බිඟුන් මේනක ගමගේ
මහමැතිවරණයේදී තම ප්‍රචාරණ කටයුතුවලට මෙන්ඩිස් සමාගමෙන් මුදල් ලැබී ඇති බව ප්‍රතික්ෂේප නොකරන නමුත් එම මුදල් මෙන්ඩිස් සමාගමට අයිති බව දැන සිටියා නම් කිසිසේත් බාරගැනීමට තම ප්‍රවර්ධන කණ්ඩායමට ඉඩ නොදෙන්නේ යැයි ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා ‘ලංකාදීප’යට පැවැසීය.
අර්ජුන් ඇලෝසියස්ට මෙන්ඩිස් සමාගම අයිති බවක් තම ප්‍රචාරණ කටයුතුවල නිරතව සිටි කණ්ඩායම් කිසිවක් දැන සිටියේ නැතැයි ද මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට ලද මුදල් සම්බන්ධයෙන් සැක සිතීමට තරම් හේතුවක් එකල නොවී යැයි ද ඇමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් කීය.
අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධූරයට පත්කිරීම අභිලාශ අතර ගැටුමකට තුඩු දෙන බව තමා මුල සිටම අවධාරණය කළේ යැයි කී හෙතෙම තමා හා අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා සිටියේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කළ යුතුය යන මතයේ යැයි ද කීවේය.
ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා මෙසේ ද කීය.
2015 මහමැතිවරණ සමයේ ප්‍රචාරණ කටයුතුවලදී චෙක්පත් මුදල් කටයුතු සම්බන්ධයෙන් කිසිම දැනුමක් මට තිබුණේ නෑ. මේ බව අසා මමත් පුදුමයට පත්වුණා. හොයලා බලනකොට මගේ එම්.එස්.ඩී එකේ කෙනෙක් තමයි මාරු කරලා තියෙන්නේ. 2015 මේ කාලය වනවිට සැකයක් හිතන්න කිසිම හේතුවක් තිබුණේ නෑ. ඇලෝසියස්ට මෙන්ඩිස් එක සම්බන්ධ බව වුණත් දන්නේ අන්තිම කාලේ. ඇලෝසියස්ලාට මෙන්ඩිස් එක අයිති බව පළමු වැනි කෝප් සභාවේවත් පත්තරයකවත් කිසිම තැනක සඳහනක් තිබුණෙත් නෑ. කෙසේ වෙතත් මාසයක් වහන්න නියෝග කරලා දැන් නැවතත් මෙන්ඩිස් සමාගම විවෘත කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දීලා තියෙනවා. ඒක එදත් අදත් නීත්‍යනුකූල සමාගමක්. මෙන්ඩිස් හා ඇලෝසියස් අතර සම්බන්ධය දන්නවා නම් මේ සල්ලි ගන්නේ නෑ. මොකද අනිවාර්යෙන්ම මඩ පාරක් වදින බව මම දන්නවා.
කැම්පේන් එකට මේ මුදල් ලැබුණු බවට වූ වගකීමෙන් මම මිදෙන්නේ නෑ. කෝප් කමිටු වාර්තාවේ පාද සටහන් සියල්ල අංගසම්පූර්ණයි නීත්‍යනුකූල බව ජනාධිපති කොමිසමෙන් තීන්දු කරල තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන්ගේ පත්කිරීම අභිලාශ අතර ගැටුමක් බව මා මුල සිටම කිව්වා. වෙන්දේසි හා සෘජු ක්‍රමය 2008 සිට සිදු වූ ක්‍රමවේදයක්. ෆුට් නෝට් කල්ලිය කියලා මඩ ගැහුව නිසයි ඒක ගැන කතා කළේ. කෝප් කමිටුවේ පාද සටහන් කල්ලිය කියලා මඩ ගහන පිරිස අතරේ මාත් අජිත් පෙරේරාත් සිටියේ මේ සිදුවීම ගැන විශේෂ පරීක්ෂණයක් කළ යුතුය යන මතයේයි යැයි ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන් යනකොට මහජනතාවටනේ මෙයාලා ඔක්කොම කොලේ වහලා ගහලා තියෙන්නේ!
මේ රට විනාශ කරන්නේ මෙම ඇමතිලා නොවෙයි. මේ අයට බලය දෙන රටේ ජනතාවමයි
කිසිම දැනුමක් මට තිබුණේ නෑ. මම දන්නේ නෑ. මම පුදුමයට පත් වුනා. අපිටද මේ කියන්නේ?
දැන් සේරමලා කියනන්නේ මම දන්නේ නැහැ, මම දැනසිටියේ නැහැ කියලා. එතකොට මොකටද මේ සමාගම දේශපාලකයන්ට මෙතරම් මුදල් දුන්නේ, තේරෙන්නේ නැහැ!
මට කියන්න තියන්නේ මෙතුමාට වුනා වගේ අකරතැබ්බයක් වනේ වන හතුරෙකුටවත් සිදුනොවේවා කියලයි...
ඔබතුමා නිර්දෝශයි. ඕවා මඩ ගහන්න කියන කතා
ගහට නැගල කිව්වලු තනකොල කපන්න නැග්ග් කියල අනේ මන්දා ?
ඔන්න චූටි බබා. එයත් මෙලෝ දෙයක් දන්නෙ නෑ. හැබැයි මේ රටේ මිනිස්සු බබ්බු නෙවේ.
දැන් බැලුවම ඇලෝසියස්ට වැඩිය ලාබයක් වෙලා නෑ වගේ. අනෙක මත් නිවාරණය කරන්ඩ පුලුවන්ද මෙහෙම සල්ලි දෙනකොට ඇමතිලට දැන් හැමෝම කියන්නෙ මම දන්නෑ මට මතක නෑ තියරිය රටට වෙන හානියක් උනත් එච්චරයි වගකීමක් නෑ කාටවත්
අර හැම පොලකම ගාගෙන තියෙන්නේ. ඕව දෙනු පරහට තමා සම්මතේ සිට.
මේ දවස් වල ඉන්නේ වැසිකිලි වල නේද? ලැජ්ජ නැතිව නිදහසට කරුණු
තොප්පිය දා ගත්තට ඇඳුම් ගලවාගෙන.
මෙයා නම් හරි අහිංසකයි.
මුණ දැක්කම පෙන්නේ නැද්ද මෙයාගේ හැටි.................... .....
විශිෂ්ට ප්‍රකාශයක් මැතිතුමනි
ලක්ෂ 30 පියන් කෙනෙක්ට, සිකුරුටිට, පාරෙ යන කෙනෙක්ට දීලා යනවා සුජීව සේනසිංහට දෙන්න කියලා... මාර ධාර්මික ආයතනයක් නේ... සුජීව නුඹ පොත ලිව්වෙත් නීති විභාගෙ ලිව්වෙත් ඔහොමද .. නුඹ වගේ ගොනෙක් පත් කරගත්තු පුන්නක්කු කන ගොන්නු නිසා රටත් ඉවරයි..
නීතිනයක් කියනවා ලැබුන චෙක් පත මොන සමගෙන්ද කියල දන්නේ නැතිලු , අපි පවු බන් ........... නොදකින්
ෆුට්නොට් කල්ලියේ වැඩකරුවෙක් උනානේ.... හොරටම කෑ අසුචි ගැන දන්නෙත් "සුජිවනේ " .... කෑ අසුචි දිරවන්නට නැත දන්නෙත් මෙමා නේ.... ඔක්කාරය පටන්ගත්තේ ෆුට්නොට් කල්ලිය නිසා නේ...
අනේ අම්මප ලංකාවේ පාර්ලිමේන්තුවේ විතර කිරිබොන බබාලා ලෝකේ කොහෙවත් නැතුව ඇති. පාර්ලිමේන්තුව කියන්නේ කොටින්ම ළමා අනාථාගාරයක්. අපිට වෙච්ච දේ.
හා හොඳයි.....ඔන්න අපි හිස් මුදිනින්ම පිළි ගත්තාද?
මම දන්නේ නැහැ. කියුවේ නැහැ. මට මතක නැහැ ....දන්නවා නම් ගන්නේ නැහැ .....මාරු ....
ආණ්ඩුවේ ඉන්නෙ මතක නැති ,දන්නෙ නැති බුද්ධියෙන් හීනයන්...... ඇත්තටම මේ අය ඇමතිකම් වලට සුදුසුද........... .
මේක දෙන්න ඇත්තේ කෙහෙල් ගෙඩි විකුනන්න වෙන්න ඇති. නේද සුජීව.
ඔව් මාර වැඩේ කිසි කෙනෙක් දන්නේ නැ.සේරම ඇමතිවරු ප්‍රසිද්ද නිතීඥයන් අර කියනවා වගේ මුකුත් දන්නේ නැ මාර බබ්බු. මෙන්ඩිස් සමාගම කාගේද කියල දන්නේ නැති ඇමති වරු.අනේ අපේ රටට ගිය කලක්
අහන්න දෙයක් නෑ.......පුට් නෝට් කල්ලියේ සාමාජිකයෙක් නේ............
මේ ඔක්කොම බබාලා වගේනේ දැන් හැසිරෙන්නේ.
ජරාව කෑවානේද? ලොකු ටෝක්
දෙය්යන්ගේ නාමෙන් මේ වගේ මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න එපා.වදින්නම්!
මේ පසුගිය රජයට හොරු යනුවෙන් චෝදනා කරමින්, වොල්ක්ස්වැගන් කොම්පැනිය එනවා කියමින් රටේ ජනතාව ලක්ෂ 62 ක් ගොනාට අන්දපු දුෂිතයෙක් . කෝප් කමිටුවේ කටයුතුකරන ගමන් අර්ජුන් අලිසුයස්ට වැඩිමවාරයක් කෝල් කරපු දුෂිතය . ඒ වගේම බැදුම්කර වංචාව නිත්‍යානුකුල බව පෙන්වීමට පොත් ලියපු දුෂිතය . ඒ වගේන කෝප් කමිටු වාර්තාවේ වලංගු භාවය නැතිකර දැමීමට ෆුට් නොට් දමපු දුෂිතයෙක් . මේ සියල්ල කෙළේ මේ ලැබුණු මුදල් නිසා බව ඉතාම පැහැදිලි . මොහු ගැන තව සොයන්න ඕනේ .
ඇලෝසියස් ගේ මුදල් නොගතිමි ..ඔහු මුදල් දෙන විට මම මැතිවරණයේ අපේක්ෂකයකු වී සිටිය පමණි ..නැත හොත් මා කල දෙයක් නැත .....මීට සුජීව
එම චෙක්පත් ලබා දී ඇති දිනයන් ලෙස නීතිපති දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ 2015/08/24- 2015/10/12- 2016/03/31 යන දිනයන්ය. ශී ලංකාවේ 8 වන පාර්ලිමේන්තුව සදහා නාමයෝජනා භාරගනු ලබන අවසාන දිනය වන්නේ 2015/07/13 වන දින වන අතර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ 2015/08/17 දිනය. මේ අනුව පෙනී යන්නේ රාජ්‍ය ඇමතිවරයා මෙම චෙක්පත් තුනේම මුදල් ලබා ගන්නේ 2015 මහමැතිවරණය නිමාවූවාට පසුව බවය. අවසන් චෙක්පත ලබා ගත් 2016/03/31 වන විට සුජීව සේනසිංහ ජාත්‍යයන්තර වෙළද කටයුතු පිළිබද රාජ්‍ය ඇමතිවරයාය. ඔහු එම රාජ්‍ය ඇමතිධූරයේ දිවුරැම් දෙනු ලබන්නේ 2015/09/09 දිනය.
අලෝසියය්ස් ගෙන් ගත්ත සල්ලි විතරද ප්‍රශ්නය? මේ රටේ කොච්චර ධනවතුන් දේශපාලඥයින්ට සල්ලි දීලා තියෙනවද? නිකන්ම නිකන් හිටපු අය ලංකාවේ දෙවෙනි සහ තුන්වෙනි ධනවතුන් උනේ කොහොමද කියලත් කතා බහ කලොත් තමයි වටින්නේ.
මේකට තමයි මෙයා කෝප් වාර්තාව සහ ජනපති කොමිසමේ වාර්තාව හෙළිවෙනකොට කලබල වෙලා හිටියේ.
ඔයාලා බබලනේ. පාර්ලිමන්ට් යන්නේ ඉන්ෆන්ට්ස්ලා...
මම ඔබට මනාපයක් දුන් කෙනෙක්. කවුරු කලත් වැරැද්ද වැරද්දමයි. ඉල්ලා අස්වෙන්න මහත්මයා !