක බොහොම ලේසි දෙයක්. කිසිම බැංකුවක මේවගේ දෙකට පෙර සුදානමක් නෑ.

:       0       0

sanath Wednesday, 18 April 2018 04:40 PM

බැංකුවල ආරක්ෂක නිලධාරීන්ට stun guns ලබා දෙනවනම් ඔවුන්ගේ කාර්ය භාරය මැනවින් ඉටුකළ හැකියි කියලයි මන් නම් හිතන්නේ.

:       0       48

himal Thursday, 19 April 2018 04:13 AM

ලංකාවේ ඕනෑම වාණිජ බැංකුවක ආරක්ෂක එලාම් පද්ධතියක් තිබෙනවා. එය නාද කළ පසු කෙළින්ම ළඟම පොලිස් ස්ථානයට සංඥාවක් ලැබෙනවා. කෙසේ නමුත් මේ මුදල් මංකොල්ලකෑම් රක්ෂණය කර ඇති නිසා චිත්‍රපටිවල සිදුවීම් රඟ දැක්වීමට යන්න එපා ලෙස පුද්ගලික බැංකු වල නිලධාරීන් දැනුවත් කරලා තියෙන්නේ. මොකද එවැනි දේ කරනන් ගිහින් ලංකාවේ කිහිප පොළකම ඝාතන සිදු වූ නිසා.

:       0       0

සමීර Thursday, 19 April 2018 07:30 AM

තුවක්කුව මාරු කලා කියල ප්‍රශ්නෙ විසඳෙන්නේ නෑ. ඔතන සිකුරිටි නෙවෙයි හමුදාවේ පොලිසියේ කෙනෙක් හිටියත් ඇඟට වෙඩි තියන්න තහනම්. වෙඩි තියන්න පුලුවන් කකුලට විතරයි. කකුල හොය හොය ඉන්නකොට හොරා පොලීසියට වෙඩි තියල යනවා. කොහොම හරි වෙඩි තියල හදිස්සියේ වත් ඇඟට වැදිල හොරා මැරුනොත් ඒ පොලිසියේ මහත්තයට ජිවිත කාලෙම ඉන්න වෙන්නෙ හිරේ. හැබැයි බ්‍රසීලේ වගෙ රටක නම් ඔෆ් ඩියුටි හිටියත් ආරක්ෂක අංශයේ අයට තනි තීරණයක් ගන්න අවසර තියෙනවා. එයාල නම් හුරතල් කර කර ඉන්නෙ නෑ. ඔලුවටම තියනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 897 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 994 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 394 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site