IMG-LOGO

2024 මැයි මස 25 වන සෙනසුරාදා


ශ්‍රී ලංකා මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක්

 
 
ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරුන් ලෙස කටයුතු කළ ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මහත්මිය සහ එන්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර මහතා 2020 දෙසැම්බර් 14 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම බැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුරට උසස් කර ඇත.
         
මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය සහිතව මුදල් මණ්ඩලය මෙම උසස් වීම කර තිබේ.
          
ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 30කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර ඇති බැංකු අධීක්ෂන හා නියාමන, විදේශ විනිමය කළමනාකරණ සහ ව්‍යවහාර මුදල් කළමනාකරණ යන ක්ෂේත්‍රවල විශේෂ පළපුරුද්දක් දරයි. ඇය එම කාලයේදී බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ විනිමය පාලක ලෙස ද සේවය කළාය. නියෝජ්‍ය අධිපති ලෙස උසස් කිරීමට පෙර ප්‍රනාන්දු මහත්මිය බැංකු අධීක්ෂණ, ව්‍යවහාර මුදල්, විදේශ විනිමය සහ අර්ථ සාධක අරමුදල් යන දෙපාර්තමේන්තු භාර සහකාර අධිපති ලෙස කටයුතු කළාය.
         
ප්‍රනාන්දු මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී උපාධිය ද හිමි කරගෙන ඇත.
          
එන්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර මහතා මහ බැංකු සේවයේ වසර 27කට අධික කාලයක් සම්පූර්ණ කර ඇති අතර බැංකු අධීක්ෂණය හා නියමානය, විදේශ සංචිත කළමනාකරණය සහ ජාත්‍යන්ත මෙහෙයුම්, දේශීය මෙහෙයුම්, දේශීය මෙහෙයුම්, සාර්ව විචක්ෂණතා අධීක්ෂණය සහ රාජ්‍ය ණය කළමනාකරණය යන අංශවල විශේෂ පළපුරුද්දක් ඇති නිලධාරියෙකි. නියෝජ්‍ය අධිපති ධුරයට පත්වීමට නානායක්කාර මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය, ප්‍රාදේශීය සංවර්ධන, මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා සහ කාර්ය මණ්ඩල සේවා කළමනාකරණ දෙපාර්තමේන්තු භාර සහකාර අධිපතිවරයා ලෙස කටයුතු කළේය.
  
නානායක්කාර මහමතා ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර පිහිටි ඇමෙරිකන් විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය පිළිබඳ විද්‍යාපති උපාධිය ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යවේදී උපාධිය ද ලබා ඇත.

 
- 055



අදහස් (1)

ශ්‍රී ලංකා මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක්

vikum Saturday, 19 December 2020 04:14 AM

රටක සංවර්ධනය හැමවිටම ඒ ඒ අයතනවල පරිපාලකයින් පමණක් මාරු කිරීමෙන්ම පමණක් සිදු නොවේ.. අවශ්‍ය වන්නේ චින්තනය වෙනස් කිරීම පමණි. අප බොහොවිට තෝරාගන්නේ පුද්ගලයා වෙනස් කිරීම විනා, අවශ්‍ය න්‍යායාත්මක වෙනස නොකිරීමයි. පාලකයින්ට ඥාණය පහළ වේවා...!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූෂණ වංචා හොයන නියෝග වතුරේ
2024 මැයි මස 24 691 0

රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතා වැළැක්වීමට දුන් නිර්දේශ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රිය


අල්ලපු ගෙදරින් විදුලිය ගන්න ගිහින් විදුලි සැර වැදී මරුට
2024 මැයි මස 24 900 0

තම නිවසේ විදුලිය විසන්ධි විම නිසා යාබද නිවසකින් විදුලිය ලබා ගැනිමට ගිය පුද්ගලයෙකු විදුලි සැර වැදි අද (24) සවස මියගොස් ඇතැයි හිනිදුම පොලිසිය පවසයි.


සම්බුදු තෙමඟුලෙහි අසිරිය අදත් පැතිරේ
2024 මැයි මස 24 133 0

මුළු දිවයිනම සම්බුදු තෙමඟුලෙන් අසිරිමත් සිරියක් කියා පෑ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය මෙන්ම ඊට පසු දින වූ අද (24) දිනයේද එහි විසිතුරු සහ අලංකාර බව නොඅඩුව


ස්වර්ණාභරණ ආයතන 13ක් හොර පාරෙන් රත්රන් ගෙනත්
2024 මැයි මස 24 912 1

මෙරට ප්‍රධානපෙළේ ස්වර්ණාභරණ නිෂ්පාදන ආයතන 13 ක් වටලා ඔවුන් සතුව තිබූ නීත්‍යනුකූල නොවන මාර්ගවලින් ලබා ගෙන ඇති බව කියන රත්රන් තොගයක් ශ්‍රීලංකා රේගුව


බදුල්ල-කොළඹ පාර දියතලාවෙන් වහයි
2024 මැයි මස 24 364 0

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ දියතලාව හපුතලේ අතර ප්‍රදේශයට නැවතත් අද (24) පස්වරු 6.45 ට පමණ දැවැන්ත කරපන්ටයින් ගසක් කඩා වැටී එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර ව


ඔන්ලයින් ක්‍රමයට සල්ලි ඇද්ද ට්‍රෑෆික් රාලහාමි අත්අඩංගුවේ
2024 මැයි මස 24 547 0

වෙනත් පුද්ගලයකුට අයත් ගිණුමකින් රුපියල් 134,000ක මුදලක් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ තම ගිණුමට බැර කර ගත්තේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයෙක් තලාතුඔය පොලිසිය ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 924 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2480 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2124 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site