(ඩයනා උදයංගනී)
වෙරළ තීරයන්හි ගුණාත්මක බව තහවුරු කිරීමේ අන්තර්ජාතික ප්‍රමිතියක් වශයෙන් සැලකෙන 'නිල් ධජ' සහතිකය ශ්‍රී ලංකා වෙරළ තීරයට ලබාගැනීමේ වැඩපිළිවෙළක් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මගින් ආරම්භ කර තිබේ.
මෙම සහතිකය නිකුත් කරනු ලබන්නේ ඩෙන්මාර්කයේ පරිසර අධ්‍යාපනය පිළිබඳ පදනම මගිනි.
මෙරට සංචාරක කර්මාන්තයට වෙරළ හා සාගරය ආශ්‍රිත ප්‍රදේශ මගින් සියයට 70ක පමණ දායකත්වයක් ලබාදෙන බැවින් එම කර්මාන්තය ආශ්‍රිත ඉලක්ක සපුරා ගැනීමට නම් පිරිසිඳු වෙරළක් හා සාගරයක් පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය බැවින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත.
ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාවට හිමිව ඇති ස්ථානය ආරක්‍ෂා කරගනිමින් 2020 වස විට සංචාරකයින් මිලියන 4ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය ද සපුරා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.
වෙරළට සහ සාගරයට එකතුවන අපද්‍රව්‍යවලින් සියයට 90ක්ම ගොඩබිම මිනිස් ක්‍රියාකාරකම් හා කර්මාන්ත හේතුවෙන් ජනනය වන බව අනාවරණය වී ඇති බැවින් එලෙස එකතුවන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය පවසයි.
එහි එක් පියවරක් ලෙස ජල මාර්ග පිරිසිඳුව පවත්වාගැනීමේ වැඩසටහනක් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් ජාතික ප්‍රමිතියක්? විහිලු, මේ වගේ අපවිත්‍ර මුහුදු වෙරළක් ලෝකේ කොහෙවත් නැහැ. ප්ලාස්ටික් බෝතල්, පොලිතීන්, කුණුගොඩවල්, දුගඳ? මෑතකදී ගල්කිස්සේ මුහුදු වෙරළට ගියා ඇලක් හරවලා වෙරළට එන තනිකරම මැටිවලක්... ප්ලාස්ටික් බෝතලයක් දාන්න කුණු බඳුනක් පළාතක නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් හිස් බෝතලේ ගෙදර ගෙනාවට 100% ක් කරන්නේ නැ. මොවුන්ව හදන්න දැඩි නීති අවශ්‍යයි. ලෝකේ අනිත් රටවල් හදාගත්තේ එහෙමයි. පරිසරය අපවිත්‍ර සෑම රටක්ම දිළිඳුයි..
මිනිස්සුන්ට පොලිතින්, ප්ලාස්ටික් පාරට විසිකෙරුවොත් දඩ ගහන්න. පෙප්සි, කොකාකෝලා කර්මාන්තවලට ප්ලාස්ටික් එකතු කරන්න නීති පනවන්න.