(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවන ‘ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය’ සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම එම දෙපාර්ශවයේ නායකයින්ගේ සහභාගීත්වයෙන් මෙම මස 31 වනදා කොළඹ දී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
ඉදිරි මහ මැතිවරණය ඇතුළු මැතිවරණවලදී දෙපාර්ශවය එක්ව ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ ‘පුටුව’ ලකුණින් තරග කිරීම සඳහා මෙම ගිවිසුම අත්සන් තැබීමට නියමිතය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය සහ මහජන එක්සත් පෙරමුණ ඇතුළු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන පක්ෂ රැුසක් එම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතව බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ මේ දිනවල ජපානයේ නිල සංචාරයක නිරත වී සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණීමෙන් පසු එම ගිවිසුමට අත්සන් තැබීමට අදාළ කටයුතු සිදුවන බවයි.
මෙම නව සන්ධානයේ තනතුරු සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා ලංකාවට පැමිණි පසු සාකච්ඡුා කරන බව දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
මෙහි සම නායකයින් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් පත්වනු ඇතැයි වාර්තා වන අතර එහි ලේකම්, ජාතික සංවිධායක, උප සභාපතිවරුන්, උප ලේකම්වරුන් ආදී තනතුරු එම දෙපාර්ශවය අතර මෙන්ම මෙම සන්ධානයේ සෙසු සාමාජික පක්‍ෂ අතර බෙදී යනු ඇතැයි ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨා පරදින නිසා පුටු සිහිනය දකින්න ශ්‍රිලනිපයට අයිතියක් තියෙනවා. හැබයි මෙයා දින්නා නම් පුටුව විසිකරනවා ඒකන්තයි..
බෝට්ටුව ගිලෙන්න යන්නේ... ඉන්න කෙනෙක් බහින්න. කැමති කෙනෙක් නගින්න. 17න් පස්සේ ඉතුරුවෙයි. පොහොට්ටුවේ පෙති හොයාගන්නත් නැතිවෙයි. වෙන පක්ෂ හැදෙන්නේ අලුත් සාමාජිකයින් එකතු කරගෙන මේක පොහොට්ටුවටත් ලැජ්ජාවක්..,
පාර්ලිමේන්තුවේ ශ්‍රීලනිප නියෝජනය බිංදුවටම බහින වැඩක්....
සජිත්ට හොරකම්, වංචා, දූෂණ චෝදනා නැහැ. රජයේ මුදල් අවභාවිතා කළ චෝදනා නැහැ.
මම සටන් පාඨයකුත් දෙන්නද අලුත් සන්ධානෙට. "බඩ වෙනුවෙන් අපි". අර විනය කැඩුවද කොහෙද කියන කට්ටියට දැන් මොකද කරන්නේ? ඒ ගොල්ල අනාගත ඇමතිවරු හින්ද ගෞරවාන්විතව ආපහු ගෙන්න ගම්මුද? ඔතන ඉන්න ත්‍රී වීල් පක්ෂ ගැනත් අනුකම්පාවෙන් බලල මොකක් හරි කට්ටක් විසිකරන්න, හොඳේ?
මෙයාලා අත්සන් කළාට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් වන අපිනේ ඡන්දෙ දෙන්නේ... නොදෙන්නේ... ඒක එදාට බලමු.
මේවා මෙයාලගේ පුද්ගලික වැඩ... ඡන්දෙ දෙන එක අපේ වැඩක්.. මෙයාලා අත්සන් කරයි.. ගණන් කරද්දී පරාදයි.
මේ අත්සන් ගිණුම්වලට කෝටි ගණන් මුදල්.... රටේ මිනිස්සු දන්නවා ගණන් කළාම බලන්න බැරියැ..
පොඩ්ඩක් ඉහත කමෙන්ට් වල සමානකම බැලුවා නම් එකම විදිහට නම ටයිප් කරලා. ඒකත් කැපිටල් අකුරු වලින්... මේකේ හැමදාම අදහස් පල කරපු අපි වගේ අය මේවාට පුදුම වෙන්නේ නැහැ. කාදිනල් තුමා කියපු දේ ආපහු මතක් කරන්නම්.. ඔයා මොන දේ කළත් රටේ මිනිස්සු තීරණය කරලා ඉවරයි කාටද ඡන්දය දෙන්න ඕනේ කියලා...
දැන් එතකොට යූඑන්පී එකත් එක්ක සංධාන ගත වුණා නම්ද නිදහස් පක්ෂය රැකෙන්නේ? කමෙන්ට් බලකාය බරටම වැඩ වගේ...
තරුණ කොල්ලනේ, කෙල්ලනේ නුඹලාට අබසරණ පමණයි. ඇමරිකන්කාරයන් ඇවිල්ලා අායෙත් මෙහෙ කැරකෙනවා. සමහරු ධර්මාශෝකලා ගැනත් කතා කරනවා. හිට්ලර්ලා ගැන කතා කරනවා. සමාජ වාදය ගැන කතාකරනවා. අසාර්ථක රටවල්වල විප්ලව ගැන කතා කරනවා. භූතයාගෙන් ගොයම් කපලා වී අස්වද්දන කාලේ දෑකැත්තයි, මිටියයි ගැන කතා කරනවා. ඔක්කෝටොම ගෙවල් දෙනවා කියනවා. ඔක්කොම විශ්වවිද්‍යාලෙ යවනවා කියනවා. රැස්වීම් වල ව්‍යංගයෙන් කුණුහරුප කියනවා. චූටි දරුවෝ ගැලරියේ ඉන්නකොට පාර්ලිමේන්තුවේ කුණු හරුප කියා ගන්නවා. දේපල විනාශ කරනවා. මේ සෙට් එකක් එක්ක හරියට කල්පනා කරලා කතිරය ගසන්න.
පංච මහා බලවේගයටත් අබ සරණයි.