තිළිණි ද සිල්වා
ශ්‍රී ලංකාව වැනි රටවල් චීනය හා සම්බන්ධවීම ඉතා හොඳ තත්ත්වයක් නොවන බව ඉන්දීය යුද හමුදා ප්‍රධානී බිපින් රාවට් ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය පී.ටී.අයි පුවත් සේවය අද (14) වාර්තා කළේය.
ඊට ඉන්දීය රජය වගකිව යුතු බව ද හෙතෙම ප්‍රකාශ කර ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.
ඉන්දීය සහ පකිස්ථාන දේශසීමාව හා සමානවම ඉන්දීය චීන දේශසීමාව පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව ඉන්දීය හමුදා ප්‍රධානීයා ප්‍රකාශ කර තිබේ. ඉන්දීය හමුදා දිනය වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව පී.ටී.අයි වාර්තාවේ දැක්වේ.
ඉදිරියේදී චීනය සහ ඉන්දියාව අතර ඉතා හොද මිත්‍රත්වයක් පවත්වාගෙන යා යුතු බව සඳහන් කරන ඉන්දීය හමුදා ප්‍රධානීයා පෙන්වා දෙන්නේ ඒ සඳහා ශ්‍රී ලංකාව, නේපාලය, භූතානය, මියන්මාරය සහ බංග්ලාදේශය වැනි රටවල සහය ලබාගත යුතු බවය. එම රටවල සහය ලබා ගැනීම සඳහා ඉන්දීය බලධාරීන් කටයුතු කළ යුතු බව ඉන්දීය හමුදා ප්‍රධානියා වැඩිදුරටත් පවසා ඇත.
මේ වන විට ඉන්දු - චීන දේශසීමා ආසන්නයේ ආරක්ෂක කටයුතු වැඩි කර ඇති බව සඳහන් කරන ඉන්දීය හමුදා ප්‍රධානීයා ඉන්දියාව සතුව ඉතා හොඳ හමුදා ශක්තියක් පවතින බව ද එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනේ තමයි ආසියාවේ අපිට ඉන්න හොඳම මිතුරා. ඉන්දියාව හදන්නේ අපේ රට අඩපණ කරලා ඒ අයට එකතු කර ගන්න. අපි ඉන්දියාවට කැමති නැහැ
මේ ඇමරිකාවේ උපදෙස් පිටද ?
මේවට අහුනොවී අපේ රටේ ආරක්ෂාව ගැන විතරක් හිතමු. චීනය අපට ඉන්න හොඳ මිතුරෙක්. සතුරන්ට මොනවා වුනත් අපට වැඩක් නැහැ.
මහා වංශයෙන් හිතාගෙන හිටියට ඔහොම හොට දාන්න ගිහිං අපේ රටේ කෙනෙක්ම ලවා ඒ ගොල්ලන්ගේ ලොක්කා පරලොව යවා ගත්ත එක මොහුට අමතක වෙලා වගේ...
ඉන්දියාව හොඳ රටක්... එහෙ මිනිස්සුත් හොඳයි. නමුත් නරක අයත් නැත්තෙම නැහැ. ඉන්දියාවේ සහ චීනයේ කටයුතු අප රටට ඉතා වැදගත් වෙනවා.
බුද්ධාගම හැරෙන්නට ඉන්දියාවෙන් ලංකාවට ලැබුන කිසිම හොඳ දෙයක් නැත.