IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සැකකරුවකු ඝාතනය කළ පොලිසියේ පහකට මරණ දඬුවම

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සැකකරුවකුගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන්වූ පොලිස් නිලධාරීන් 5 දෙනකුට අද(30) පානදුර මහාධිකරණය මරණ දඬුවම් නියම කළේය.

1990-6-1 වැනිදා පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් කොල්ලකෑමේ චෝදනාව මත බණ්ඩාරගම අටළුගම පදිංචි මොහොමඩ් මුනාජ් නමැත්තා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ගනිමින් විමර්ශන සිදුකරන අතරතුරදී පොලිස් නිලධාරියකුගේ ගින අවියක් පත්තුවීමෙන් සැකකරු මරණයට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් කළ පැමිණිල්ලකට අනුව අදාළ සැකකරුවන්  චෝදනා දෙකක් යටතේ වැරදිකරුවන් කෙරිණි.

නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වීම සහ මිනී මැරීම යන චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහි චෝදනා ඔප්පුවී ඇතැයි ප්‍රකාශ කළ පානදුර මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මිය පළමු චෝදනාව සඳහා ඔවුන්ට මාස 6ක බරපතල වැඩ සහිත සිර දඬුවම් හා රුපියල් 5000 බැගින් වූ දඩ නියම කළ අතර දෙවැනි චෝදනාව සඳහා මරණීය දණ්ඩනය නියම කළාය.

ඒ අනුව වැරදිකරුවන් වූ මැලව්ව තන්තිරිගේ සමන් පත්මකුමාර(49) - මොරටුමුල්ල උප පොලිස් පරීක්ෂක, නාගහවත්ත මුදියන්සේලාගේ ප්‍රේමරත්න(53) -  ලුනුගල පොලිසිය, බෝල කනහැන්නලාගේ ප්‍රේමකීර්ති උදයකුමාර(52) - මිරිහාන පොලිස් සංදේශ කොට්ඨාසය, කොඩිතුවක්කුගේ සරත් කොඩිතුවක්කු(49) - දෙහිඅත්තකණ්ඩිය පොලිසිය සහ හික්කඩුව කාරියවසම් නාමල් ප්‍රියංග ලියනගේ(49)  - නිවිතිගල පොලිසිය යන අයට එරෙහිව මරණීය දණ්ඩනය නියම කෙරිණි.

 



අදහස් (8)

සැකකරුවකු ඝාතනය කළ පොලිසියේ පහකට මරණ දඬුවම

Mahesh Friday, 30 June 2017 01:39 PM

අවුරුදු 27කට පස්සේ ... මේ වෙද්දි මැරුණු කෙනා වළදාපු තැන ලොකු රූස්ස ගසුත් පැළවෙලා ඇති.

:       41       56

Lawrence Friday, 30 June 2017 04:03 PM

එක අයෙකුගේ ගිණි අවිය පත්තු උනා. මංකොල්ලකාර සැකකරු මිය ගියා. 5 දෙනෙක් ට මරණ දඬුවම​. පොලිස් ටීම් එකේ තව දහ දොලොස් දෙනෙක් හිටිය නම් ඒ අයටත් පෝරකේට යන්න තිබුන​. කොහොමද 100 ක 200ක බැටෑලියන් එකක්ම හිටියනම් !

:       0       0

sisira Saturday, 01 July 2017 01:36 AM

නඩු වවාගෙන කන නීතීඥ කාක්කන්ට අපේ නීති පද්ධතිය තෝතැන්නක් වෙලා.

:       0       0

chaminda Saturday, 01 July 2017 02:55 AM

තීන්දු දෙන්න පමා කිරීම නිසා නීතිඥයන් පෝසත් වෙනවා , පැමිණිලි කරුවන්ට ලොකු අසාදාරනයක් . තීන්දුවක් ලබාගන්න විශාල කාලයක් , මුදලක් වෙන් කරන්න ඕන .

:       0       0

nihal Saturday, 01 July 2017 03:34 AM

මුස්ලිම් හා දෙමල ජාතීන් වෙනුවෙන් මේ රජය කැපවී වැඩ කරන බව පෙනේ ...,

:       0       1

shyamali Saturday, 01 July 2017 04:26 AM

පරක්කු වෙලා හරි වරදිකාරයන්ට දඩුවම් ලැබුණු එක නම් හොදයි.

:       0       0

buddika Saturday, 01 July 2017 02:30 PM

අන්න වැඩ. ඕවනේ මහත්තයෝ වෙන්න ඕනේ...

:       0       0

sisira Sunday, 02 July 2017 02:43 AM

නීතිය වවාගෙන කන නඩු ඉහගෙන කන නීතීඥ කාක්කන්ට අපේ නීති පද්ධතිය තෝ තැන්නක් වෙලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site