IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ශල්‍ය වෛද්‍යවරයාට පහරදුන් තවත් සිසුවෙක් ගිරාදුරුකෝට්ටේදී අල්ලයි

(එස්.එස්.එස්.ගුණරත්න)

පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී අනුරාධපුර ස්නායු ශල්‍ය වෛද්‍යවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර තවත්  සිසුවෙක් ගිරාදුරුකෝට්ට පොලිසිය මඟින් අද (22) අත්අඩංගුවට ගෙන තිබේ.


විශ්ව විද්‍යාල පරිශ්‍රයේ මහාමාර්ගය අසල සිය මෝටර් රථය නවතා සිටියදී සිසුන් පිරිසක් වෛද්‍යවරයාට පහරදී තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සිසුන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති.

අත්අඩංගුවට ගත් මෙම සිසුවා ගිරාදුරුකෝට්ට ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර පේරාදෙණිය පොලීසිය මගින් සිසුවා පිළිබඳව ගිරාදුරුකෝට්ට පොලීසියට ලබා දුන් තොරතුරු අනුව ඔහු පිළිබඳ විමසිල්ලෙන් සිටි පොලීසිය අද සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන  ඇත.  


ඔහු හෙට (23) මහියංගණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (3)

ශල්‍ය වෛද්‍යවරයාට පහරදුන් තවත් සිසුවෙක් ගිරාදුරුකෝට්ටේදී අල්ලයි

Raveendra Wednesday, 22 August 2018 03:16 PM

විනයක් හික්මීමක් හෝ හොද නරක තේරුම් කරගැනීමට නොහැකි මෙවන් අය කිනම් උපාධියක් ලබාගතත් එහි ඵලය කුමක්ද? මෙවන් අයගෙන් රට අවංක සේවයක් සිදුවේද?

:       0       320

nanda Thursday, 23 August 2018 06:40 AM

උසස්පෙළට ඒ තුනක් ගත්තට , උසස් විනයක් හික්මීමක් ගරුකිරීමක් ඉගෙන ගෙන නැති සිසුන් උපාධිය ගත්තටඒ අය සමාජ පිළිකාවන්ය , පාසල් අධ්‍යාපනය තුළ සා.පෙළ , උ .පෙළ පන්ති වලදී විනය පිරිහීම තුල , විශ්ව විද්දියල දකවා පැතිර ගොස් ඇත.

:       0       104

නුවන් Thursday, 23 August 2018 07:03 AM

රටේ මිනිස්සු නීතිය හා සාමය ගැන කතා කරනවා. රටේ හැමතැනම එකම නීතිය ක්‍රියාත්මක නැත්තෙ ඇයි? විශ්ව විද්‍යාලයේ පරිශ්‍රය තුළ නීති ක්‍රියාත්මක කරන්න සිසුන්ට අයිතිය දුන්නෙ මොන පනතෙන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 98 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 364 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site