IMG-LOGO

ශ්‍රී ලන්කන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වෙයි

හර්ෂණ තුෂාර සිල්වා

‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේ මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය සමාගමේ සභාපතිවරයාට බාරද දී ඇතැයි වාර්තා වේ.

සුරේන් රත්වත්තේ මහතා ඉල්ලා අස්වීමේ ලිපිය අද (7) එම සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතාට බාර දී ඇතැයි තවදුරටත් වාර්තා විය. 

‘ශ්‍රී ලන්කන් එයාර්ලයිනස්’ සමාගමේ සිදු කෙරෙන ප්‍රතිව්‍යුහ ගත කිරීම් වලට සහාය දීමක් ලෙසින් ඔහු එලෙස ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇතැයි සමාගම් ආරංචි මාර්ග සඳහන් කරයි. 

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් සුරේන් රත්වත්තේ මහතා ඉවත් කිරීමට අජිත් ඩයස් මහතාගේ සභාපතීත්වයෙන් යුතු අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කර තිබිණි. එහෙත් සුරේන් රත්වත්තේ මහතා අඛණ්ඩව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළේය. 

ඉන්පසු මාර්තු මස 29 වැනිදා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට රංජිත් ප්‍රනාන්දු මහතාගේ සභාපතීත්වයෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කෙරුණි.   

කෝප් කමිටුවට අසත්‍ය තොරතුරු ලබාදුන් බවටද සුරේන් රත්වත්තේ මහතාට චෝදනා එල්ල වී තිබේ. 



අදහස් (6)

ශ්‍රී ලන්කන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වෙයි

td Thursday, 07 June 2018 09:01 PM

ශ්‍රී ලංකාවේ ඉපදී නිදහස් අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකිකයකු හැටියට ශ්‍රී ලන්කන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පාඩු පිට පාඩු ලබමින් තිබෙන ශ්‍රීලන්කන් ගුවන් සේවයෙන් මාසික වැටුප රුපියල් මිලියන තුනක් ලබා ගැනීමට වඩා ඔහුට කළහැකිව තිබුනේ රුපියල් ලක්ෂ තුනක පඩියක් ගෙන තම රට වෙනුවෙන් සේවය කිරීමය. විදේශිකයකු එසේ කලානම් ප්‍රශ්නයක් නැත. ශ්‍රී ලංකාවේ ඉපදී ලංකාවෙන්ම නිදහස් අද්‍යාපනය ලැබූ මෙවැනි ශ්‍රී ලාංකිකයන් දුප්පත් මහා ජනතවගේ බදුමුදල් වලින් මිලියන ගණන් වැටුප් ලබන්නේ නම් එය රටට කරන සේවයක් නොව ඔවුන්ගේ වාසිය ගැන පමණක්ම සිතා කටයුතු කරන පිරිස්ය

:       0       6

RaveendraFriday, 08 June 2018 10:44 AM

td මයා වෙත, ඔබේ ඉතාම නිවැරදි අදහස් සමග අපද සිටින්නෙමු.

:       0       1

Keppetipola Friday, 08 June 2018 12:15 AM

නව අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරලා ඉන්න සුසන්ත කටුගම්පොල කියන පුද්ගලයාට විරුද්ධව ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන ශ්‍රී ලංකික සිසුන්ගෙන් දැඩි චෝදනා තිබෙනවා. මේ සුසන්ත කටුගම්පොල කියන පුද්ගලයා 1989/1990 අවුරුද්දේ ඕස්ට්‍රේලියාවට පැමිණ ලංකාවට නිගරු කර, ලංකාව ජීවත් වෙන්න නුසුදුසු රටක් යයි කියා ඕස්ට්‍රේලියාවෙන් රජයෙන් සරණාගත වීසා ලබාගෙන නොමිලේ නීති උපාධියක් ගෙන ආගමන නීති උපදේශකයකු ලෙස වැඩ කරමින් අහිංසක ශ්‍රී ලංකික සිසුන් රවට්ටා මුදල් ලබාගෙන ඇත. මෙවැනි වංචනිකයින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කලේ කවුරුන්ද? තවත් වංචනික දේශපලකයෙක්ද? මේ සුසන්ත කියන පුද්ගලයා දේශපාලකයන්ගේ පිටිපස්සෙන් ගිහින් ඔවුන්ට බැල මෙහෙවරකම් කරන්න හපනෙකි. පාඩු ලබන ගුවන් සමගමට මෙවැනි පුද්ගලයින් අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කිරීමෙන් තවත් පාඩු ලබනවා මිස කිසිම ලාභයක් ලැබෙන්නේ නැත. මොහු රැවටු අහිංසක සිසුන් තවමත් මොහුට දොස් තියයි.

:       0       0

gallage Friday, 08 June 2018 02:41 AM

කාලා ඉවරයි......

:       0       0

Mangala Friday, 08 June 2018 03:42 AM

මම යූඑන්පී වෘත්තීය සමිති ක්‍රියාකාරී සාමාජිකයෙක් වීමේ වරදට ශ්‍රීලන්කන් ගුවන්සමාගමෙන් අසාධාරණ විදියට රස්සාවෙන් අස්කලා. අවු 13ක් රස්සාව නැතුව හිටියා. අන්තිමට සිරිකොතෙන් ලියුමක් දුන්නා ඔබ බරපතල විදියට දේශපාලන පළිගැනීම් වලට ලක්වෙලා තියෙනවා, යූඑන්පී ආණ්ඩුවක් ආ විගස ඔබට සහන සලසනවා කියලා. තාම ලියුම ෆයිල් එකේ. මේ ආණ්ඩුව අවු 3ක් යනකල් තමන්ගේ පක්ෂ සාමාජිකයින්ට කරපු දෙයක් නැහැ. කළගුණ කියන එක නම් දන්නෙම නැති පක්ෂයක්.

:       0       0

BamunuarachchiFriday, 08 June 2018 10:39 PM

ජේ ආර්. මහත්තයාගේ කාලේ ජුලි වැඩ වර්ජයින්ටත් ඔය දේම උනා. ජීවිතේ අනුන්ට වෙනදේ වලිනුත් තමන් පාඩම් ඉගෙනගන්න ඕනේ. දේශපාලන වශයෙන්බෙදුණු වෘත්තිය සමීතිවලට වැඩකරලා කලගුණ බලාපොරොත්තුවන ඔබ ගැන මට කනගාටුය. වෘත්තිය සමීති තිබිය යුත්තේ වෘත්තයන්ගේ ආරක්ෂා කිරීමට මිස දේශපාලුවට කත් ඇදීමට නොවේ. දෙශපාලුවන්ට කත් නොඅදින වෘත්තිය සමිති බොහොමයක් ලංකාවේ ඇත. ඒ සමීති සාමාජිකයින් පලිගැනීම් වලට මා දන්නා තරමින් ලක්වන්නේ නැත.මෝඩකමට බෙහෙත් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 231 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 754 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1174 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site