IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සංඛ්‍යාලේඛන ඕඅයිසීගේ වැඩ තහනම්

ඉන්දිකා රාමනායක
 
නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ, පොලිස් දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරිවරයාගේ අත්සන් සහ නිළ මුද්‍රා ව්‍යාජ ලෙස යොදාගෙන මුල්‍ය ආයතන වලට ව්‍යාජ වාර්තා ඉදිරිපත් කර රුපියල් ලක්ෂ ගණනින් මුදල් චංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මුලස්ථාන සංඛ්‍යාලේඛන කොට්ඨාසයේ  ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක  එන් ඩී බී අත්තනායක ගේ වැඩතහනම් කර ඇති බව ජාතික පොලිස් කොමිෂන් සභාව කියයි.
 
ජාතික පොලිස් කොමිසමේ නිර්දේශ මත පොලිස්පතිවරයා   විසින්  මෙම වැඩතහනම සිදුකර ඇති බව ජාතික පොලිස් කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය.
 
මොහු සිදුර ඇති මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අදාල මුදල්‍ය සමාගම මොහුට විරුද්ධව ජාතික පොලිස් කොමිසමට හා පොලිස්පති සහන මැදිරියට පැමිණිලි කර ඇති අතර එම පැමිණිල්ල මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය මොහුට විරුද්ධව මුලික  විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
 
 පොලිස් කොමිසම ද මේ සම්බන්ධයෙන්  විමර්ශන සිදුකර   සැකකාර පොලිස්  ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කරන ලෙසට පොලිස්පතිවරයා වෙත නිර්දේශ කර තිබු අතර  මාසකට ආසන්න කාලයක් වුවද පොලිස්පතිවරයා එම නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම ප‍්‍රමාධ කිරීම හේතුවෙන් ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාගෙන්   කරුණු විමසීමක් ද  සිදුකර  තිබුණි.
 



අදහස් (2)

සංඛ්‍යාලේඛන ඕඅයිසීගේ වැඩ තහනම්

Udaya Thursday, 06 September 2018 01:12 PM

දෙයියෝ සාක්කි. මහා ජනය පොලීසිය කෙරෙහි විශ්වාස නොකිරීම සාධාරණයි. දැනුම අවභාවිත කිරීම යනු විශ්වාස ඝාතනයක්. වැඩ තහනම විතරක් මදි. මෙවන් මිනිසුන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙලක කාලීන අවශ්‍යතාවයක් මතු වෙලා.

:       0       81

Podi Saman Thursday, 06 September 2018 04:51 PM

මහා ජනයා පොලීසිය කෙරෙහි විශ්වාස නොකිරීම සාධාරණයි.

:       0       70

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site