IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


ශ්‍රී ලංකා වෙරළ තීරයට අන්තර් ජාතික ප්‍රමිතියක් ලබාගැනීමේ සැලසුමක්

(ඩයනා උදයංගනී)

වෙරළ තීරයන්හි ගුණාත්මක බව තහවුරු කිරීමේ අන්තර්ජාතික ප්‍රමිතියක් වශයෙන් සැලකෙන 'නිල් ධජ' සහතිකය ශ්‍රී ලංකා වෙරළ තීරයට ලබාගැනීමේ වැඩපිළිවෙළක් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය  මගින් ආරම්භ කර තිබේ.

මෙම සහතිකය නිකුත් කරනු ලබන්නේ ඩෙන්මාර්කයේ පරිසර අධ්‍යාපනය පිළිබඳ පදනම මගිනි.

මෙරට සංචාරක කර්මාන්තයට වෙරළ හා සාගරය ආශ්‍රිත ප්‍රදේශ මගින් සියයට 70ක පමණ දායකත්වයක් ලබාදෙන බැවින් එම කර්මාන්තය ආශ්‍රිත ඉලක්ක සපුරා ගැනීමට නම් පිරිසිඳු වෙරළක් හා සාගරයක් පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය බැවින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත.

ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාවට හිමිව ඇති ස්ථානය ආරක්‍ෂා කරගනිමින් 2020 වස විට සංචාරකයින් මිලියන 4ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය ද සපුරා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.

වෙරළට සහ සාගරයට එකතුවන අපද්‍රව්‍යවලින් සියයට 90ක්ම ගොඩබිම මිනිස් ක්‍රියාකාරකම් හා කර්මාන්ත හේතුවෙන් ජනනය වන බව අනාවරණය වී ඇති බැවින් එලෙස එකතුවන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය පවසයි.
         

එහි එක් පියවරක් ලෙස ජල මාර්ග පිරිසිඳුව පවත්වාගැනීමේ වැඩසටහනක් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිවී තිබේ.

 



අදහස් (3)

ශ්‍රී ලංකා වෙරළ තීරයට අන්තර් ජාතික ප්‍රමිතියක් ලබාගැනීමේ සැලසුමක්

Nihal Wednesday, 30 January 2019 11:53 AM

අන්තර් ජාතික ප්‍රමිතියක්? විහිලු, මේ වගේ අපවිත්‍ර මුහුදු වෙරළක් ලෝකේ කොහෙවත් නැහැ. ප්ලාස්ටික් බෝතල්, පොලිතීන්, කුණුගොඩවල්, දුගඳ? මෑතකදී ගල්කිස්සේ මුහුදු වෙරළට ගියා ඇලක් හරවලා වෙරළට එන තනිකරම මැටිවලක්... ප්ලාස්ටික් බෝතලයක් දාන්න කුණු බඳුනක් පළාතක නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් හිස් බෝතලේ ගෙදර ගෙනාවට 100% ක් කරන්නේ නැ. මොවුන්ව හදන්න දැඩි නීති අවශ්‍යයි. ලෝකේ අනිත් රටවල් හදාගත්තේ එහෙමයි. පරිසරය අපවිත්‍ර සෑම රටක්ම දිළිඳුයි..

:       35       30

sarath Wednesday, 30 January 2019 12:03 PM

මිනිස්සුන්ට පොලිතින්, ප්ලාස්ටික් පාරට විසිකෙරුවොත් දඩ ගහන්න. පෙප්සි, කොකාකෝලා කර්මාන්තවලට ප්ලාස්ටික් එකතු කරන්න නීති පනවන්න.

:       0       30

sandy123Wednesday, 30 January 2019 03:19 PM

හොඳ අදහසක්... ප්ලාස්ටික් බෝතලයට අමතර මුදලක් අයකර නැවත භාර දෙන කොට පාරිභෝගිකයාට මුදලක් ලබාදෙන වැඩ පිළිවෙලක් නිසියාකාරව ක්‍රියාත්මක කළොත් යම් දුරකට ප්‍රතිඵලයක් ගත හැකි බව මගේ අදහසයි. ඒ වගේම පාරට ප්ලාස්ටික් බෝතල් විසිකරන පුද්ගලයින්ට එරෙහිව උපරිම දඩ මුදලකට යටත් කරන්න. සිගරට් වලට කළා වගේ වෙනත් නගරයකට ගොස් දඩය ගෙවන ලෙස...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1856 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1497 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site