නෙයිපිඩෝව්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
රොහින්ග්‍යා අර්බුදයේදී තමන් නිහඬව නොසිටි බව එල්ල වූ චෝදනාවලට පිළිතුරු දෙමින් මියන්මාරයේ නායිකා අවුන් සාන් සූකී ප්‍රකාශ කරයි.
නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සූකී මියන්මාරයේ පළමු සහ වත්මන් රාජ්‍ය මන්ත්‍රණ සභිකාව වන අතර එම තනතුර අග්‍රාමාත්‍ය ධුරයකට සමාන වේ.
රොහින්ග්‍යාවරුන්ට එරෙහිව සංහාරයක් ක්‍රියාත්මක වන බවටත් අවුන් සාන් සූකී ඒ සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවටත් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් දැඩි චෝදනා මාලාවක් එල්ල විය. ඇයට ලබාදුන් නොබෙල් සාම ත්‍යාගය නැවත පවරා ගත යුතු බවටද ඇතැම් පාර්ශව අවධාරණය කළේය.
මියන්මාරයේ සංචාරයක යෙදී සිටින ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් තිලර්සන් සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් සූකී එම චෝදනා ප්‍රතික්ෂේප කළාය.
“මම නිහඬව සිටියේ නැහැ. මම කියපු කරුණුවල එතරම් සිත්ගන්නා ස්වභාවයක් තිබුණේ නැති බව තමයි ජනතාව අදහස් කළේ. මා කතා කළේ පුදුමයට පත් කරන්න නෙමෙයි. උනන්දුව හෝ ආකර්ෂණය ඇති කරන්න නෙමෙයි. මම කතා කළේ යථා තත්ත්වයයි. සත්‍යයි. සැබෑ තත්ත්වයයි. ජනතාව එකිනෙකාට එරෙහි වන තත්ත්වයක් ඇති කිරීමට මට අවශ්‍ය වුණේ නැහැ” යැයි ද සූකී කීවාය.

COMMENTS
මෙහෙමයි සුකී නෝනේ. ඇමෙරිකාවේ අය මැරෙන කොට ඒක ත්‍රස්තවාදය. ඒක මර්ධනය කරන්න ඕනේ, ත්‍රස්තවාදියාගේ රටේ මිලියන් 10ක් විතර මරලා. හැබැයි මියන්මාරේ, ලංකාවේ බෞද්ධයෝ මරනකොට ඒක එච්චර ගනං ගන්න ඕනේ දෙයක් නෙමේ. ඒ මිනීමරුවන්ව මරනකොට සහජීවනේ, මානව අයිතිවාසිකම් වගේ ගොඩක් දේවල් බලපානවා. තේරුම් ගන්න දැන්වත්.
තෑගි බෝග, වරප්‍රසාද වලට යට නොවී තමන්ගේ ජනතාව සමග සිටි ඔබට සුභ පතනවා!
නොබෙල් සාම ත්‍යාගය වගේද තමන්ගේ රට, ජාතිය, ආගම විනාශ කිරීම. අපේ රටේ ඉන්න පොල්පිති නායකයින්ට වඞා අපි ඔබතුමියට ගරුකරනවා.
එකට අපේ ලොක්කෝ දෙන්නා...රටම උනත් දෙඉ ....තමන්ගේ වාසියට...
නොබෙල් සාම ත්‍යාගය වගේද තමන්ගේ රට, ජාතිය, ආගම විනාශ කිරීම. අපේ රටේ ඉන්න පොල්පිති නායකයින්ට වඩා අපි ඔබතුමියට ගරුකරනවා.