බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින් අභාවප්‍රාප්ත වූ බව මීට ටික වේලාවකට පෙර ඔහුගේ පවුල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
කළු කුහර හා සාපේක්ෂතාවාදය සම්බන්ධයෙන් සුවිශේෂී සොයාගැනීම් රැසක් කළ විද්‍යාඥ ස්ටීවන් හෝකින් මියයන විට 76 වියේ පසුවිය.
කාලයේ ඉතිහාසය පිළිබඳ සංක්ෂිපත්යක් යනාදී ලෝ ප්‍රකට කෘති රැසක් රචනා කර ඇති ස්ටීවන් හෝකින් 21 වැනි සියවසේ ලොව විශිෂ්ඨතම මනසේ හිමිකරු ලෙසින් ද හැඳින්විනි.
“අපේ ආදරණීය පියාණන්ගේ අභාවයෙන් අපි දැඩි කම්පාවටත් කනගාටුවටත් පත්ව සිටිමු” යැයි ස්ටීවන් හෝකින්ගේ දරුවන් වන ලුසි, රොබට් සහ ටිම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
055
COMMENTS
මගේ ගෞරවනීය ස්තුතිය!!! හෝකින්ස් මැතිඳුනි ඔබ කල සේවයට...
මානව සංහතියටම පාඩුවක්...
විද්වතාණෙනි, ඔබ සමාදානයේ සැතපේවා. අප මොක්සුව පතන්නෙමු.
නැවත පෘථිවියේම ඉපදේවා!!! ලොවට කළ සේවයට ස්තුතියි.
කූඹියෙක් වත් හදන්න බැරි නූතන විද්‍යාව තවමත් තියෙන්නේ ඉතාමත් ප්‍රථමික අවධියක කියලයි මට නම් හිතෙන්නේ. හෝකින්ස් මහත්තයා ස්වර්ගස්ථ වේවා.!!!
සියලු කයවල් මරණය කෙලවර කොට ඇත්තාහ...
මගේ කණගාටුදායක ශෝකය !!!
මුළු ලෝකයටම ලොකු පාඩුවක්. එක්තැන් වෙලත් ඔබ කල සේවය ශ්‍රේෂ්ඨයි.
ශ්‍රේෂ්ඨ විදු රජ.. ඔබට නිවන් සුව..!!!
සියළු කායික අපහසුතා නොසලකා ඉතා උසස් මනසකින් හා අධිෂ්ඨානයකින් අතිවිශිෂ්ට සේවයක් කළ මිනිසෙකුගේ නික්ම යාම සොවින් බරව සිහි කරමු.
ලංකාවේ ගොඩාක් අය මෙතුමා කවුද කියලවත් දන්නේ නැතුව ඇති... ඉන්දියාවේ නිළියක් මැරුණා කිව්වා නම්, මෙතන ඇඬිලි කොමෙන්ට් ගොඩයි. ලොවටම පාඩුවක්... මෙතුමාගේ දැනුමෙන් අපට කල සේවය අගයන්න වචන නෑ.
හිස නමාමි...!!!
සැබැවින්ම මෙවැනි පුවත්වලට ප්‍රධාන ශීර්ෂපාඨ යෙදිය යුතුයි. කණගාටුව නම් ඇතැම් මාධ්‍ය, නිළියන්ගේ පුද්ගලික ජීවිත හාර අවුස්සා දාන එකයි. මෙවැනි වටිනා මිනිසුන්ට වටිනාකමක් දිය යුතුයි.
ටෙලි නිළියකට පොඩි අකරතැබ්බයක් වුණත් මහාමේරුවට හෙන ගැහුවාක් මෙන් ඔසවා තබන අපේ සමහර උදවිය මේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා ගැන දන්නවා ඇද්ද කියලත් සැකයි!
කපිල සමග එකඟවෙමි.
රොකි, ඔයා තරමක් දුරට හරි. බහුතරයක් දැනුම ලබන්නේ පුවත් පත් හා නාලිකා මගින් සපයන තොරතුරු මාර්ගයෙන්. රාත්‍රී සමාජ ශාලාවන් ගොස් විනෝදය ලබන අය, ටෙලි නාට්‍යක් බලන්න ගෙදරට වෙලා ඉන්නේ නැත. චාර්ල්ස් ඩාවින් ගැන අප දැනුවත් කලේ පාසැලින් හා පුවත් පත් වලින්. ශාරුක් කාන් ගැන සුදු ජාතිකයන් දන්නේ නැත. සාමාන්‍ය ජනයා තමනට අවේනික හා සම්බත්තාවයක් ඇති අය හා දේ ගැන තොරතුරු දැනගන්න ආශාවෙන් සිටිති. හෙට දවසේ පොල් ගෙඩියක් මිලදී ගන්නේ කෙසේදයි කන්නසලෙන් පසුවන ජනතාව, විද්වතුන් ගැන දැන ගන්න එතරම් කරදර නොවෙති.
ශ්‍රේෂ්ඨ විද්වතාණෙනි, රෝගී තත්වයද තිබියදී මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් කැපවූ ඔබතුමාට අපගේ ප්‍රණාමය. ඔබ අපට දුන් ආදර්ශය ඉතා අගනේය.
මානව සංහතියේම විමුක්තිය උදෙසා අසහාය කැපවීමකච් කල ඔබගේ දිරිමත් බවට අදුරෙන් ආලෝකයට මානව සංහතිය ගෙනෙන්නට ඔබ දරපු වෙහෙසට අපගේ අනුපමේය උපහරය....................
අපේ කාලයේ මහා විද්වතාණෙනි.. ඔබතුමාට මොක් සුව ...!!!