අජන්ත කුමාර අගලකඩ
නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කරනු ලැබ ඇත.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් මෙම පත් කිරීම කර තිබේ.
වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ මස 29 වැනි දා පෙරවරුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ බාර ගැනීමට නියමිතය.
වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා 28 වැනි දා විශ්‍රාම යෑමට නියමිතය.
මැදිරිගිරිය වැනි දුෂ්කර ප්‍රදේශ රැසක වෛද්‍යවරයකු ලෙස සේවය කර ඇති ඔහු 2001 වසරේ සිට 2008 වසර දක්වා දී කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේය. අනතුරුව කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂ ධුරයට පත්වූ ජාසිංහ මහතා 2012 වසරේ දී කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස පත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියානු උපාධිධාරියෙක් වුණත් මෙතුමා රටට කල සේවයට ස්තුතියි.
ජාසිංහ මහතා මහරෝහලේ අධ්‍යක්ෂ තනතුරට පත්වෙනකොට රාජිත මහත්තයාගේ නෝනා ඒ තනතුරට ඉල්ලුම් කරන්න අවස්ථාව දුන්නේ නැහැ කියලා ලොකු අවනඩුවක් තිබුණානේ. දැන් ඉතින් මුකුත් බාධාවක් නැතුවම එතුමියට ඒ තනතුර ලබාගන්න මාර්ගය පෑදිලා.