(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකාව තුළ තහනම් කර ඇති රසායනික හා විවිධ අපද්‍රව්‍ය රාශියක් සිංගප්පූරු ගිවිසුම හරහා ආනයනයට ඉඩ ලබා දී ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රය කියයි.
1976 සිට මෙරට තහනම් කර ඇති පිළිකා කාරකයක් ලෙස දැක්වෙන ඞීඞීටී, මෙන්ම 70 දශකයේ මෙරට තහනමට ලක් කරන ලද එන්ඩ‍්‍රින් ඩයිඩ‍්‍රින් ඇතුළු වල් නාශක රාශියක් ද ආනයනයට මෙම ගිවිසුම තුළින් ඉඩ කඩ ලබා දී ඇතැයි කොළඹ නිපොන් හෝටලයේ දී අද (18) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා ප‍්‍රකාශ කළේය.
2001 දි ස්ටොක්හෝම් සම්මුතිය හරහා ලොව පුරා තහනමට ලක්වූ එහෙත් ශ්‍රී ලංකාවේ 1979 සිට තහනමට ලක්වූ පොලික්ලෝරිනේටඞ් බයි ෆිනයිල් ආනයනයට ද මෙම ගිවිසුම මගින් අවසර දී ඇත.
එමෙන්ම ආනයනයට අවසර දී ඇති අපද්‍රව්‍ය අතර ඉවත දමන බීම බට, නාගරික කැළිකසල දහනයෙන් ඉතිරි වන අළු ආදී ශේෂයන්, විරල පාංශු ලෝහයන් අඩංගු අපද්රව්ය හා අබලි ද්‍රව්‍ය, කල් ඉකුත් වූ ඖෂධ, නාගරික කැළි කසළ, මළ අපද්‍රව්‍ය ශේෂයන්, සායනික අපද්‍රව්‍ය, ජංගම දුරකථන ආදී අබලි ද්‍රව්‍ය, කඩදාසි කාඞ්බෝඞ් ඇතළු මිශ‍්‍ර කැළි කසළ සහ අබලි ද්‍රව්‍ය, කාර්මික අපද්‍රව්‍ය පුරවන ලද කොන්ක‍්‍රීට් කුට්ටි, කාර්මික අවශේෂයන් අඩංගු කොන්ක‍්‍රීට් කුට්ටි, ලිතියම්, ටැන්ටලම්, ලිතියම් නයෝබියම් අඩංගු- අපද්රව්ය හා අබලි ද්‍රව්‍ය, නිකල් අඩංගු අපද්රව්ය හා අබලි ද්‍රව්‍ය, මෙන්ම නිකල් අඩංගු අපද්රව්ය හා අබලි ද්‍රව්‍ය මේ අතර ඇතැයි හෙතෙම කියා සිටියේය.
කාර්මික අපද්‍රව්‍ය පුරවන ලද කොන්ක‍්‍රිට් කුට්ට් අතර විකිරණශීලි රසායනික අපද්‍රව්‍ය පුරවන ලද කොන්ක‍්‍රීට් කුට්ටි ද තිබිය හැකි යැයි හෙතෙම කියා සිටියේය.
අන්තර් ජාතික වශයෙන් ගිවිසුම්වලට එළැඹීමේ දී රට තුළපවත්නා ප‍්‍රතිපත්ති හා රෙගුලාසි ප‍්‍රමාණවත් පරිදි කාලානුරූපව යාවත් කාලින කර නොතිබීම මෙහි පවතින ගැටලූවක් යැයි ද විතානගේ මහතා පැවැසීය.
මාධ්‍ය හමුව ඇමතූ විතානගේ මහතා මෙසේ ද පැවැසීය.
‘‘ශ්‍රී ලංකාව තුළ කැලි කසල භාවිතා කර බලශක්තියනිපදවීමේ බලාගාර 3 ක් ස්ථාපිත කිරීම අරුවක්කාරු කසළ රඳවනය සඳහා වූ චීන ගිවිසුම යනාදිය ගැන කල්පනා කර බැලීමේ දී සිංගප්පූරු වෙළඳ ගිවිසුම හා ඒවායේ සම්බන්ධතාවය ගැන අදහසක් ලබා ගත හැකියි.
2025 නොවැම්බර් මස 17
112
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
955
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2558
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සිංගප්පුරු ගිවිසුමෙන් තහනම් රසායනික ද්‍රව්‍ය ආනයනයට ඉඩ
sisil Wednesday, 19 September 2018 04:24 AM
ආසියාවේ කුණු කන්ද බවට සුන්දර ලංකාව අනාගතයේදී පත්වන බවයි. දැනට පවතින අධික වූ විෂ කෘෂි රසායනික භාවිතය හා කිසිම කළමනාකරණයක් නැති ඉලෙක්ට්‍රොනික කර්මාන්තශාලා අපද්‍රව්‍ය නිසා මේ පොලොව දැනටමත් නිසරු වෙලා තියෙන්නේ. පක්ෂ භේදයෙන් තොරව සියලු දෙනා මෙයට විරුද්ධ විය යුතුයි. රට දියුණු කරන්න වෙන ඕනෑම ක්‍රම තියෙද්දී ඇයි මේවගේ දේවල් කරන්නේ