(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලොසියස් මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි ලබා දීමට අකමැති හෙයින් කොමිසම හමුවේ සාක්කි දීමෙන් වැලකී සිටීමට අවසර දෙන්නැයි කළ ඉල්ලීම සම්බන්ධයෙන් වු කොමිසමේ තීරණය හෙට (13) ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ඇලෝසියස් මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා සමඟින් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම කර තිබිණි.
ඇලෝසියස් මහතා බැඳුම්කර සාක්කි දීමට අකමැති බව කොමිසමට දැනුම් දුන්නත් හෙට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දෙමින් ඇලෝසියස් මහතාට කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් සිතාසියක් බාරදෙනු ලැබ තිබිණි.
ඒ අනුව ඇලෝසියස් මහතා හෙට (13) බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.
COMMENTS
මගේ නිතිය පිලිබදව තිබෙන දැනුම ඉතාමත් අල්ප බැවින් පහත සදහන් ප්‍රශ්නයට මේ ගැන දන්නා මහත්ම,මහත්මියක් සිටිනම් පිළිතුරු සපයන්නේනම් කෘතඥ වෙමි. යම් වරදකට/සැකයකට හසුවූ කෙනෙකුට මෙසේ සාක්කි නොදීමෙන් වැලකී සිටීමට හැකියාවක් තිබේද ???? එසේ හැකියාවක් තිබේනම් " එම විභාගයෙන් " පලයක් තිබේද ????
සල්ලි තියන එකාට ඕනේ නම් සාක්කි දෙන්නත් පුළුවන්, වැඩේ ගස් කියල තෙරෙනේව නම් සාක්කි නොදී ඉන්නත් පුළුවන්, එක තමයි අපේ දියවන්නාවේ නිතිය. දැන් පාලකයොයි කියන එකෙක් කතා කරනවද මහා බැංකු කොල්ලය ගැන. කියන්නෙම 2025 රට කිරියෙන් පැණියෙන් උතුරවනවා කියල රට ඉතුරුවෙලා තිබුනොත් පුළුවන් හරිය විකුණලා. සල්ලි නැති එකාට සාක්කි නොදී හිටියොත් දෙයියන්ගේම පිහිට තමයි. බඩුම තමයි. හතර හන්දි කඩල පොලිසියට අවශ්‍ය විදියට සාක්කිත් ලියාගෙන බලෙන්ම අත්සනුත් අරන් තව නඩුවකුත් සෙට් කරයි අඩු ගානේ කුඩු ටිකක් වත් දාල.
මගේ නූගත්කමට මා විසින් අසන ලද ප්‍රශ්නවලට උගත් බුද්ධිමත් මහත්ම, මහත්මීන්ගෙන් අර්ථවත් විග්‍රහයක් නොලැබීම පිළිබඳව අතිශය කණගාටුවෙමි. අවංකවම මේ ගැන නොදන්නා නිසා පිළිතුරු බලා සිටියෙමි.
එහෙනම් මොන එහෙකටද තවත් මිනිසුන්ගේ මුදල් කාබාසිනියා කරන්නේ? එතකොට මුදල් වංචාවට සම්බන්ධ අයගෙන් ප්‍රශ්න අහන්න නීතියෙන් ඉඩක් නැද්ද? මේක හතර බීරි කතාවක්නේ.