IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ශිෂ්‍යත්ව පන්ති ගිය දැරිය සැඩ පහරට හසුවී මරුට

(ප්‍රසාද් රුක්මල් )
 
ශිෂ්‍යත්ව අමතර පන්තියට ගොස්  මව සමඟ  නිවස බලා යමින් සිටි පස්සර මැදවෙලගම එගොඩගල  පාසල් සිසුවියක් සමඟ ඇගේ මව දියකදුරකින් එගොඩ වීමට යාමේදී සැඩපහරකට හසුව ගසාගෙන යාමෙන් දැරිය මියගොස් මව ගල්පරයක සිරවී දිවි බේරා ගෙන ඇතැයි පස්සර පොලිසිය පවසයි .

පස්සර මැදවෙලගම එගොඩගල පදිංචි මැදවෙලගම විදුහලේ  5 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන  දිනිති නිම්සරනී (10)සිසුවිය මෙම අනතුරින් මිය ගොස් ඇත. 
 
මව පස්සර රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි.



අදහස් (5)

ශිෂ්‍යත්ව පන්ති ගිය දැරිය සැඩ පහරට හසුවී මරුට

Lankaputha Sunday, 13 May 2018 01:45 PM

ඉක්මණින් ප්‍රදේශයේ මන්ත්‍රීට කෝටි 4ක වත් අලුත්ම කාර් එකක් ගෙනත් දෙන්න කරුණාකරලා ටැක්ස් නැති කරන්න. දේශපාලකයින් ගැන කියන්නත් ලැජ්ජයි.

:       0       45

Sanath Sunday, 13 May 2018 02:23 PM

අපි පොඩිකාලෙත් තද වැස්සට ගමේ අඩිපාරවල් හරහා ගලන ඇලවල්වල ඇවිදගෙන යනකොට අඩියක් උස්සනකොට ගසාගෙන යන නිසා කකුලේ අඩිය උස්සන්නේ නැතුව ඇදගෙන තමයි ගියේ...

:       0       7

THILINA Sunday, 13 May 2018 04:00 PM

ඇමති හැත්ත බුරුත්තට හන්දි වේදනාවෙන් මිදිලා සුව පහසුවට ගමන් යන්න කෝටි ප්‍රකෝටි ගණන් (අහිංසක රටවැසියන්ගේ වක්‍ර/ඍජු බදු සල්ලි) දීලා වාහන ගේනවා. මේ අහිංසක ළමයින්ට යන්න හරි හමන් පාරක් පාලමක් නැති කමින් ජීවිතයෙන් වන්දි ගෙවන්න වුනා. කෝ මේ දරුවාගේ මුලික මිනිස් අයිතිවාසිකම්? මේවට වග කියන්න ඕනෑ අයට හෙන හත නෙමේ දා හතරක් ගහන්න ඕනේ!!! කියල කිව්වට වැඩක් වෙයිද? වෙන රටක නම් මේ දරුවට කෝටි ගානක් වන්දි ගන්න පුළුවන්. අඩු තරමේ අර සිසු රක්ෂණයවත් හම්බවෙයිද? පව්! අහිංසක දරුවා...

:       0       43

deshamamakaya Sunday, 13 May 2018 05:23 PM

සියලුම දේශපාලකයන් වෙත කෙරෙන අනතුරු අඟවීමි: ජනතාව අසදාරණය ට විරුද්දව නැගිටින දිනය වැඩි ඇතක නොවන බව නොපෙනේද මේ දමන කොමෙන්ට් වලින්

:       0       4

abaranMonday, 14 May 2018 05:46 AM

දේශමාමකයා වෙත, අපි පත්තරෙන් අනතුරු ඇඟෙව්වට දේශපාලකයින් පත්තරේ බලන්නේ නැති නිසා ඒ අය කිසිදෙයක් දන්නෙවත් ගණන් ගන්නෙවත් නැහැ. ඒ වගේම අපි රට ගැන ජනතාව ගැන කොච්චර කොමෙන්ට් දැම්මත් ඒ අයටත් කිසි ගානක් නැහැ. රට යන අත ගැන... රටේ අයට කන්න නැතත් එක සංගීත සංදර්ශනයක් තියලා ඡන්දෙ අරන් දිනන්ට පුළුවන්. දියේ පැහෙනා කකුළුවෝ වාගේ ජාතියක් තමයි ජනතාව කියන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site